LSN News › Sri Lanka

ජීවත් වී පෙන්නූ බරසාර යථාව අවසන් ගමනේ දී සහතික කළ නන්දා මාලනිය: අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහ නැතිව සෙනසුරාදා බොරැල්ලේ දී!

විශාරද නන්දා මාලනිය සිය අවසන් කැමැති පත්‍රයේ කිසිම රාජ්‍ය ගෞරවයක් නොපවත්වන ලෙස ඉල්ලා සිටින්නීය. රජයෙන් කිසිම අනුග්‍රහයක් ලබා නොගන්නා ලෙසත් දන්වන්නීය. ගුණ කථන සහිත දීර්ඝ අවමංගල සභාව නොපත්වන ලෙස දන්වන්නීය. ජීවත් වූ චාම් සරල ආකාරයෙන්ම ඇය සිය අවසන් ගමන යන්නට සූදානම්ය. එවන් මහා බරසාර ගැහැනු ලෝකයේ වෙති.

LSN Sri Lanka · 20 August 2026

ජීවත් වී පෙන්නූ බරසාර යථාව අවසන් ගමනේ දී සහතික කළ නන්දා මාලනිය: අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහ නැතිව සෙනසුරාදා බොරැල්ලේ දී!

ජීවත් වී පෙන්නූ බරසාර යථාව අවසන් ගමනේ දී ඇය සහතික කර ප්‍රකාශ කර තිබේ. විශාරද නන්දා මාලනිය සිය අවසන් කැමැති පත්‍රයේ කිසිම රාජ්‍ය ගෞරවයක් නොපවත්වන ලෙස ඉල්ලා සිටින්නීය.

තමා ජීවත් වූ නාවල විජයබා මාවතේ නිවසින් සිය දේහය වෙනත් තැන්වලට රැගෙන නොයන ලෙසත්, රජයෙන් කිසිදු අනුග්‍රහයක් අවසන් කටයුතු සඳහා ලබා නොගන්නා ලෙසත්, ගුණ කථන සහිත අවමංගල්‍ය සභා නොපත්වා ඉතාම චාම් ලෙස අවසන් කටයුතු නිම කරන ලෙසත් අන්තිම කැමැත්තෙන් ඉල්ලා සිටි මේ උත්තම කලාකාරිණිය ඒ අනුව සෙනසුරාදා ජාතියෙන් සමු ගෙන නික්ම යෑමට නියමිතය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ කතාව මාධ්‍යයට දැක්වූයේ මෙසේය:

"නන්දා මාලනි මහත්මිය තමන්ගේ අවසන් කැමති පත්‍රයේ තමන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකළ යුතු විදිහ ලියලා තියනවා. අපි හැම කෙනෙක්ම මේ පවුලේ සාමාජිකයො ඇතුළු සියලු දෙනා ඒ අන්තිම කැමති පත්‍රයේ තිබුණු හැටියට තමයි කටයුතු කරන්නේ.

ඒ නිසා කාරණා අනුව සිකුරාදා උදේ 10ට ඇය පදිංචිවෙලා හිටිය නාවල පාර විජේබා මාවතේ අංක 30 නන්දා මාලනී සංගීතාශ්‍රමයට ගෙන එනවා. ඊට පස්සේ ඇයගේ දේහය සෙනසුරාදා පස්වරු තුනයි තිහ දක්වා මහජන ගෞරවය සඳහා නිවසේම තැන්පත් කරනවා.

බොහෝ දෙනා අපෙන් ප්‍රශ්න කරන්න පුලුවන් ඇයි එහෙම කරන්නේ... වෙන තැනකට දේහය ගෙනියන්නෙ නැත්තේ ඇයි කියලා. ඇය කියලා තියෙන්නේ මගේ නිවසින් පිට මගේ දේහය ගෙනියන්න එපා කියලා.

හැකිතාක් චාම් විදිහට අවසන් කටයුතු කරන්න කියලා. ඒ නිසා අපි මේ පවුලේ සියලු දෙනාම තීරණය කළා අනිද්දා සෙනසුරාදා පස්වරු 3.30ට දේහය මෙහෙන් අරන් යනවා. අරන් ගිහින් බොරැල්ලෙ කනත්තේ ආදාහනාගාරයේ තමයි අවසන් කටයුතු කරන්නෙ.

මොනම විදිහකවත් උත්සව සභාවක් කතා පැවැත්වීමක්, ශෝක ප්‍රකාශ කියවීමක් කිසිම දෙයක් නෑ. ඒක එතුමියගේ ඉල්ලිම. ඒ ඉල්ලීම අනුව අවමංගල්‍ය සභාවක් නොපත්වා සවස 5ට ඉතාම චාම් විදිහට මේ අවමංගල්‍ය කටයුතු කරන්න තීරණය කරලා තියනවා.

ආගමික වතාවත් කරනවා. සෙනසුරාදා උදේ 10ට නිවසේ දී."

මේ අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත නන්දා මාලනියගේ නිවසට පැමිණ තිබිණි. ජනාධිපතිවරයා දන්වා තිබුණේ ඇත්තේ රාජ්‍ය ගෞරවය සඳහා සුදුසු ඇයට නිසි ගෞරවය ලබා දීමට කටයුතු සැලසුම් කරන ලෙසය. ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා පැමිණ තිබුණේ පවුලේ අය සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ සඳහන් කළේ මෙවැන්නකි:

"ජනාධිපති තුමා අප මෙතෙන්ට යොමු කළේ රජය පාර්ශවයෙන් ලබා දිය හැකි උපරිම ගෞරවය ලබා දෙන්න. රාජ්‍ය ගෞරවය ලබා දීම සඳහා මේ මොහොතේ පවුලේ සාමාජිකයන් සමග සාකච්ඡා කළා. ඔවුන්ගේ කාරුණික ඉල්ලීම වූයේ නන්දා මාලනියගේ අවසන් කැමති පත්‍රය පරිදි රජයේ කිසිදු අනුග්‍රහයක් ලබා නොගෙන මේ කටයුතු කරන්න.

ඊට ගෞරව කරමින් අපි රජය විදිහට මේ මොහොතේ දිය හැකි ගෞරවය ලබා දෙනවා."

ජීවත් වෙමින් ජීවිතයෙන් ලබා දුන් ජීවිතාර්ථය අවසන් මොහොතේ දී තීව්‍ර ලෙස සාධනය කරන ප්‍රතිපත්ති ගරුක මිනිස්සු මේ ලෝකයේ දුලබය. මාලනිය ඒ මහා පෞරුෂවත් කුලකයේ විශ්වීය කාන්තා ලකුණක් බව ලියා තබමු.