සූර් වී විභාග රාජකාරි කරමින් සිටි මැදිරිගිරිය උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ශාලාධිපතිගේ සහ සම්බන්ධීකරණ නිලධාරීගේ වැඩ තහනම්!
උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක රාජකාරියේ නිරතව සිටියදී මත්පැන් පානය කර සිටි බවට චෝදනා එල්ල වූ විභාග ශාලාධිපතිවරයාගේ සහ සම්බන්ධීකරණ නිලධාරියාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
LSN Sri Lanka ·

මැදිරිගිරිය ප්‍රදේශයේ පිහිටි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක රාජකාරියේ නිරතව සිටියදී මත්පැන් පානය කර සිටි බවට චෝදනා එල්ල වූ විභාග ශාලාධිපතිවරයාගේ සහ සම්බන්ධීකරණ නිලධාරියාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් සඳහන් කළේ මෙම නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු පාසල් විදුහල්පතිවරයෙකු වන අතර අනෙක් පුද්ගලයා හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලක ගුරුවරයෙකු බවය.

විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ විභාග මධ්‍යස්ථානය විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බවත්, එහිදී අනාවරණය වූ කරුණු මත පදනම්ව මෙම විභාග ශාලාධිපතිවරයා සහ සහකාර සම්බන්ධීකරණ නිලධාරියා අදාළ විභාග මධ්‍යස්ථානයේ රාජකාරිවලින් වහාම ඉවත් කිරීමට පියවර ගත් බවත් හෙතෙම පැවසීය.

දැනට සිදුකෙරෙමින් පවතින මූලික විමර්ශන කටයුතු අවසන් වූ පසු අදාළ නිලධාරීන් දෙදෙනාට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර ද ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවලින් විභාග නිලධාරීන් මත්පැන් පානය කර රාජකාරි කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ අවස්ථා වාර්තා වී තිබේ. 2025 අගභාගයේදී කිලිනොච්චිය ප්‍රදේශයේ විභාග ශාලාධිපතිවරයෙකුගේ වැඩ මේ ආකාරයෙන් තහනම් වී තිබිණි.