LSN News › Sri Lanka

ජාතියේ යශෝරාවය නිහඬය... යළි ඒ මියුරු සුගායනය ඇසෙන්නේ නැත...

ඇය ගායිකාවක නොවූ බව ඔබට සහතික කර කිව හැකිය. ජාතිකය හෘද ස්ඵන්දය ස්ඵර්ෂ කරමින් පීඩිත ජන ප්‍රජාවක් වෙනුවෙන් යහපත් දේශයක් උදෙසා ප්‍රතිලාභ විරහිතව කෙරෙන සුගායනයක් ඇත්තේ ගියාකවක කරන ගායනයකට වඩා බොහෝ ඔබ්බෙනි.

LSN Sri Lanka · 20 August 2026

ජාතියේ යශෝරාවය නිහඬය...  යළි ඒ මියුරු සුගායනය ඇසෙන්නේ නැත...

ඒ පුවතින් ඇති කළ කම්පනය තවමත් පහව ගොස් නැත. ඇය අප හැර ගොස්ය. නන්දා මාලනිය යනු කලෙක අප විසින් අත් හල ජීවිතය යළිත් අප වෙත බලාපොරොත්තුවේ එළිපොදකින් ගොතා අපට ගෙනත් දුන් මහා පෞරුෂය බව ලියා තබමි.

ඇය ගායිකාවක නොවූ බව ඔබට සහතික කර කිව හැකිය. ජාතිකය හෘද ස්ඵන්දය ස්ඵර්ෂ කරමින් පීඩිත ජන ප්‍රජාවක් වෙනුවෙන් යහපත් දේශයක් උදෙසා ප්‍රතිලාභ විරහිතව කෙරෙන සුගායනයක් ඇත්තේ ගායනයකට වඩා බොහෝ ඔබ්බෙනි.

අප පසු කර පැමිණි අතීතයේ මරණයේ බිහිසුණු සෙවනැලි අතර ජීවිතය ගැන පහන් එළි පොදක් මවා දුන්නී මාලනිය ය. පවන මහා මේඝයක් වී 88 -89 වකවානුවේ අපේ වියලි පරඬැල් ජීවිත මත පතිතව ලා දළු පත් පුබුද වූ බව මහා ගෞරවයකින් ලියා තබමි. අද සමාජ දේශපාලන ක්ෂේත්‍රය තුළ

යම් සංකල්පීය පරිවර්තනයක් සිදුවී ඇති නම් ඊට කලාත්මක අධ්‍යාත්මයක් ලබා දුන් යුග ලකුණ ලෙස මාලනිය ය.

ඇය අප හැර යන්නී 82 හැවිරිදි වියේදී ය. තව දින තුනකින් ඇය 83 වැනි විය සැපිරීමට අපේක්ෂාවෙන් සිටියාය. 2026 අගෝස්තු 20 වන අද දින පස්වරුවේ මාලනිය නාවල පිහිටි සිය නිවසේදී සමුගත් බව පවුලේ ඥාතීහු තහවුරු කළහ.

දිවි සැරියේ ඇඹුම

නන්දා මාලනිය උපත ලබන්නී 1943 අගෝස්තු 23 වන දිනය. අලුත්ගම ලෙවන්දූවේ ගැමි පරිසරයක උපත ලැබූ ඇය මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා වූවාය. ඒ පවුලේ නව දෙනෙකි. සිවු වෙනියා ඇය ය. ඇයගේ පියා දුගී සන්නාලියෙකි. මව ලියනගේ එමිලි පෙරේරා ගෘහණියකි.

මේ පවුල නඩත්තු කිරීමේ දෙමව්පියන්ගේ අභිලාෂය පහසු එකක් වූයේ නැත. ගම් බිම් හැර දා ඇය සහ පවුලේ අය කොටහේන කාසිවත්තේ පදිංචියට එන්නේ යන්තම් ජීවත් වීමේ අපේක්ෂාව සහිතවය.

කොටහේනට පදිංචියට පැමිණි නන්දා මාලනිය අධ්‍යාපනය ලැබුවේ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙනි. එහි සේවය කළ ටී. එන්. මාග්‍රට් පෙරේරා ගුරුතුමිය නන්දා මාලනියන්ගේ ගායන කුසලතාව හඳුනා ගත්තාය. 1956 වසරේදී බොරැල්ල YMBA හි පැවති ‘පද්‍ය ගායන’ තරගයකින් රන් පදක්කම දිනාගැනීමට සමත් වූ ඇය, ගුරුතුමියගේ මැදිහත්වීම මත ලංකා ගුවන්විදුලි සංස්ථාවට යොමු කෙරිණි. කරුණාරත්න අබේසේකරයන්ගේ සුප්‍රකට ‘ළමා මණ්ඩපය’ වැඩසටහනෙන් ‘බුදු සාදු’ ගීතය ගායනා කරමින් ඇය සිය අමරණීය සංගීත යාත්‍රාව ආරම්භ කළාය.

ඒ ගමන පහසු එකක් වූයේ නැත. මාලනිය ඒ ගමනේ දුර්ග සහ මුහුණ දුන් ගැහැට පසු කාලීයක දී රටට කීවාය. ඒ මහා දුර්ගයන් ජිවිත අපේක්ෂා සහිතව ජයගත හැකි ආකාරය පරපුරකට කියා දීම සඳහාය.

