හිටපු ඇමති ප්‍රියංකර ජයරත්න බරපතල වැඩ සහිතව වසර 7කට මහ උළු ගෙදරට!
මීට පෙර කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව තාක්ෂණික දෝෂ සහිතව මෙම නඩුව ගොනු කර තිබිණි. එබැවින් තාක්ෂණික දෝෂ නිසා අවස්ථා කීපයක දී විසිවී ගියේය. පසුව අල්ලස් කොමිසම විසින් නීත්‍යානුකූලව නැවත නඩුව පවරා විභාග කිරීමෙන් අනතුරුව අද දින මෙසේ තීන්දුව ලබා දී ඇත.
LSN Sri Lanka ·

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) ගොනු කළ නඩුවකට වරදකරු කරමින්, හිටපු සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රියංකර ජයරත්නට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 200,000ක දඩයක් කොළඹ මහාධිකරණය මගින් අද (සැප්තැම්බර් 01) නියම කළේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය නියෝග කළේ චෝදනා දෙකකට වෙන් වෙන් වශයෙන් වසර 7 බැගින් සිරදඬුවම් නියම වන නමුත්, එම දඬුවම් දෙක එකවර ගෙවී යා යුතු බවය. ඒ අනුව ඔහුගේ ඵලදායී සිරදඬුවම් කාලය වසර 7කට සීමා වේ.

චෝදනාවේ ස්වභාවය

2014 වසරේ සිවිල් ගුවන්සේවා ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, මැයි දින පෙළපාලියට සහභාගි වූ ආධාරකරුවන්ට ආහාර සැපයීම සඳහා ශ්‍රීලන්කන් කේටරිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට බලපෑම් කර, එම සමාගමට අයත් රුපියල් 330,000ක මුදලක් මාරවිල ප්‍රදේශයේ හෝටලයකට ගෙවීමට සැලැස්වීම මගින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම මොහුට එල්ල වූ ප්‍රධාන චෝදනාවය.

නඩුවේ ගමන්මග

මීට පෙර කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව තාක්ෂණික දෝෂ සහිතව ගොනු කර තිබූ බැවින් මෙම නඩුව අවස්ථා කිහිපයකදීම ආපසු ලබා ගැනීමට සිදුවිය. පසුව අල්ලස් කොමිසම විසින් නීත්‍යානුකූලව නැවත නඩුව පවරා විභාග කිරීමෙන් අනතුරුව අද දින මෙසේ තීන්දුව ලබා දී ඇත.

මීට අමතරව ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් වෙසක් කාඩ්පත් මුද්‍රණය (රු. 128,520), වී හේන ගොවිපළට ගෙවීම් කිරීම් (රු. 360,000) සහ හලාවත ජාතික ඉතිරිකිරීම් බැංකු ගිණුමකට මුදල් බැර කිරීම (රු. 494,000) යන සිදුවීම් මුල් කරගනිමින් ගොනු කර ඇති තවත් නඩු 3ක් කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

එමෙන්ම ජාත්‍යන්තරව ආන්දෝලනයට ලක්වූ එර්බස් ගුවන්යානා මිලදී ගැනීමේ අක්‍රමිකතාව සම්බන්ධ විමර්ශනවලදී ද මොහුගේ නම අනාවරණය වී තිබිණි.

රාජ්‍ය ආයතන තුළ සිදුවන මෙවැනි දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් ජාතික ආර්ථිකයට සහ මහජන විශ්වාසයට සිදු වන බලපෑම සුළුපටු නොවන බව පෙන්වා දුන් අධිකරණය, විධායක බලතල අවභාවිත කරමින් රාජ්‍ය දේපළ පෞද්ගලික හෝ දේශපාලන අවශ්‍යතා සඳහා යොදවන ඕනෑම පුද්ගයෙකුට තරාතිරම නොබලා ඕනෑම නීතිය තදින්ම ක්‍රියාත්මක වන බව මෙම තීන්දුව මගින් නැවත වරක් තහවුරු කළේය.

කෙසේ වෙතත් මෙම මහාධිකරණ තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයකට අභියාචනා කිරීමට විත්තිකාර පාර්ශවයට නීතිමය ඉඩකඩ පවතී.