LSN News › Sri Lanka

පෙරහැර සඳහා හීලෑ අලින් ලබාදීමට නව ගැසට් නිවේදනයක් නුදුරේදීම!

පෙරහැර සහ ආගමික සංස්කෘතික උත්සව සඳහා හීලෑ අලින් ලබාදීමේ කටයුතු විධිමත් කරමින් ඊට අදාළ නව ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

LSN Sri Lanka · 21 August 2026

පෙරහැර සඳහා හීලෑ අලින් ලබාදීමට නව ගැසට් නිවේදනයක් නුදුරේදීම!

පෙරහැර සහ ආගමික සංස්කෘතික උත්සව සඳහා හීලෑ අලින් ලබාදීමේ කටයුතු විධිමත් කරමින් ඊට අදාළ නව ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණී කිරිඇල්ල යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. දැනට පෙරහැර සඳහා යොදාගන්නා අලින්ගෙන් බහුතරයක් වයස අවුරුදු 65 ත් 70 ත් අතර පසුවන බව මන්ත්‍රීවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

පෙරහැර හෝ වෙනත් ආගමික උත්සව සඳහා අලින් ලබාදීම අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එම සංස්කෘතික සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද සඳහන් කළේය.

"පෙර අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනයේ ඇතැම් වගන්ති ඉවත් කිරීමට අධිකරණ තීන්දු කිහිපයක් හේතුවෙන් සිදු වුණා. ඒ අනුව බුද්ධශාසන අමාත්‍යාංශය සහ විෂය ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම විශේෂඥයන් සමග සාකච්ඡා කර නව ගැසට් නිවේදනයක් මේ වන විට සකස් කර තිබෙනවා. එහි අවසන් අදියරේ කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, පෙරහැර සඳහා හීලෑ අලින් ලබාදීම සම්බන්ධයෙන් වන කරුණු විශේෂයෙන්ම ඊට ඇතුළත්," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සංස්කෘතික හා ආගමික උත්සව සඳහා අලින් යොදාගැනීම නියාමනය කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වෙන පසුබිමක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම කරුණු හෙළිදරව් කර ඇත.