LSN News › Sri Lanka

ත්‍රෙට් කළ විදිහ මොකක් ද?.. ආණ්ඩුව නීතිඥ සංගමයෙන් අසයි!

පෙරේදා දිනයේ දී නිතිඥ සංගමය විපක්ෂ නායකවරයාට ලිඛිතව දැන්වූ පරිදි මෙන්ම විපක්ෂ නායකවරයා එය තර්ජනයක් බව තහවුරු කර ප්‍රකාශ කර ඇති පරිදි, ආණ්ඩු පක්ෂයෙන් නීතිඥ සංගමයට තර්ජනයක් සිදුවී ඇත්නම් එම තර්ජනය සිදුවී ඇත්තේ කුමන ආකාරයෙන්ද, කුමණ වචනවලින් ද , කුමණ අවස්ථාවේ කෙසේ ද යන්න පිළිබඳව නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් පැහැදිලි කිරිමක් කළ යුතු බව ආණ්ඩුව අද (21) දන්වා සිටියේය.

LSN Sri Lanka · 21 August 2026

එමෙන්ම නීතියේ සහ අධිකරණ පද්ධතියේ ස්වාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංගමය ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුව තුළ සිය වරප්‍රසාද අවභාවිතා කරමින් ඉතාම පහත් ලෙස අගවිනිසුරුවරයාට බැණ වැදුන විපක්ෂ මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධව තමන් දරන ස්ථාවරය කුමක් දැයි පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව ද ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රකාශකර තිබුණේය.

මෙවැනි බරපතල ප්‍රකාශයක් වරප්‍රසාද අවභාවිතා කරමින් සිදුකරද්දී ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය කුමක් ද යන්නත් ආණ්ඩුව ප්‍රශ්න කළේය.

මේ ප්‍රශ්න කිරීම අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුව වෙනුවෙන් කරනු ලැබුවේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් විසිනි. ඔහු ප්‍රකාශ කළේ තමන් මේ ප්‍රශ්නය නීතිඥ සංගමයෙන් විමසන්නේ පාර්ලිමේන්තු නියෝජිතයෙක් ලෙස පමණක් නොව, තමන් සමාජිකත්වය දරන තම සංගමයේ සභාපතිවරයාගෙන් බවය.

මන්ත්‍රීවරුන් කැඳවා මෙවැනි දේශන පැවැත්වීමට නීතිඥ සංගමයට පවතින නීතිමය හැකියාවක් නොමැති බවට සභානායකවරයා කරුණු පැහැදිලි කිරීමෙන් පසුව, 'තර්ජනයක්' නිසා දේශනයට නොපැමිණෙන බවට නීතිඥ සංගමයේ සභාපතිවරයා විපක්ෂ නායකවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණු බව මන්ත්‍රීවරයා කීවේය.

පාර්ලිමේන්තු සභාව තුළ සිදු වූයේ නීතිමය ඉඩකඩ පිළිබඳ සංවාදයක් මිස කිසිදු තර්ජනයක් නොවන බව තහවුරු කළ මන්ත්‍රීවරයා, සභාපතිවරයා කියන එම තර්ජනය සිදු වූයේ කුමන ආකාරයෙන්ද, කුමන වචනවලින්ද යන්න රටට හෙළි කිරීමේ වගකීමක් නීතිඥ සංගමයට ඇති බව අවධාරණය කළේය.

එමෙන්ම, විපක්ෂයේ මන්ත්‍රීවරියක් විසින් කිසිදු පදනමකින් තොරව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අග්‍රවිනිශ්චයකාරවරයාට සහ සමස්ත අධිකරණ පද්ධතියට එරෙහිව පහත් ලෙස සිදු කළ ප්‍රකාශය පිළිබඳවද නීතිඥ සංගමයේ ස්ථාවරය කුමක්දැයි ප්‍රශ්න කෙරිණි.

වරප්‍රසාද හිමි වූ පමණින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන ලෙස ඕනෑම ප්‍රකාශයක් කිරීමට අයිතියක් නොමැති බවත්, අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංගමය මේ පිළිබඳවද සිය අදහස දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් වැඩිදුරටත් පැවසීය.