LSN News › Sri Lanka

නීතිඥ සංගමයේ පාර්ලිමේන්තු පැමිණීම: “සියලුම මන්ත්‍රීවරුන්” දැනුවත් කිරීමක්ද? නැතහොත් විපක්ෂ-කේන්ද්‍රීය සාකච්ඡාවක්ද?

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව සියලුම මන්ත්‍රීවරුන් වෙත පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නියෝජිතයින් අද (20) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විපක්ෂ නායකවරයා නීතිඥ සංගමයට ආරාධනා කරමින් සියලුම මන්ත්‍රීවරුන් කැඳවන්නට සූදානම් වීම පිළිබඳ මේ වනවිට බරපතල සමාජ සංවාදයක් ඇති වී තිබේ.

LSN Sri Lanka · 20 August 2026

නීතිඥ සංගමයේ පාර්ලිමේන්තු පැමිණීම: “සියලුම මන්ත්‍රීවරුන්” දැනුවත් කිරීමක්ද? නැතහොත් විපක්ෂ-කේන්ද්‍රීය සාකච්ඡාවක්ද?

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ජ්‍යෙෂ්ඨ අධිකරණවල පවතින පුරප්පාඩු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නියෝජිතයින් අද (20) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ සමගම ප්‍රකාශයේ බරපතල පටිපාටිමය දෝෂ අනාවරණය කරමින් සභානායකවරයා පාර්ලිමේන්තුවට කරුණු දැක්වූයේය. සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගෙනහැර දක්වමින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් රැස් කරමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින වකවානු, කාලවේලාවන් සහ න්‍යාය පත්‍රයන් තීරණය කිරීමේ නිල බලය ඇත්තේ කථානායකවරයාගේ සභාපතිත්වයෙන් රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට බවය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ ආකාරයේ යෝජනාවක් පැමිණි පසු සභානායකවරයාගේ එකඟතාවයක් ද සහිතව එම ක්‍රියාවලිය ඉදිරියට යා යුතු බවත් එවැනි කිසිම යෝජනාවක් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී ඉදිරිපත් වී නැති බවත් සභානායකවරයා පෙන්වා දුන්නේය.

සභානායකවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන් රැස් කිරිමේ බලයක් විපක්ෂ නායකවරයාට නැති බවය. අවශ්‍ය නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත එවැනි රැස්වීමක් පැවැත්වීමට විපක්ෂ නායකවරයා ලෙස ඔහුට හැකි බව සභානායකවරයා ඊයේ පැහැදිලි කර දුන්නේය.

මේ හමුව සම්බන්ධව ඊයේ දිනයේ දීම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය සිය ස්ථාවරය ප්‍රකාශ කළ ආකාරයට අනුව මෙම හමුව සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා පැවැත්වෙන නිල හමුවක් ලෙස පිළිගැනීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරයි. ඔවුන් අවධාරණය කරන්නේ නීතිඥ සංගමය අද පාර්ලිමේන්තුවට ඇවිත් සිදුකරන්නේ විපක්ෂය කේන්ද්‍ර කරගත් සාකච්ඡාවක් පමණක් බවය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ, විපක්ෂ නායකවරයාගේ පැහැදිලි කිරීම් සහ පාර්ලිමේන්තු පටිපාටිය පිළිබඳ කරුණු විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ, අද නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය, නිල දැනුම්දීම් සහ දේශපාලන අර්ථකථන අතර මතුවූ බරපතළ විසංවාදයක් ඇති කරමින් බව පෙනේ.

ආණ්ඩු පක්ෂයේ ස්ථාවරය: “නිල දැනුම්දීමක් නැත - මහජනයා නොමඟ යැවීමක්”

යෝජිත 22 වන සංශෝධනය පිළිබඳව සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා නීතිඥ සංගමයේ නියෝජිතයන් සහභාගී වන කිසිදු රැස්වීමක් පිළිබඳව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී නොමැති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික කීවේය.

සියලුම මන්ත්‍රීවරුන් සහභාගී වන දැනුවත් කිරීමේ හමුවක් සාමාන්‍යයෙන් කථානායකවරයා, සභානායකවරයා සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු ස්ථාපිත පාර්ලිමේන්තු පටිපාටිය අනුගමනය කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. එවැනි නිල ක්‍රියාවලියක් සිදුවී නොමැති බවත්, ආණ්ඩු පක්ෂ කණ්ඩායමට කිසිදු නිල දැනුම්දීමක් ලැබී නැති බවත් ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් නීතිඥ සංගමය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු පිළිගනී.

ආණ්ඩු පක්ෂයේ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ද මෙම ප්‍රකාශයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

“මේ කතාව ඇත්තක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ඕනෑම රැස්වීමකට කැඳවීමට විපක්ෂ නායකවරයාට කිසිදු බලයක් නැහැ. විපක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායකවරයා විසින් සංවිධානය කරන ලද රැස්වීමක් පැවැත්විය හැකියි. නමුත් ඒකට සහභාගී වන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ‘සියලුම මන්ත්‍රීවරුන්’ ලෙස හැඳින්වීම වැරදියි. මේ කියන හමුවීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් සහභාගී වන බව කීමේ උත්සාහය මහජනයා නොමඟ යැවීමක්,” යයි ඇය පවසන්නීය.

