LSN News › Sri Lanka

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ යෝෂිත රාජපක්ෂට කොළඹ මහාධිකරණයෙන් අධිචෝදනා භාර දෙයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කළ නඩුවකට අදාලව අධිචෝදනා පත්‍ර භාරදීම අද (20) කොළඹ මහාධිකරණයේදී සිදුවිය.

LSN Sri Lanka · 20 August 2026

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ යෝෂිත රාජපක්ෂට කොළඹ මහාධිකරණයෙන් අධිචෝදනා භාර දෙයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කළ නඩුවකට අදාලව අධිචෝදනා පත්‍ර භාරදීම අද (20) කොළඹ මහාධිකරණයේදී සිදුවිය.

2006 සැප්තැම්බර් 1 වනදා සිට 2007 ජූනි 8 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, වසන්ත කරන්නාගොඩ විසින් අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ විධායක ශාඛාවේ කැඩට් නිලධාරියකු ලෙස බඳවා ගනිමින් අයුතු ලෙස බ්‍රිතාන්‍යයේ බ්‍රිටැනියා රාජකීය නාවික විද්‍යාලයේ (Britannia Royal Naval College / Royal Navy Young Officers’ Course) පුහුණු පාඨමාලාව සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැරව රාජ්‍ය අරමුදල් යොදවා මෙම විදේශීය පුහුණුව ලබාදීම හරහා රජයට පාඩුවක් සිදු කිරීම සහ යෝෂිත රාජපක්ෂට අයුතු ලාභයක් ලබාදීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 08ක් අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කර ඇත.

මෙම සිදුවීමට අදාළව පසුගිය ජූනි 17 වනදා යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට රුපියල් මිලියන 5 බැගින් වූ පෞද්ගලික ඇප තුනක් මත නිදහස් වීමට අවසර දෙමින් විදේශ ගමන් තහනමක් ද පැනවීය.

පසුව ජූලි 3 වනදා අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බොදරගම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 2.5 බැගින් වූ පෞද්ගලික ඇප දෙකක් මත නිදහස් කෙරුණු අතර ඔහුට ද විදේශ ගමන් තහනමක් පැනවිණි.

අගෝස්තු මුල සතියේදී අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව, අද දින මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකරුවන්ට සිතාසි නිකුත් කර තිබුණි.

අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව, චෝදනා කියවා දීම ඇතුළු නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.