LSN News › Sri Lanka

බලංගොඩ කස්සප හිමි ඇතුළු 7 දෙනෙකු රිමාන්ඩ් – මානසික හා මත්ද්‍රව්‍ය පරීක්ෂණවලට යොමු කිරීමටත් නියෝග!

පොලිසිය අධිකරණයට දැනුම් දී ඇති පරිදි, රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු මෙම පිරිසට බලංගොඩ කස්සප හිමියන්ට අමතරව තවත් භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු සහ සිවිල් පුද්ගලයන් තිදෙනෙකු ඇතුළත් වේ.

LSN Sri Lanka · 13 November 2026

බලංගොඩ කස්සප හිමි ඇතුළු 7 දෙනෙකු රිමාන්ඩ් – මානසික හා මත්ද්‍රව්‍ය පරීක්ෂණවලට යොමු කිරීමටත් නියෝග!

අධිකරණ නියෝග නොතකා අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල මාරාන්තික උපවාසයක නිරත වීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

</p>

<p>

පොලිසිය අධිකරණයට දැනුම් දී ඇති පරිදි, රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු මෙම පිරිසට බලංගොඩ කස්සප හිමියන්ට අමතරව තවත් භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු සහ සිවිල් පුද්ගලයන් තිදෙනෙකු ඇතුළත් වේ.

</p>

<p>

එමෙන්ම, අදාළ සැකකරුවන් සියලු දෙනා මානසික වෛද්‍ය පරීක්ෂණයකට (Psychiatric Evaluation) සහ ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න සොයා බැලීම සඳහා වූ විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

</p>

<p>

ඊයේ (නොවැම්බර් 12) දිනයේදී රාජාංගනයේ සද්ධාරතන හිමි ප්‍රමුඛ පිරිසක් සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුව මෙම පිරිස පොලිස් භාරයට ගෙන තිබුණි. පසුව අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ඊයේ රාත්‍රියේ රෝහල වෙත ගොස් සැකකරුවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කර තිබේ.