LSN News › Sri Lanka

විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් තෙදිනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ!

ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත

LSN Sri Lanka · 21 August 2026

විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් තෙදිනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ ස්වර්ණමය සලකුණ වූ ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කර ඇති බවයි.ඊයේ (20) පස්වරුවේ නාවල පිහිටි ඇයගේ පෞද්ගලික නිවසේදී විශාරද නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වන විට 82 වැනි වියේ පසු වූවාය.

ඇයගේ අවසන් කැමැත්තට ගරු කරමින් ඇය වෙත රාජ්‍ය ගෞරව පුද කිරීමේ රාජ්‍ය අභිලාෂය වැලකී තිබේ.

එමෙන්ම ඇයගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් පරිදි කිසිදු අවමංගල්‍ය සභාවක්, ගුණකථන හෝ ශෝක ප්‍රකාශ කියවීමක්ද සිදු නොකෙරේ.

මහජන ගෞරවය පිණිස දේහය අද (21) පෙරවරු 10:00 සිට නුගේගොඩ, නාවල පාරේ පිහිටි "නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ" තැන්පත් කර තැබෙන අතර, අගෝස්තු 22 වන සෙනසුරාදා පස්වරු 3:30 ට දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස් පස්වරු 5:00 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.