LSN News › Sri Lanka

දේශාපාලන ස්වයං විවේචනයක් සමග විපක්ෂ නායකවරයා නන්දා මාලනියගේ අභාවය ගැන පාර්ලිමේන්තුවේ දි කළ කතාව...

තමන් දේශපාලනයේ සිටියේ නැති අතීත යුගයක සිදුවූ වැරදි සම්බන්ධව විවේචනාත්මක ස්ථාවරයක හිඳිමින් විපක්ෂ නායකවරයා කීවේ තමන් සිටගත් මානව ප්‍රේමී ස්ථාවරයේ සිට ජීවිතයම ඒ වෙනුවෙන් කැප කළ ප්‍රතිපත්ති ගරුක මහා කලා පෞරුෂයක් නැවත මේ රටේ බිහිවනු ඇතැයි තමන් නොසිතන බවය.

LSN Sri Lanka · 21 August 2026

දේශාපාලන ස්වයං විවේචනයක් සමග විපක්ෂ නායකවරයා නන්දා මාලනියගේ අභාවය ගැන පාර්ලිමේන්තුවේ දි කළ කතාව...

නන්දා මාලනියගේ අභාවය සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දේශපාලන හැඟීමකින් තොර සංවේදී ප්‍රකාශයක් අද පාර්ලිමේන්තුවේ දී කරනු ලැබුවේය.

ඇය වෙනුවෙන් ප්‍රකායට පත් කළ විනාඩියක නිශ්ශබ්දතාවය ගැන නොදත් නිසා ඊට එක්වීමට නොහැකි වීම ගැන හෙතෙම සමාව ඉල්ලා සිටියේය. තමන් දේශපාලනයේ සිටියේ නැති අතීත යුගයක සිදුවූ වැරදි සම්බන්ධව විවේචනාත්මක ස්ථාවරයක හිඳිමින් විපක්ෂ නායකවරයා කීවේ තමන් සිටගත් මානව ප්‍රේමී ස්ථාවරයේ සිට ජීවිතයම ඒ වෙනුවෙන් කැප කළ ප්‍රතිපත්ති ගරුක මහා කලා පෞරුෂයක් නැවත මේ රටේ බිහිවනු ඇතැයි තමන් නොසිතන බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ පැවසුවේය.

මම පුද්ගලිකව කුඩා කාලයේ සිට හොඳන් හඳුනා ගත්තු කිසිම දේකට නැමුනෙ නැති මහ ජනතාවත් එක්ක හැම විටම හිටගත්තු කලාකාරිණියක ලෙස, මානව දයාව කරුණාව අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණ ශ්‍රේෂ්ඨ කලාකාරිණියක ලෙස අපට හඳුන්වන්නට පුලුවන්.

මම නන්දා මාලනී මැතිනිය ආමන්ත්‍රණය කළේ නන්දා මාලනී ඇන්ටි කියලා. අපි ඒ තරමට පොඩි දවස්වල සිට එතුමිය ආශ්‍රය කළා. එතුමියගේ සංගීත කලාව තුළ ඉතාමත්ම විශිෂ්ඨ ගණයේ ශූරත්වයක් කුසලතාවයක් හැකියාවක් තිබුණා.

මට මතක් වෙනවා විශේෂයෙන්ම මේ රටේ පරිවර්තනාත්මක යුගයක් නිර්මාණය වුන 77 මැතිවරණ ව්‍යාපාරය. කලාකරුවන් අතරින් සංගීතඥයින් අතරින් සියට 95ක්ම එක්සත් ජාතික පක්ෂ වේදිකාවෙ සිටියා. නමුත් ගරු නන්දා මාලනී මැතිනිය ඒ වේදිකාවෙ සිටියේ නෑ. හෘද සාක්ෂියට එකඟව එතුමිය තුළ තිබුණ විශිෂ්ඨ උතුම් මානව හිතවාදී සංකල්පයන් තුළ එතුමිය දරපු මතක කිසිදාක නොවෙනස්ව නොකිලිටිව තමන් හිටගත්තු ස්ථාවරයේ ඉන්නා විශිෂ්ඨ ගුණාංගය එතුමිය සතුව තිබුණා.

අපේ රටේ විවිධ කාලවකානුවවන් තුළදී අපේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයන් තුළ අප දන්නවා ඛේදවාචකයන් රැසක් නිර්මාණය වුනා. අපි අවංකවම හදවතට එකඟව කියන්න කැමතියි 71 කාලවකාවානුවත් 88-89 කාල වකවානුවත්... ඒක අපේ රටේ ඉතිහාසයේ සිදුවුන ඛේදවාචකයක්... ඛේදනීය තත්ත්වයක්...