තමන්ට ආරාධනා කර ඇත්තේ ද්වි-පාර්ශ්වික එකඟතාවයකින් කෙරෙන හමුවකට නොවන බව තේරුම් ගැනීමට තරම් පාර්ලිමේන්තු පටිපාටිය පිළිබඳ අවබෝධයක් නීතිඥ සංගමයට තිබිය යුතු බව පෙන්වා දෙන ඇය, පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවක සමස්ත පාර්ලිමේන්තුව ඇමතීමට ඕනෑම කණ්ඩායමකට අවස්ථාව දිය හැකිද යන්න ප්‍රශ්න කරයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන්නේ කිසිදු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු මෙම අවස්ථාවට එක් නොවන බවය.

“විපක්ෂ නායකවරයාගේ පැහැදිලි කිරීම: “ආරම්භයේදී විපක්ෂයට, පසුව සියලුදෙනාට”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේ, යෝජිත 22 වන සංශෝධනය සහ ජ්‍යෙෂ්ඨ අධිකරණවල පුරප්පාඩු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා නීතිඥ සංගමයේ නියෝජිතයින් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවය.

තමා මූලිකවම විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා දැනුවත් කිරීමක් ඉල්ලා සිටි බවත් (ජූනි 08 වනදා BASL සභාපති වෙත යැවූ ලිපිය මඟින්), පසුව එය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටි බවත් (ජූලි 30 වනදා) ඔහු සඳහන් කළේය. මේ පිළිබඳව කථානායකවරයාට ද ලිඛිතව දැනුම් දුන් බවත්, නීතිඥ සංගමය බ්‍රහස්පතින්දා දිනයේ පැමිණිය හැකි බව තහවුරු කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සියලුම මන්ත්‍රීවරුන් රැස් කිරීමට විපක්ෂ නායකවරයාට ව්‍යවස්ථාපිත හෝ පටිපාටිමය බලයක් නැති බව පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව තහවුරු වී ඇති වටපිටාවක, නිශ්ඡිත පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එවැනි හමුවක් සංවිධානය වී නැති බව අනාවරණයව වන වටපිටාවක,  නීතිඥ සංගමයේ නියෝජිතයින් අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

22 වන සංශෝධනය සහ BASL හි විරෝධය

22 වන සංශෝධන පනත් කෙටුම්පත අගෝස්තු 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

යෝජිත සංශෝධන

* ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා දීර්ඝ කිරීම.

* අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා දීර්ඝ කිරීම.

* අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව වැඩි කිරීම.

ආණ්ඩුවේ තර්කය: අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නඩු ප්‍රමාදය අවම කිරීම.

නීතිඥ සංගමයේ ස්ථාවරය: මෙය අධිකරණ ස්වාධීනත්වයට එල්ල වන තර්ජනයකි. මේ මඟින් වත්මන් විනිසුරුවරුන්ට පසුගාමී ලෙස බලපෑමක් සිදුවන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 107 වගන්තිවලට පටහැනි වේ.

මෙම කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි බවට තීන්දු කරන ලෙස ඉල්ලමින් BASL සංගමය අගෝස්තු 18 වනදාම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කළේය. මීට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද BASL නියෝජිතයින් සාකච්ඡා කළද අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවූයේ නැත. ආණ්ඩුව අපේක්ෂා කරන්නේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල් භාගයේදී මෙම පනත සම්මත කර ගැනීමටය.

පටිපාටිය, භාෂාව සහ දේශපාලන ගැටුම

මෙම සිදුවීමේදී මූලිකම ගැටලුව බවට පත්ව ඇත්තේ “සියලුම මන්ත්‍රීවරුන්” යන භාෂාත්මක සහ පටිපාටිමය යෙදුමය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් මුණගැසීමට නීතිඥ සංගමය එකඟ නොවන බව ඔවුන් නිල වශයෙන්ම ප්‍රකාශ කර තිබිය දී අද පාර්ලිමේන්තුවට එන බව පෙනෙන්නේ මේ සියලුම මන්ත්‍රීවරුන් යන ආවරණය යටතේය.

එවැනි පසුබිමක විපක්ෂ නායකවරයා මුලින් විපක්ෂයට පමණක් සීමා කළ ආරාධනාව, පසුව සියලු මන්ත්‍රීවරුන්ට විවෘත කිරීමට උත්සාහ කළද, ආණ්ඩු පක්ෂය තර්ක කරන්නේ නිල පාර්ලිමේන්තු පටිපාටියකින් තොරව එවැනි දැනුවත් කිරීමක් සමස්ත පාර්ලිමේන්තුව උදෙසා සංවිධානය කළ නොහැකි බවය. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සියලු මන්ත්‍රීවරුන් ඇමතීමේ නිල බලතල පවතින්නේ කථානායකවරයා සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සතුව බවය.

නීතිඥ සංගමය විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවීම ඔවුන්ගේ අයිතියක් වුවද, එය සමස්ත පාර්ලිමේන්තුවේම හමුවක් ලෙස හඳුන්වාදීම පටිපාටිමය වශයෙන් දෝෂ සහිත බවත්, එය මහජනයා නොමඟ යැවීමක් බවත් ආණ්ඩු පක්ෂයේ මතය වී ඇත.

අවසාන වශයෙන්, මෙය හුදෙක් පටිපාටිමය ගැටලුවක් පමණක් නොව, 22 වන සංශෝධනය වටා ගොඩනැඟී ඇති පුළුල් දේශපාලන හා ව්‍යවස්ථාපිත ආතතියේ ප්‍රතිඵලයකි. අධිකරණ ස්වාධීනත්වය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව ආණ්ඩුව, විපක්ෂය සහ නීති ප්‍රජාව අතර පවතින මෙම මතභේදය ඉදිරියේදී තවදුරටත් දැඩි වනු ඇතැයි අපේක්ෂා කළ හැක.