LSN News › Sri Lanka

නීතිඥ සංගමයේ ලිපිය සහ පැය කිහිපයකින් වෙනස් වූ වචන හරඹය!

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වීමට යෝජිත දැනුවත් කිරීමේ වැඩසටහනක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යවන ලද නිල ලිපියක අන්තර්ගත එක් තනි වචනයක් හේතුවෙන් මේ වන විට විශාල ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.

LSN Sri Lanka · 20 August 2026

නීතිඥ සංගමයේ   ලිපිය සහ පැය කිහිපයකින් වෙනස් වූ වචන හරඹය!

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) යනු මෙරට නීති ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය පිළිබඳ ලකුණය. එහි නිල ප්‍රකාශනයක් බරපතල ගැඹුරක් සහිත ලේඛනයකි. එහි භාවිත කරන වචනවල ධ්වනිතාර්ථ සාමාන්‍ය වචන භාවිතයකට වඩා එපිටට ගොස් විශාල ව්‍යාකූලතාවයන් මතු කරයි. මේ සවරූපය අද රට අත් දුටුවේය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වීමට යෝජිත දැනුවත් කිරීමේ වැඩසටහනක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යවන ලද නිල ලිපියක අන්තර්ගත එක් තනි වචනයක් හේතුවෙන් මේ වන විට විශාල ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.

අදාළ ලිපියේ ඇතුළත් "position of the government expressed threat" යන වාක්‍ය ඛණ්ඩය හරහා අර්ථ ගැන්වෙන්නේ "රජය ප්‍රකාශ කළ තර්ජනාත්මක ස්ථාවරය" යන්නය. මේ ලිපියේ දක්වා ඇති තර්ජනය සම්බන්ධව නීතිඥ සංගමය වෙනුවෙන් විපක්ෂ නායකවරයා පෙනී සිටින බව කීවේය. අජික් පී පෙරේරා මේ කර ඇත්තේ තර්ජනයක් බව පැවසුවේය. ආණ්ඩු පක්ෂය මෙයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, තමන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව මෙවැනි හමුවක් විය යුතු ආකාරය සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමක් සිදු කළා මිස කිසිදු තර්ජනයක් එල්ල නොකළ බවය. වචනවල නිරවද්‍යතාව සහ බරපතලකම පිළිබඳ මනා අවබෝධයක් ඇති නීතිඥ වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් සංගමයක් මෙවැනි බරපතල චෝදනාවක් නැගීම පිටුපස ඇති "තර්ජනයේ ස්වරූපය" කුමක්දැයි පැහැදිලි කළ යුතු බවත්, එසේ නොමැති නම් එම වැරැද්ද නිවැරදි කරගත යුතු බවත් ආණ්ඩුව සෘජුවම අවධාරණය කළේය.

එක් පස්වරුවක් තුළ වෙනස් වූ නීතිඥ සංගමයේ ප්‍රකාශ

මෙම සිදුවීමේ වඩාත්ම ආන්දෝලනාත්මක සහ ගැටලුසහගත තත්ත්වය මතුවන්නේ අදාළ ලිපිය නිකුත් වීමෙන් අනතුරුව, පැය කීපයක් අතුළත නීතිඥ සංගමයේ ඉහළම නිලධාරීන් විසින් ලබාදුන් පරස්පර විරෝධී ප්‍රකාශ මාලාවත් සමඟය.

පස්වරු 1.10 - සභාපතිවරයාගේ පළමු ප්‍රතිචාරය:

නිව්ස්ෆස්ට් (News 1st) ආයතනය නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ "ලිපියේ අන්තර්ගතය පදනම් කරගන්න. වැඩිදුර විස්තර සඳහා පසුව අමතන්න" යනුවෙනි.

පස්වරු 2.06 - ලේකම්වරයා තර්ජනය ප්‍රතික්ෂේප කරයි:

ඊට පැය දෙකකටට පමණ පසු නිව්ස්ෆස්ට් ආයතනය නීතිඥ සංගමයේ ලේකම් නලින් ද සිල්වාගෙන් කරුණු විමසා තිබුණු අතර, ඔහු කියා සිටියේ "රජය විසින් සිදු කරන ලද කිසිදු තර්ජනාත්මක ප්‍රකාශයක් පිළිබඳව මෙම ලිපියේ සඳහන් වන්නේ නැත" යනුවෙනි.

