යළි කිසිදින පක්ෂ දේශපාලනය නොකරන බව ඉමිටියාස් බාකීර් මාකර් කියයි!
යළි කිසි දිනක පක්ෂ දේශපාලනය නොකරන බව සමගි ජන බලවේගයේ හිටපු සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් පවසයි.
LSN Sri Lanka ·

යළි කිසි දිනක පක්ෂ දේශපාලනය නොකරන බව සමගි ජන බලවේගයේ හිටපු සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් පවසයි.

ගත් තීරණය යළි කිසිදින ආපසු නොහරවන බවද ඔහු සඳහන් කළේය.

ඔහු විසින් රචිත "හෘද සාක්ෂිය හා සුපිරි බලයෙන් පාගා දැමෙන උපන් බිමේ උරුමය - පලස්තීනය" ග්‍රන්ථය මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් වෙත පිරිනැමීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉවත්වූ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස නැවත පැමිණ සභාපති ධුරය භාරගන්නා ලෙස ඉල්ලා සිටි බවත්, තමන් ඉන් ඉවත් වූයේ යළි පක්ෂ දේශපාලනය කිරීමේ අදහසින් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

අධිකරණය හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී සියලු දෙනාගේ අදහස් විමසීම මගින් මතුවන ගැටලු අවම කරගැනීමට හැකි වන බවද ඔහු පැවසීය.

මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ජාතීන් අතර පවතින අසමානකම් ආයුධයක් කරගනිමින් බලයට පැමිණීමට උත්සාහ කරන නායකයන් නොව, ජාති, ආගම් හා පක්ෂ භේදයෙන් තොරව සියලු ජාතීන් එකතු කළ හැකි නායකයන් බවද ඔහු පෙන්වා දුන්නේය.

පවතින තත්ත්වය තුළ තමන් යළි කිසිදින දේශපාලනයට නොපැමිණීමට තීරණය කර තිබුණද, රටේ අභිවෘද්ධිය උදෙසා තමන්ගෙන් ඉටුවිය යුතු සේවය ඒ ආකාරයෙන්ම ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.

පක්ෂ, පාට හා පටු දේශපාලන වාසි සඳහා වාද කරමින් නොසිට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජනතාවට යහපත් හෙට දවසක් උදාකර දීම පිණිස සියලු දෙනා එකට එක්ව ක්‍රියා කරනු දැකීම තමන්ගේ අපේක්ෂාව බවද ඔහු කීවේය.

ජාති, ආගම්, කුල හා පන්ති භේද මුල්කරගනිමින් දශක පහක් පුරා රණ්ඩු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රචණ්ඩත්වය සමාජගත වී ඇති බවත්, සියලු දෙනා එකතු වී ගමනක් යා යුතු කාලය දැන් එළඹ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගයට උතුරේ ජනතාව වැඩි වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් ඔවුන් තබා ඇති බලාපොරොත්තු කොපමණදැයි තේරුම් ගත හැකි බවත්, මෙවැනි අවස්ථාවක අසමානතා මතු කරමින් බෙදුම්වාදී අදහස් ඉදිරියට ගෙන ඒමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බවත් ඔහු පැවසීය.

එසේම පළාත් සභා ආණ්ඩුකාරවරුන් යටතේ පාලනය වීම සුදුසු නොවන බවත්, මහජන නියෝජිතයන් ඒ සඳහා පත්කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉජාස් මීසාන් විසින් රචිත "මීසාන් හාජියාර්" ග්‍රන්ථයද මෙහිදී මහානායක හිමිවරුන් වෙත පිළිගන්වනු ලැබීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගැමුණු අබේසුන්දර, තිළිණ බණ්ඩාර තෙන්නකෝන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයවීර බණ්ඩාර යන අයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.