සාමාන්‍ය වැස්සටත් කොළඹ යටවන ස්ථාන 7කට කිසිදු පිළියමක් නෑ – වෙන් කළ ලක්ෂ 1500කුත් අපතේ: අවුරුදු 02කට පෙර කළ විගණන හෙළිදරවුව නොදුටු මාලිමා නගරසභාව ෆේල් වුන හැටි!
පසුගිය 06 දා කොළඹ ජාතික රෝහල යටවන්නේ නොරිස් ඇල අවහිරවී ඉන් ගලා ආ විශාල ජල ධාරාව ජලාශයක් සේ රැළි ගසමින් ගලාගොස් අවට පර්යන්ත ගිල ගැනීමෙනි.2024 වසරට අදාලව විගණන වාර්තාව මගින් කොළඹ ජල ගැලීම පිළිබඳව අනාවරණය කර ඇති ප්‍රධානම කරුණක් වන්නේ මෙම නොරිස් ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ පවතින අසාර්ථක ප්රමාදයය.
LSN Sri Lanka ·

සාමාන්‍ය වැසි තත්ත්වයක් යටතේ පවා කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20ක් පමණ කොළඹ මහනගර සභාව මගින් හඳුනාගෙන තිබුණද, ඒවා සඳහා පිළියම් යෙදීමේ ප්‍රගතිය ඉතා මන්දගාමී මට්ටමක පවතින බව ජාතික විගණන කාර්යාලයේ 2024 වර්ෂයේ විගණන වාර්තාවෙන් අනාවරණය වේ.

විගණන වාර්තාවට අනුව, හඳුනාගත් ජලගැලීම් ස්ථාන 20 අතුරින් ස්ථාන 13ක් සංවර්ධනය කිරීම සඳහා කොන්ත්‍රාත් ප්රදානය කර තිබුණි. එසේ වුවද ප්රදානය කළ නොත්රාත් 13නුත් 2024 වර්ෂය තුළදී අවසන් කිරීමට හැකිව ඇත්තේ කොන්ත්‍රාත් අතුරින් 03ක් පමණි.

ඉතිරි ජලගැලීම් ස්ථාන 07 සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විගණන පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් කෙරෙන විගණන නිරීක්ෂණවලට මහනගර සභාව ද එකඟ වී ඇති අතර, හඳුනාගත් ස්ථාන සඳහා පිළියම් යෙදීමේ කටයුතු කඩිනම් කළ යුතු බව විගණනය මගින් දැඩි ලෙස නිර්දේශ කර ඇත.

මෙම නිරීක්ෂණය 2023 වර්ෂයේ විගණන වාර්තාවේද සඳහන්ව තිබූ අතර, එවකට යෝජිත ව්‍යාපෘති සඳහා භෞතික හා මූල්‍ය ප්‍රගතියක් අත්කර ගැනීමට හෝ අදාළ කොන්ත්‍රාත් ප්රදානය කිරීමට පවා මහනගර සභාව අපොහොසත් වී තිබුණි. ඒ අතීත වැරදි ඉදිරියට යාවත්කාලීන වෙමින් පැවතීම අවසානයේ දී යළිත් කොළඹ යටකළේය.

නොරිස් ඇළ සංවර්ධනයේ දැවැන්ත ප්‍රමාදය

පසුගිය 06 දා කොළඹ ජාතික රෝහල යටවන්නේ නොරිස් ඇල අවහිරවී ඉන් ගලා ආ විශාල ජල ධාරාව ජලාශයක් සේ රැළි ගසමින් ගලාගොස් අවට පර්යන්ත ගිල ගැනීමෙනි.

2024 වසරට අදාලව විගණන වාර්තාව මගින් කොළඹ ජල ගැලීම පිළිබඳව අනාවරණය කර ඇති ප්‍රධානම කරුණක් වන්නේ මෙම නොරිස් ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ පවතින අසාර්ථක ප්රමාදයය. ලෝක බැංකු මූල්‍ය ආධාර යටතේ නගර සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ ආර්නෝල්ඩ් රත්නායක මාවතේ සිට ටී.බී. ජයා මාවත හරහා මීටර් 632ක් දිගින් යුත් නව ඇළ මාර්ගයක් ඉදිකිරීමය. නොරිස් ඇළට එකතු වන වැසි ජලය වේගයෙන් බේරේ වැවට බැහැර කිරීම මෙමගින් අපේක්ෂා කෙරිණි.

කෙසේ වෙතත්, අදාළ භූමියේ පිහිටි කොළඹ මහනගර සභාවට අයත් නිවාස 36කින් යුත් පැරණි හා දිරාපත් වූ නිවාස සංකීර්ණය හේතුවෙන් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කිරීමට බාධා මතුව ඇත. ඉතිරිව ඇති මීටර් 105ක කොටසේ වැඩ අවසන් කිරීම සඳහා පෙර වර්ෂයේදී රුපියල් මිලියන 150ක (ලක්ෂ 1500ක) මුදලක් වෙන් කර තිබුණද, එහි පදිංචිකරුවන් ඉවත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම මුදල් ප්‍රයෝජනයට ගැනීමට මහනගර සභාවට හැකිවී නැත. මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස අධික වැසි පවතින අවස්ථාවලදී මරදාන ඩීන්ස් පාර ජලයෙන් යටවීම වැළැක්වීමට තවමත් අසමත් වී ඇති අයුරු 2024 විගණන වාර්තාව පෙන්වා දෙයි.

