LSN News › Sri Lanka

අහිමි වුනේ අසහාය කලා පෞරුෂයක් පමණක් නොවෙයි... අපේ පරම්පරාවේ ජීවිතවලට ඉතාම හුරු පුරුදු හඬයි... අගමැතිනිය පාර්ලිමේන්තුවේ දී මාලනිය ගැන කියයි!

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අද්විතීය පෞරුෂය වූ නන්දා මාලනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද ගෞරව දැක්වූයේය. අගමැතිවරිය විපක්ෂ නායකවරයා මෙන්ම කථානායකවරයා ද ඇයගේ අභාවය සම්බන්ධව ශෝකය ප්‍රකාශ කළහ.

LSN Sri Lanka · 21 August 2026

අහිමි වුනේ අසහාය කලා පෞරුෂයක් පමණක් නොවෙයි... අපේ පරම්පරාවේ ජීවිතවලට ඉතාම හුරු පුරුදු හඬයි... අගමැතිනිය පාර්ලිමේන්තුවේ දී මාලනිය ගැන කියයි!

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අද්විතීය පෞරුෂය වූ නන්දා මාලනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද ගෞරව දැක්වූයේය. අගමැතිවරිය විපක්ෂ නායකවරයා මෙන්ම කථානායකවරයා ද ඇයගේ අභාවය සම්බන්ධව ශෝකය ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තු සැසිය ආරම්භ වන්නේ අගමැතිවරිය කළ ඉල්ලිමට අනුව සභාව මිනිත්තුවක නිශ්බ්දතාවයක් ආරක්ෂා කිරීමෙන් අනතුරුවය. සිය ජීවිතයට බද්ධ වූ හුරු පුරුදු හඬක නික්ම යෑම කලා ක්ෂේත්‍රයේ අසම සම කලා පෞරුෂයක වෙන්වීමකටත් වඩා තදින් තමන්ට දැනෙන බව ප්‍රකාශ කරමින් අගමැතිවරිය විසින් ඇය සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කළාය.

එම ප්‍රකාශය මෙසේය.

"ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට ආසන්න කාලයක් සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත අසා මා ඉමහත් සංවේගයට පත් වුනා. “

නන්දා මාලිනී මහත්මියගේ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථාව ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ වියෝව මට දැනෙන්නේ හුදෙක් ශ්‍රී ලාංකීය සංගීතයේ අසමසම කලා පෞරුෂයක් අපට අහිමි වීමක් ලෙස පමණක් නොවෙයි. අපේ ජීවිත වලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත්, වේදනාවේදීත් අප සමග සිටි හුරුපුරුදු හඬක් අපෙන් වෙන් වීමක් ලෙසයි.“

“එතුමියගේ ගීත අපේ පරම්පරාවේ ජීවිත අත්දැකීම් සමග බැඳී තිබූ අතර, ඒ මනරම් හඬ සමග ගොඩනැගුණු මතකයන් අද ඇයගේ වියෝව සමග වඩාත් තදින් සිහිපත් වෙනවා.“

“ළමාවියේදී 'බුදු සාදු මම සඳුන් ගසක් වෙන්නම්' ගීතය ගායනා කරමින් සංගීත ලොවට පා තැබූ එතුමිය ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ ගුරුහරුකම් ලබමින් 'රන්මුතු දූව' චිත්‍රපටය ඔස්සේ සිනමා ගීත ක්ෂේත්‍රයට පිවිසියා.

එතැන් සිට දශක ගණනාවක් පුරා එතුමියගේ හඬ අපේ නිවෙස්වලත්, අපේ පාසල් සමයේත්, අපගේ උත්සව හා ජාතික අවස්ථාවලත් නිහඬව අපේ දෛනික ජීවිතය සමග ගමන් කළා. එතුමිය ගැයූ ගීත බොහොමයක් අපට හුදෙක් අසන්නට ලැබූ ගීත නොව අපේම ජීවිතයේ කොටස් බවට පත්ව තිබුණා.

එතුමියගේ ගායන දිවිය ශ්‍රී ලාංකීය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව මෙරට ජන ජීවිතයේත්, සමාජ වලයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයන්. ප්‍රේමය සහ විරහව වැනි මානව හැඟීම් ගැලීමෙන් ඔබ්බට ගිය එතුමිය පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගල සිය ගීත තුළින් හඬක් බවට පත් කළා.

ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව අපේ සමාජයේ හඬයි.

එතුමිය කිසිවිටකත් සමාජයෙන් වෙන් වූ කලාකාරිනියක් වුනේ නෑ. අයුක්තිය ඉදිරියේ නිහඬ නොවෙමින් සාමය සහ සහජීවනය වෙනුවෙන්ද, මනුෂ්‍යත්වය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන්ද ඇය නොබියව සිය හඬ අවදි කළා.

