LSN News › Sri Lanka

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන නියමු ව්‍යාපෘතියේ ප්‍රගති පරීක්ෂාව ලබන 7 සහ 8 දෙදින තුළ!

දැනට ද්වීතීක සහ තෘතීයික රෝහල්වල පවතින තදබදය අවම කිරීම සඳහා බාහිර රෝගී අංශ අදාළ රෝහල්වලට ආසන්න වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, මෙම ඉලක්ක 2029 වර්ෂය වන විට සපුරා ගැනීමට කටයුතු කරන බවත් රජය පවසයි.

LSN Sri Lanka · 27 October 2026

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන නියමු ව්‍යාපෘතියේ ප්‍රගති පරීක්ෂාව ලබන 7 සහ 8 දෙදින තුළ!

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම ලබන නොවැම්බර් මස 7 සහ 8 යන දෙදින තුළ සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ. සරත්චන්ද්‍ර කුමාරවංශ සඳහන් කරයි.

</p>

<p>

දිවයින පුරා පිහිටි වෛද්‍ය මධ්‍යස්ථාන 39ක මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවත්, එහිදී අදාළ ප්‍රදේශවල බෝනොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් සැලකිය යුතු සංඛ්‍යාවක් හඳුනාගෙන ඔවුන්ව සුවතා මධ්‍යස්ථාන තුළම ලියාපදිංචි කර ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ බවත් වෛද්‍ය කුමාරවංශ පැවසීය.

</p>

<p>

වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින් සුවතා මධ්‍යස්ථාන ආසන්නයේම පිහිටි ප්‍රධාන රෝහල්වල සායන වෙත යොමු කිරීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

</p>

<p>

දැනට ද්වීතීක සහ තෘතීයික රෝහල්වල පවතින තදබදය අවම කිරීම සඳහා බාහිර රෝගී අංශ අදාළ රෝහල්වලට ආසන්න වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, මෙම ඉලක්ක 2029 වර්ෂය වන විට සපුරා ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.