Sport · Sri Lanka Bureau
ඩයමන්ඩ් ලීග් පිටියේ තවත් රන් සටහනක්: චෝප්රා පරදා රුමේෂ් තරංග ලොසෑන්හිදීත් පළමු තැන දිනා ගනී!
ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවති සුප්‍රකට වොන්ඩා ඩයමන්ඩ් ලීග් (Athletissima) තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නැගී එන සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් විය.
LSN Sri Lanka ·

ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවති සුප්‍රකට වොන්ඩා ඩයමන්ඩ් ලීග් (Athletissima) තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නැගී එන සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් විය.

ශ්‍රී ලංකා වේලාවෙන් අගෝස්තු 22 වැනිදා අලුයම අවසන් වූ මෙම තරගයේදී ඔහු මීටර් 88.14ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් මෙම ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

මෙය රුමේෂ් තරංග 2026 තරග වාරයේදී හිමිකරගත් තෙවන ඩයමන්ඩ් ලීග් ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වේ. ඔහු මීට පෙර රෝමයේ පැවති තරගයේදී මීටර් 92.62ක දක්ෂතාවක්ද, දොහාහි පැවති තරගයේදී මීටර් 88.68ක දක්ෂතාවක්ද දක්වමින් ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත් විය. විශේෂයෙන්ම රෝමයේදී ඔහු තැබූ මීටර් 92.62ක දක්ෂතාව මේ වන විට ලෝකයේ වත්මන් ඉහළම දක්ෂතාව ලෙස සටහන්ව තිබේ.

මෙම තරගයේදී ලොව ප්‍රමුඛ පෙළේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයන් පරාජය කිරීමට රුමේෂ් සමත් වීම කැපී පෙනේ. එහිදී ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චෝප්රා මීටර් 88.05ක දක්ෂතාවක් දක්වමින් දෙවන ස්ථානයට පත්වූ අතර, එය චෝප්රාගේ මෙවර තරග වාරයේ හොඳම දක්ෂතාව ද වේ. ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 86.69ක දක්ෂතාවක් දක්වමින් තෙවන ස්ථානය හිමිකර ගත්තේය.

තරගයේ ප්‍රධාන ප්‍රතිඵල:

1 වන ස්ථානය: රුමේෂ් තරංග පතිරගේ (ශ්‍රී ලංකාව) - මීටර් 88.14

2 වන ස්ථානය: නීරාජ් චෝප්රා (ඉන්දියාව) - මීටර් 88.05 (වාරයේ හොඳම දක්ෂතාව)

3 වන ස්ථානය: ඇන්ඩර්සන් පීටර්ස් (ග්‍රෙනඩාව) - මීටර් 86.69 (වාරයේ හොඳම දක්ෂතාව)

4 වන ස්ථානය: කෙෂෝර්න් වොල්කොට් (ට්‍රිනිඩෑඩ් ටොබැගෝ) - මීටර් 83.71

5 වන ස්ථානය: මාර්ක් මිනිචෙල්ලෝ (ඇමරිකාව) - මීටර් 80.06

තරගය ආරම්භයේදී නීරාජ් චෝප්රා සිය දෙවන විසිකිරීමේදී මීටර් 88.05ක් වාර්තා කරමින් පෙරමුණ ගැනීමට සමත් වුවද, ඉතා සූක්ෂම ලෙස තරගයට අවතීර්ණ වූ රුමේෂ් තම තෙවන විසිකිරීමෙන්ම මීටර් 88.14ක් සටහන් කරමින් නැවත තරගයේ පෙරමුණ තහවුරු කරගත්තේය.

මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟ මෙවර තරග වාරයේදී නීරාජ් චෝප්රා සමඟ තරග වැදුණු අවස්ථා තුනේදීම (දොහා, කොමන්වෙල්ත් ක්‍රීඩා උළෙල සහ ලොසෑන්) ඔහුව අභිබවා යමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත්ව සිටීම විශේෂත්වයකි.