ගරු නන්දා මාලනී මැතිණිය ඒ විවිධ අවස්ථාවන් වලදී අපේ රටේ යොවුන් පරපුර වෙනුවෙන් මානව සම්පත වෙනුවෙන් මානව හිතවාදිත්වය වෙනුවෙන් ඒ වගේම මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් වෙනුවෙන් කෙලින්ම හිටගත්තා.

අපි දන්නවා විවිධ අවස්ථාවන්වලදී එතුමියගේ ආකල්පවලට ඒ අදහස්වලට පවතින ආණ්ඩුත් විරුද්ධ වුනා. අපි ඇත්ත කතා කරනවා නම් සමහර විට රාජ්‍ය මාධ්‍යවලදී එතුමියට ලබා දුන් ඉඩකඩ අහිමි කළා. මම ඒ කාලයේ දේශපාලනයේ හිටියෙ නෑ. නමුත් එ් කාරණය කියනකොට එම පාර්ශවයේ සිටි අප අපටම ඇඟිල්ල දික් කරගැනීමත් වැදගත්.

නන්දා මාලනී මැතිණිය විශිෂ්ට කලාකාරිණියක්. එතුමිය තුළ ඒ තිබුණු කුසලතාවය ඒ ශක්තිය අති විශිෂ්ඨයි. අපට මතක් වෙනවා අපේ ගරු ලතා වල්පොල මැතිනිය, ගරු ඇන්ජලීන් ගුණතිලක මැතිනිය වගේ ඒ කාලයේ බිහිවුන කලාකාරිණියන් අතර විශිෂ්ඨත්වයේ ඉහළටම ගිය කලාකාරිණිය හැටියට අපට නන්දා මාලනි මැතිනිය හඳුන්වන්නට පුලුවන්.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හිටගත්තා. මානව අයිතිවාසිකම් උල්ලංඝනය වනවිට නොපැකිලව එළියට ආවා. කිසිදාක තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ නෑ. නොපැකිලව නොබියව තමන් විශ්වාස කළ මතය වෙනුවෙන් හැම විටම පෙනී සිටියා.

ඒ නිසා නන්දා මාලනී ඇන්ටිගේ ඒ නිර්මල චරිතය ඒ කිිසිදාක පැත්තෙන් පැත්තට යන්නේ නැතිව ශක්තිමත් මතකය සිටීම ලංකාවාසී ලක්ෂ 220ක් ජනතාවටම ආදර්ශයක්. එතුමියගේ හදිසි අභාවය අප හැමෝටම දුකට කරුණක්. විශේෂයෙන්ම කලා සංගීත ක්ෂේත්‍රයට වැඩි ඇල්මක් දක්වන මට ඒ පුවත විශාල කම්පනයක් වුනා.

මේ අවස්ථාවේ දී මා සමාව ඉල්ලා සිටිනවා... විනාඩියක නිශ්ශබ්දතාවය පිළිබඳව මම දැනගෙන හිටියෙ නෑ. දැනගෙන හිටියා නම් එම අවස්ථාවට සහභාගී වෙනවා. මදක් ප්‍රමාද වුනා මේ සභාවට පැමිණීමේ දී. ඒ පිළිබඳවත් මා සමාව ඉල්ලා සිටිනවා. කණගාටුව පල කරනවා. අපගේ සාතිශය සංවේගය අප පුද කර සිටිනවා.

නැවත වරක් නන්දා මාලනී මැතිනිය වැනි දක්ෂතාවය කුසලතාවය හැකියාව තියන උතුම් විශිෂ්ඨ කලාකාරිණියක් බිහි වෙයිදෝ කියලා අපට හිතාගන්න අමාරුයි. එතුමිය රටටත් කලාවටත් සංගීත ක්ෂේත්‍රයටත්, ඒ වගේම දේශපාලනයේ විශ්වාස කළ මතයත් එක්ක නිරතුරුවම රැඳී ඉඳලා ඒ ස්ථාවරාත්මකව හිට ගැනීම පිළිබඳවත් අපේ අවංක ගරුත්වය තිබෙනවා.

විශේෂයෙන්ම එතුමියගේ අභාවය පිළිබඳ ඒ පවුලේ සියලුම සාමාජිකයින්ට අපේ බලවත් ශෝකය පල කරනවා. එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

කතානායකවරයාත් නන්දා මාලනියගේ අභාවය ගැන ශෝකය ප්‍රකාශ කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර සිටියේය.