සිනමා පසුබිම් ගායනය සහ ශාස්ත්‍රීය අධ්‍යාපනය

1961 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ සිනමාපටය වූ ‘රන්මුතු දූව’ වෙනුවෙන් පසුබිම් ගායිකාවක ලෙස තේරී පත්වීම ඇගේ කලා ජීවිතයේ තවත් විශාල සංධිස්ථානයක් විය. පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සංගීතයට නාරද දිසාසේකර සමග ගායනා කළ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය ඇගේ ප්‍රථම සිනමා ගීතය වූ අතර, එම වසරේ පැවැති සරසවිය සම්මාන උළෙලේදී හොඳම ගායිකාවට හිමි සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය.

බී. වික්ටර් පෙරේරා යටතේ සංගීතය ප්‍රගුණ කරමින් හේවුඩ් කලා ආයතනයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඇය, 1963දී ඉන්දියාවේ ලක්නව්හි පිහිටි භාත්ඛන්ඩේ සංගීත විද්‍යාලයට ඇතුළත් වූවාය. 1984දී එහිදී පළමු පෙළ සම්මාන සහිතව විශාරද උපාධිය ලබාගැනීමට සමත් වූවාය. ඇගේ කලාත්මක සම්ප්‍රදාය ඇගයීමට ලක් කරමින් 2017 වසරේදී ශ්‍රී ලංකා දෘශ්‍ය හා ප්‍රදර්ශන කලා විශ්වවිද්‍යාලය විසින් ඇයට ‘දර්ශන සූරී’ (ගෞරව ආචාර්ය උපාධිය) ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකින් ගෞරව ආචාර්ය උපාධියක් ලැබූ ප්‍රථම කාන්තා කලාකාරිනිය වන්නේද ඇයය.

ඒක පුද්ගල ප්‍රසංග සංස්කෘතිය සහ ‘පවන’ විප්ලවය

1971දී අමරදේවයන් සමග ‘ශ්‍රවණ ආරාධනා’ ප්‍රසංගයට එක්වූ ඇය, 1973දී සිය ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංග මාලාව ආරම්භ කරමින් ප්‍රසංග 530කට අධික සංඛ්‍යාවක් පවත්වා 1979දී එය නිමා කළාය. ඉන්පසුව 1981දී ආරම්භ කළ ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංග මාලාව 1984 දක්වා ප්‍රසංග 500කට අධික ප්‍රමාණයක් පවත්වමින් අතිශය සාර්ථකත්වයට පත් විය.

ඇගේ වෘත්තීය ජීවිතයේ මෙන්ම ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ විප්ලවීය සන්ධිස්ථානය සලකුණු වූයේ 1987 ජූනි මාසයේදී ආරම්භ වූ ‘පවන’ ප්‍රසංග මාලාවත් සමගිනි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද රචනයෙන් සහ නන්දා මාලනියන්ගේ පෞරුෂපූර්ණ හඬින් ජීවමාන වූ මෙම ගීත එකතුව, එකල පැවැති සමාජ අසාධාරණය, පීඩනය සහ ජනතාවගේ දුක්ඛිත තත්ත්වය හමුවේ නිර්භයව හඬ නැඟීය. ‘යදමින් බැඳ විලංගුලා’ වැනි ගීත හරහා පීඩිත ජනතාවගේ පරම හඬ බවට පත්වූ ඇගේ මෙම ප්‍රසංග මාලාව මාස 18ක් ඇතුළත වාර 205කට අධික සංඛ්‍යාවක් වේදිකාගත විය. එකල පැවැති රජය විසින් ඇගේ ගීත ගුවන්විදුලි හා රූපවාහිනී විකාශනය තහනම් කළද, ජනතා හදවත් තුළ එම හඬ තහනම් කිරීමට කිසිවකුටත් නොහැකි විය.

‘පෙරදා මහ රෑ’, ‘පහන් කන්ද’, ‘සත්‍යයේ ගීතය’, ‘පවන’, ‘හේමන්තයේදී’, ‘තාරුකා ඇස්’, ‘සින්දු හෝඩිය’, ‘කිඳුරියකගේ විලාපය’, ‘මල්මඳ බිසව්’, ‘කිරිමදුවැල්’, ‘යාත්‍රා’, ‘හඳහාමි’, ‘කුංකුම පොට්ටු’, ‘මලට රේණු’, ‘නිලම්බරේ’ සහ ‘සාරි පොඩිත්තක්’ වැනි ගීත එකතු හරහා ළමා, ආගමික මෙන්ම දෙමළ භාෂාමය ගීතද ගායනා කරමින් ඇය සමස්ත ලාංකේය සමාජයේම ආදරය දිනාගත්තාය. මීට අමතරව 1984දී ‘නන්දා මාලනී ආශ්‍රමය’ පිහිටුවමින් නව පරම්පරාවට සංගීත දායාදය තිළිණ කිරීමටද ඇය කටයුතු කළාය.

ඇගයීම් සහ ගෞරව සම්මාන

සිය අනුපමේය සේවය උදෙසා සරසවිය සම්මාන 11ක් සහ ජනාධිපති සම්මාන 8කට හිමිකම් කී ඇය, 1995-98 කාලසීමාවේදී මෙරට වඩාත්ම ජනප්‍රිය ගායිකාව ලෙසද සම්මාන ලැබුවාය. ඇයට කෙරෙන ඉහළම ගෞරවයක් ලෙස 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 09 වන මැදිරිය ‘ආචාර්ය නන්දා මාලනී මැදිරිය’ ලෙස නම් කරනු ලැබීය.

ඇය වෙනුවෙන් විශේෂ මැදිරි අනවශ්‍ය බව පමණක් අවසානයේ ලියා තබමි. නන්දා මාලනිය වෙනුවෙන් මේ රටේ සිංහල ගීත ප්‍රේමී සහෘද හදවත් තුළ සදා කාලික මන්දිරයක් නිර්මාණය වී ඇති බැවිනි.