'පවන' සහ 'සත්‍යයේ ගීතය' වැනි නිර්මාණාත්මක මැදිහත්වීම් ඔස්සේ එතුමිය අපට පෙන්වා දුන්නේ කලාකරුවෙකුගේ හඬට සමාජයේ වේදනාව වෙනුවෙන් කතා කළ හැකි බවත්, ගීතයකට මිනිසා තුළ සංවේදීත්වය අවදි කරමින් යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවක් ගොඩනැගිය හැකි බවත්...

නන්දා මාලිනී මහත්මියගේ ගීත සමග මගේ පෞද්ගලික මතකයන්ද බොහෝයි. ඇතැම් ගීත අසා ඇත්තේ සතුටින් පිරුණු අවස්ථාවලදීයි. ඇතැම් ගීත වේදනාවක් හෝ නිහඬ මොහොතක් සමග බැඳී තිබෙනවා. තවත් ඇතැම් ගීත අප ජීවත් වූ කාලය, අපි මුහුණ දුන් සමාජ අත්දැකීම් සහ අප තුළ තිබූ බලාපොරොත්තු මතක් කර දෙනවා.

එබැවින් එතුමියගේ හඬ අපට හුදෙක් සංගීතය නොවේ. එය අපේ ජීවිතය සමග ගමන් කළ, අපේ හැඟීම් හඳුනාගත්, ඇතැම් විට අප වෙනුවෙන්ම කතා කළ හඬක් වුනා.

ශාස්ත්‍රීය සංගීතයේ ගැඹුරු ප්‍රගුණත්වයත්, අසමසම හඬ පෞරුෂයත්, හැඟීම් ප්‍රකාශ කිරීමේ විශිෂ්ට හැකියාවක් සමග ශ්‍රී ලාංකීය ගීත කලාවට එතුමිය එක්කළ දායකත්වය අතිමහත්."

එහෙත් එතුමිය ලද සම්මාන හා ගෞරව සියල්ලටම වඩා පරම්පරා ගණනාවක ජනතාවගේ හදවත් තුළ එතුමිය දිනාගත් ආදරය ඇගේ කලා මෙහෙවරේ සැබෑ අගය සනිටුහන් කරනවා.

මගේ පරම්පරාවටත් මටත් එතුමියගේ හඬ එතරම්ම සමීප වූයේ ඒ නිසායි.

අද එතුමියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ ශ්‍රී ලාංකීය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමග බැඳුණු ආදරණීය හඬක් ගැනද මා සිහිපත් කරනවා.

අදින් වසරකට ඉහත මෙවැනිම දිනක එතුමියගේ 82 වෙනි ජන්ම දිනය සමරමින් එතුමියගේ මියුරු හඬ සජීවීව විඳිමින් අපි ආදරය සහ ගෞරවය පුද කරන්නට ලැබුණු ඒ අවස්ථාව මේ මොහොතේදී මම ඉතාමත් ගෞරවයෙන් හා සංවේදයෙන් සිහිපත් කරනවා.

දශක ගණනාවක් පුරා අප සමග ගමන් කළ ඒ හඬ අද නිහඬ වූවද එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත් අපේ හදවත් තුළත් දිගටම ජීවත් වෙනු ඇති.

එතුමිය දායාද කළ ගීත සමුදායත්, ගොඩනැගූ කලා සම්ප්‍රදායත්, සමාජය වෙනුවෙන් කලාකරුවෙකුට ඉටු කළ හැකි වගකීම පිළිබඳ තැබූ ආදර්ශයත් මතු පරම්පරාවටද මග පෙන්වනු ඇතැයි විශ්වාස කරනවා.

එතුමියගේ හඬ ඉදිරියටත් ඇසෙනු ඇත්තේ ගීතයක් ලෙස පමණක් නොව යුක්තිය, සාමය, මනුෂ්‍යත්වය සහ මේ දේශය කෙරෙහි වූ ආදරය වෙනුවෙන් නැගුණු එඩිතර හඬක් ලෙසයි.

අපේ ජීවිතයේ බොහෝ මතකයන්ට හඬක් වූ, පරම්පරා ගණනාවක් ආදරයෙන් වැළඳගත්, ශ්‍රී ලාංකීය ගීත කලාවේ අමරණීය පරිච්ඡේදයක් සනිටුහන් කළ ආචාර්ය නන්දා මාලිනී මහත්මියට මගේ ගෞරවයත්, ආදරයත් පුද කරනවා.

එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා."