ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් අභයභූමියේ ගින්න සම්පූර්ණයෙන් පාලනයට: හානිය අක්කර අටකට සීමා වෙයි; කුමන්ත්‍රණයක්දැයි සොයන්න පරීක්ෂණ
LSN Sri Lanka ·

පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි මහා පාරිසරික සම්පතක් වූ ජාත්‍යන්තර වශයෙන් ද දැඩි ඇගයීමකට ලක්ව ඇති ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් අභයභූමියේ හදිසියේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට සමත් වී ඇති බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අදාළ අංශවල ක්ෂණික මැදිහත්වීම හේතුවෙන් ගින්නෙන් සිදු වූ හානිය අක්කර අටක පමණ ප්‍රදේශයකට සීමා කර ගැනීමටත්, අභයභූමියේ විශාල ප්‍රදේශයකට පැතිර යාම වළක්වා ගැනීමටත් හැකි වී තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි අද (22) දිනයේදී ගින්නෙන් හානියට පත් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ගින්නෙන් සිදු වූ හානිය පිළිබඳව සොයා බලන ලද අතර, ආනවිලුන්දාව තෙත්බිම් පද්ධතියේ සංරක්ෂණ කටයුතු ඉදිරියට ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳවද අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කෙරිණි.

ප්‍රදේශයේ පැවැති දැඩි වියළි කාලගුණික තත්ත්වය සහ තද සුළං හේතුවෙන් මෙම ගින්න දින දෙකකට ආසන්න කාලයක් පුරා ව්‍යාප්ත වෙමින් පැවැතිණි. අරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු ප්‍රදේශයේ පාර්ශ්ව කිහිපයකින් ලැබුණු අනතුරු ඇඟවීම් සලකා බලමින් රජය වහාම ක්‍රියාත්මක වන පරිදි ගිනි නිවීමේ මෙහෙයුම් ආරම්භ කළේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරගේ සෘජු සහාය හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදවා, 'බම්බි බකට්' (Bambi Buckets) තාක්ෂණය ඔස්සේ මුහුදු ජලය ගින්නට ඉහළින් හෙළමින් දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලදී. මෙයට අමතරව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ද එක්ව ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නේය. මෙම සාර්ථක ඒකාබද්ධ මෙහෙයුම හේතුවෙන් හෙක්ටයාර් 3,000කට වඩා විශාල සමස්ත තෙත්බිම් පද්ධතිය වෙත ගින්න පැතිර යාම සම්පූර්ණයෙන් වැළැක්විණි.

මේ අතර, මෙම ගින්න කිසියම් පාර්ශ්වයක් විසින් හිතාමතා සිදු කරන ලද්දක්ද නැතහොත් මෙයට යම් කුමන්ත්‍රණයක් සම්බන්ධ වී තිබේද යන්න අනාවරණය කර ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ, මෙම ගින්න යම් පාර්ශ්වයක් විසින් හිතාමතා හෝ කුමන්ත්‍රණකාරී ලෙස සිදු කළ බවට පරීක්ෂණවලදී තහවුරු වුවහොත්, ඊට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය. පාරිසරික වශයෙන් ඉතා සංවේදී හා වටිනා භූමි ප්‍රදේශයක් නීති විරෝධී ලෙස විනාශ කිරීමට සම්බන්ධවන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.

මීට අමතරව, පසුගිය කාලයේ පැවැති දිත්වා සුලි කුණාටුව (Cyclone Ditwah) හේතුවෙන් බිඳී ගිය ආනවිලුන්දාව ජලාශයේ බැම්ම වහාම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ජාතික මට්ටමේ විශේෂඥ ආයතන සහ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික උපදෙස් හා සහාය ඇතිව, ඉදිරි මෝසම් වැසි කාලයට පෙර අදාළ ජලාශය සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කිරීමට රජය අපේක්ෂා කරයි.

දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් ඇතුළු වනජීවී විශේෂයන්ට සුදුසු ආරක්ෂිත පාරිසරික පද්ධතිය නැවත ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

ස්වාභාවික දේශගුණික තර්ජනවලින් මෙන්ම විවිධ මිනිස් බලපෑම්වලින්ද රටේ වැදගත් පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයකින් යුත් කාලෝචිත මැදිහත්වීම් ඉදිරියටත් නොපසුබටව ක්‍රියාත්මක කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආනවිලුන්දාව අභයභූමිය හෙක්ටයාර් 1,397ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතින අතර, 1997 වසරේදී අභයභූමියක් ලෙසත්, 2001 වසරේදී ජාත්‍යන්තර රැම්සාර් තෙත්බිමක් ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත. එය දේශීය මෙන්ම විදේශීය සංක්‍රමණික පක්ෂීන් රැසකට අත්‍යවශ්‍ය ප්‍රධානතම වාසස්ථානයකි.