LSN News › Sri Lanka

නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට නොපැමිණෙන්ට තීරණය කරයි...: මන්ත්‍රී දැනුවත් කිරීම කල්දමන්නැයි නීතිඥ සංගමය සජිත්ගෙන් ඉල්ලයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කිරීමට යෝජිතව තිබූ විශේෂ වැඩසටහන කල්දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර තිබේ.

LSN Sri Lanka · 20 August 2026

2026 අගෝස්තු 19 දිනැතිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියගේ අත්සනින් යුතුව විපක්ෂ නායකවරයා වෙත යොමු කර ඇති ලිපියක මේ බව සඳහන් වේ.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි සුදුසු අවස්ථාවක් උදාවන තුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට කටයුතු කරන ලෙස නීතිඥ සංගමය එමගින් ඉල්ලා සිටියි.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමය සතු ගැටලු සහ නිරීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා හොඳින් වටහා ගැනීමටත්, අගය කිරීමටත් අවස්ථාව සැලසෙන පරිදි දෙපක්ෂයේම එකඟතාවයෙන් සහ සහභාගීත්වයෙන් මෙය පැවැත්වීම ඉතා කාලෝචිත මෙන්ම ජාතික වැදගත්කමකින් යුත් පියවරක් බව සංගමය විශ්වාස කළ බව ලිපියේ දැක්වේ.

කෙසේ වෙතත්, අගෝස්තු 19 වැනිදා පාර්ලිමේන්තුවේ සිදුවූ කටයුතු සහ රජය විසින් ප්‍රකාශයට පත් කළ ස්ථාවරය සැලකිල්ලට ගැනීමේදී, මේ සම්බන්ධයෙන් කිසිදු පොදු එකඟතාවක් නොමැති බවත්, රජයේ මන්ත්‍රීවරුන්ට මෙම දැනුවත් කිරීමේ අවස්ථාව ලබා දීමට දැනට රජය තුළ උනන්දුවක් නොමැති බවත් පෙනී යන බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

යෝජිත සංශෝධනයට විපක්ෂය සෘජුවම සිය දැඩි විරෝධය පළ කර ඇති පසුබිමක, මෙවැනි දැනුවත් කිරීමේ හමුවක් පැවැත්වීම තුළින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තම ස්ථාවරය අපක්ෂපාතීව නැවත සලකා බැලීමට මහත් පිටුවහලක් වන්නට ඉඩ තිබූ බවද නීතිඥ සංගමය පෙන්වා දෙයි.

මෙම ව්‍යවස්ථාපිත සංවාදයේ ප්‍රගතිශීලී පියවරක් ලෙස මෙවැනි දැනුවත් කිරීමේ හමුවක් යෝජනා කිරීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සිය ස්තූතිය ද පළ කර තිබේ.