පස්වරු 3.33 - වචනය "Thereat" ද? (දිනමිණ වාර්තාව):

නමුත් පස්වරු 3.33 ට දිනමිණ පුවත්පත වාර්තා කළේ, අදාළ වාක්‍යයේ ඇත්තේ "threat" (තර්ජනය) යන්න නොව, "thereat" (ඒ සම්බන්ධයෙන්) යන්න විය හැකි බවට සභාපති රජීව් අමරසූරිය තමන් වෙත ප්‍රකාශ කළ බවය. නීතිමය භාෂාවේදී "thereat" යන්න සාමාන්‍ය භාවිතයක් වන බැවින්, මෙය අක්ෂර වින්‍යාසමය වැරැද්දක් (Typographical Error) ලෙස සලකා මුළු සිද්ධියම වෙනත් මගකට යොමු වීමට ඉඩ තිබුණි.

පස්වරු 4.09 - නැවතත් "Threat" බව ලේකම් කියයි:

දිනමිණ වාර්තාවෙන් පසුව, නිව්ස්ෆස්ට් ආයතනය නැවතත් ලේකම් නලින් ද සිල්වා අමතා කරුණු විමසූ විට, ඔහු ප්‍රකාශ කර සිටියේ "නිවැරදි වචනය වන්නේ 'threat' (තර්ජනය) යන්නයි. එය නිවැරදි කරන ලෙස රජීව් දිනමිණ පුවත්පතට දැනුම් දුන්නා" යනුවෙනි.

පස්වරු 4.33 - සභාපතිවරයා තර්ජනය තහවුරු කරයි:

මිනිත්තු කිහිපයකට පසු දිනමිණ පුවත්පත වාර්තා කළේ, රජීව් අමරසූරිය නැවතත් තමන් වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින්, අදාළ වචනය "thereat" නොව "threat" (තර්ජනය) බව තහවුරු කළ බවයි. දිනමිණ ඩිජිටල් අංශය ද නීතිඥ සංගමයේ සභාපතිවරයා තමන් අමතා එම වචනය "threat" (තර්ජනය)බව තහවුරු කර කි බව වාර්තා කළේය.

මතු වන වෘත්තීය ගැටලු

මෙම සිදුවීම් මාලාව දෙස විමර්ශනාත්මකව බලන විට කරුණු කිහිපයක් පැහැදිලි වේ:

නිල සංදේශයක පවතින අසංවිධානාත්මක බව: මෙය කෙටුම්පත් සටහනක් හෝ අනධ්‍යයන මට්ටමේ සන්නිවේදනයක් නොව, විපක්ෂ නායකවරයා වෙත යැවූ නිල ලේඛනයකි. එය යවන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව එම සංගමය මගින් සිදුකිරීමට අපේක්ෂා කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමක් සම්බන්ධවය. රටේ අතිශය සංවේධි කාරණාවක් පිළිබඳව නීතිඥ සංගමය විසින් යැවූ ලේඛනයක අන්තර්ගත අර්ථය සම්බන්ධව එකම සංගමයක සභාපතිවරයා සහ ලේකම්වරයා මාධ්‍ය හමුවේ එකිනෙකට පරස්පර ප්‍රකාශ ලබා දෙමින් අනවශ්‍ය සංවාද මාතෘකාවක් සපයා තිබිණි.

මුලින් "thereat" ලෙස පැහැදිලි කිරීමක් කරමින් වැරැද්ද නිවැරදි කිරීමට උත්සාහ කර, පසුව නැවතත් එය "threat" (තර්ජනය) බවටම තහවුරු කිරීමට නීතිඥ සංගමයට සිදුවිම එක්තරා ආකාරයකට දෛවෝපගතය. මක්නිසාද යත් නීතිඥයන් යනු ලිඛිත වචනයක් වෙනුවෙන් ඉහළම වගකීමක් දරන පිරිසක් විමය. රජයක ස්ථාවරයක් "තර්ජනාත්මකයි" ලෙස නිල වශයෙන් ලේඛනගත කරන්නේ නම්, ඒ සඳහා පැහැදිලි පදනමක් තිබිය යුතුය. එසේ නොමැතිව, චෝදනාව නැගීමත්, මගහැර යාමට උත්සාහ කිරීමත්, නැවතත් එය තහවුරු කිරීමත් නීතිඥ සංගමය වැනි ඉහළ වෘත්තීය ආයතනයක හැසිරිම නොවේ.

වචනය "thereat" වුවද "threat" වුවද දැන් හානිය සිදුවී හමාරය. නීතිඥ සංගමය වැනි රටකට වැදගත් ආයතනයක් මේ තරම් සිල්ලර නොවිය යුතු බව පුරවැසියන්වන අපේ විශ්වාසය ය.