අදාළ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා යොමු කර ඇති බව මහනගර සභාව ප්‍රකාශ කර ඇතත්, මහජන මුදල් හා ව්‍යාපෘති කාලය අපතේ යාම වැළැක්වීම සඳහා මෙම ඉදිකිරීම් අවසන් කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බව විගණනය නිර්දේශ කර තිබිණි.

දිගුකාලීන දුර්වලතා සහ මහනගර සභාවේ වගකීම

කොළඹ නගරයේ ජලගැලීම් ගැටලුව වසර ගණනාවක සිට පවතින එකකි. පැරණි ජලාපවහන පද්ධති, අනවසර ඉදිකිරීම්, කාණු හා ඇළ මාර්ගවලට අපද්‍රව්‍ය බැහැර කිරීම මෙන්ම නඩත්තුවේ පවතින දැඩි දුර්වලතා ඊට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත. නොරිස් ඇළ මාර්ගය ඇතුළු ප්‍රධාන ජල මාර්ග නිසි පරිදි පිරිසිදු නොකිරීම සහ නඩත්තු නොකිරීම නිසා මරදාන, ඩීන්ස් පාර, ආමර් වීදිය වැනි ප්‍රදේශ නිතර ජලයෙන් යටවන බව පූර්ව විගණන වාර්තාවලද අවධානයට ලක්ව තිබුණි.

පළාත් පාලන ආයතනයක් ලෙස ජනතාවගේ සුභසාධනය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ මූලික වගකීම කොළඹ මහනගර සභාව සතු වන බැවින්, මෙම විගණන නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම එහි කාර්යක්ෂමතාව මැන බැලෙන ප්‍රධාන පරාමිතියක් වන බවද අදාළ වාර්තාවෙන් අවධාරණය කෙරේ.

මාලිමා පාලනයත් ෆේල්

2025 මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව කොළඹ මහනගර සභාවේ බලය ජාතික ජන බලවේගය (මාලිමා) විසින් අත්පත් කරගත් අතර, ව්‍රායි කැලී බල්තසාර් කොළඹ නව නගරාධිපතිනිය ලෙස ධුරයට පත් වූවාය. ඒ විශාල ජනතා බලාපොරොත්තුවක් සමගය.

2024 ජාතික විගණන වාර්තාවෙන් අනාවරණය කර ඇති කරුණු පෙර පරිපාලන සමයට අදාළ වන නමුදු, පාලන බලය මාරුවීමෙන් පසුවද අදාළ ජලගැලීම් ස්ථාන නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැලකිය යුතු දෘශ්‍යමාන ප්‍රගතියක් ප්‍රසිද්ධ වාර්තාවලින් තහවුරු වී නොමැති බව පෙනේ.

විගණනය මගින් හඳුනාගත් ජලගැලීම් ස්ථාන 20 සඳහා වෙන් කළ කොන්ත්‍රාත් 13න් කිසිම පියරක් ගෙන නොතිබූ ස්ථාන 07 සඳහා නව වැඩසටහන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිල ප්‍රගති වාර්තාවක් කොළඹ නගරසභාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

ජලාපවහන පද්ධතිය උසස් කිරීමට කෙටි, මධ්‍ය හා දිගුකාලීන සැලසුම් සකස් කරන බව නගර සභා පාලනාධිකාරිය ප්‍රකාශ කළද, 2024 විගණන නිර්දේශ ක්‍රියාත්මක කිරීම තවමත් පවතින්නේ මන්දගාමී තත්ත්වයකය.

විශේෂයෙන්ම නොරිස් ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මීටර් 105ක කොටස ඉදිකිරීමට තිබූ බාධා 2025 මැයි මාසයෙන් පසුවද නොවිසඳී පැවැති බවට ඇඟවීම් තිබේ. 2026 නොවැම්බර් 06 වැනිදා කොළඹට ඇදහැලුණු පැයකට මිලිමීටර් 129ක අධික වර්ෂාපතනයත් සමග ජාතික රෝහල ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවූ අතර, ඊට නොරිස් ඇළ නිසි ලෙස පිරිසිදු නොකිරීම සහ නඩත්තු නොකිරීම සෘජුවම බලපෑ බව තහවුරු විය.

එම ජලගැලීම් තත්ත්වයෙන් අනතුරුව ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී නගර සභා නිලධාරීන් පෙන්වා දී තිබුණේ පවතින ජලාපවහන පද්ධතිය පැයකට මිලිමීටර් 30ක වර්ෂාපතනයක් පමණක් දරාගැනීමට සැලසුම් කර ඇති එකක් බවය.

එහිදී ඇළ මාර්ග පිරිසිදු කිරීමේ ප්‍රධාන වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට (SLLDC) අයත් බව නගරාධිපතිනිය සඳහන් කළ අතර, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අදාළ ආයතන එක්කර හදිසි ප්‍රතිචාර කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබා දී තිබුණි.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසු නගර සභාව සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව ආරම්භ කරන ලද ඇළ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු හදිසි ප්‍රතිචාර දැක්වීමක් පමණක් වන අතර, 2024 විගණන වාර්තාවෙන් පෙන්වා දුන් පරිදි නගරයේ ජලගැලීම් පාලනය සඳහා වන දිගුකාලීන සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමේ තහවුරු වූ ප්‍රගතියක් ලෙස එය සැලකිය නොහැක.