දේශගුණික බලපෑමට මුහුණ දෙන හැටි ජනපති නිලධාරීන්ගෙන් විමසයි: එල්-නිනෝ අවදානම හමුවේ විශේෂ සැලසුම් රැසක්!
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (21) පැවැත්විණි.
LSN Sri Lanka ·

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (21) පැවැත්විණි.

මේ වන විට බලපා ඇති එල්-නිනෝ තත්ත්වය හමුවේ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳවත්, ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ අනෙකුත් ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

පසුගිය යල කන්නයේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම නිසා වගා හානි අඩු මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන් අතර ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සහ සෙසු ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් කෙරිණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී නැවතත් මුළු දිවයිනටම දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබේ. එම බලපෑම හමුවේ කෘෂිකර්මාන්තයට, වැවිලි කර්මාන්තයට, මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම ජල සහ විදුලිබල සැපයුමට එල්ලවිය හැකි බලපෑම සහ එම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු විමසීය.

බලපෑමට ලක් විය හැකි කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙන්ම, ආපදාවෙන් පීඩාවට පත් වන ජනතාවගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් ඔවුන් රැකබලා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ආපදා කළමනාකරණ අංශය සමග ඒකාබද්ධව එම කටයුතු සැලසුම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබදෙන ලදී.

ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව, අඛණ්ඩ පානීය ජල සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම මෙන්ම ඉදිරි වගා සැලසුම් සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
ප්‍රධාන ජලාශ, සුළු වාරිමාර්ග සහ කුඩා වැව් මඟින් ජලය සපයන නිශ්චිත පාරිභෝගික ප්‍රතිශතයන් පිළිබඳව පැහැදිලි දත්ත පද්ධතියක් තිබීමේ අවශ්‍යතාව සහ වියළි කාලගුණයෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රදේශ කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දෙන ලදී. ජල කප්පාදුවක් කිරීමට සිදු වුවහොත්, ජලාශ සම්පූර්ණයෙන්ම හිඳෙන තෙක් නොසිට, එම ප්‍රදේශවල ජනතාව සමඟ සාකච්ඡා කර ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම වැව්, ගංගා සහ ඔයවල් සම්පූර්ණයෙන්ම සිඳී යන ප්‍රදේශ හඳුනාගත යුතු බවත්, එවැනි ස්ථානවල ජීවත් වන ජනතාවට බීමට පමණක් නොව, අනෙකුත් දෛනික අවශ්‍යතා සඳහාද ජලය සැපයීමට සිදුවන බැවින් ඒ පිළිබඳ අවදානම සිතියම්ගත කර සූදානම් වීමේ වැදගත්කමද පෙන්වා දෙන ලදී. ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමේ පවතින ජල මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවසර ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඔක්තෝබර් මාසයේ ලැබෙන පළමු වර්ෂාවත් සමඟම, ජලාශවලින් ජලය නිකුත් කරන තෙක් නොසිට වර්ෂා ජලය උපයෝගී කරගෙන බිම් සකස් කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රකාශ විය. එහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඒකාබද්ධ සැලැස්මකට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී සහ පොහොර සැපයීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී කරුණු විමසන ලදී.

එල්-නිනෝ බලපෑම හමුවේ මිරිදිය ධීවර කර්මාන්තයට සහ මත්ස්‍ය නිෂ්පාදනයට එල්ලවිය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් වූ පූර්ව සූදානම පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර පීඩාවට පත්වන ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් වන තෙක් ඔවුන් රැක බලා ගැනීම වෙනුවෙන් වූ වැඩසටහන් සැලසුම් කරන ලෙස උපදෙස් ලැබිණි.

වැවිලි කර්මාන්තයට එල්ල විය හැකි බලපෑම සහ එම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවත්, වනජිවී කලාපවල වන සතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වන වර්ෂාපතනයේදී උපරිම ජල ධාරිතාවක් රැස් කර ගැනීම සඳහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණයට ලක් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම වසර තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සහ ලබන වසරේ පෙබරවාරි-අප්‍රේල් කාලයේ ජලාශ සිඳී යාම නිසා ඇතිවිය හැකි බලශක්ති අවදානමට මුහුණ දීම සඳහා සාමාන්‍ය අවශ්‍යතාවට වඩා වැඩි අතිරික්ත විදුලි ධාරිතාවක් සැලසුම් සහගතව පවත්වා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.