මහත්වරුනි... ඇයගේ අඩුව පිරවීමට නොහැකි වීම ගැන නිසරු කතා නොකියන්න...
බරපතල අවුල නන්දා මාලනිය ගායිකාව ලෙස හඳුනා ගැනීමය. ඇය ගායිකාවක නොවේ. අද අප දකින ගායිකාවකට ඇයගේ අඩුව පිරවීමට තබා ඇයගේ ජීවිත දෘෂ්ඨිය අසලින්වත් සිට ගැනීමට නොහැකි වන්නේත් එබැවිනි.
LSN Sri Lanka ·

නොහඬා සිටිය නොහැකි ජීවිත මොහොත තිබේ. ආයාසයෙන් මේ සටහන තබමි. බොරැල්ල කනත්තේ චිමිනියෙන් නැගෙන දුම්රොටුව ඒ උත්තම ගැහැණියගේ භෞතික දේහය අළු පිඩක් බවට පත් කර ඇති බව සන් කරයි.

කවරදාවත් ඇය දැක වචනක් හෝ කතා නොකළ ඈත් ගම්වල මිනිස්සු ඇය වෙනුවෙන් හඬා වැටෙමින් සිටිති. නාවල නන්දා මාලනී සංගීත ආශ්‍රමයට දිනපතා නොකඩවා පැමිනි මිනිස්සු ඇය දුරින් සිටවත් ජීවමානව දැක ඇතිදැයි නොදනිමි. නාවල සිට නාවල කොස්වත්ත හන්දියෙන් රාජගිරිය හරහා බොරැල්ල කනත්තට පැමිණෙන රිය පෙරහර දෙපස දෙනෝ දාහක් රැස් වී සිටි මිනිසුන්ගේ හිත් පිරි තිබුණේ ගායිකාවකගේ, රැජනකගේ වෙන්වී යෑමක තිගැස්මකින් නොවේ. පවුලේම ලබැඳියකගේ වෙන් වී යෑමෙන් උපන් මහා ගැඹුරු වේදනාවකින් බව පෙනේ.

ආණ්ඩුවේ වියදමින් උපහාර ප්‍රතික්ෂේප කළ, රාජ්‍ය ගෞරව ප්‍රතිකේෂ්ප කළ, මළ මිනී පවා තිගස්වන ගුණ කථන සහිත අවමංගල සභා ප්‍රතික්ෂේප කළ මේ ගැඹුරු සරල ගැහැණිය ජීවත් වීමේ දි ලබා දුන් ජීවිත ආදර්ශය මරණයේ දී උත්කර්ෂයට නැන්වූ අයුරු කම්පනයෙන් යුතුව විඳගනිමි.

එවැනි උදාර පරිචයන් උපදින්නේ මහා මනුෂ්‍ය හදවත් තුළ පමණය. මාලනිය නික්ම යන්නේ විදග්ධ ගැහැණියකගේ හදවතේ ප්‍රමාණය සහ ප්‍රතිපත්ති ගරුක ජීවිතයක පරිසමාප්ත හරය ප්‍රත්‍යක්ෂකළ මුනිවර භූමිකාවක් පිළිබඳ ප්‍රායෝගික යථාර්ථය පෙන්වා දෙමිනි.

ඇයට ආදේශක හෝ ඇය ගේ අඩුව පිරවීම ගැන කතා කරනු ඇසේ. යුගයක ජීවිත ප්‍රකාශනයේ අධ්‍යාත්මය උපදින්නේ යුගාන්තර සංවාදයකිනි. ඒ සංවාදය අධ්‍යාත්මික ප්‍රකාශනයක් ලෙස සමාජය වෙත ගෙන යා හැක්කේ ලෞකික අපේක්ෂාවන්වලට ඔබ්බෙන් ඇති ගැඹුරු සමාජ පරිවර්තනයක් වෙනුවෙන් තපසක් බඳු ශීලයකට පිවිසි ඒ වෙනුවෙන් ජීවිතය කැප කිරිම් කළ හැකි උත්තම මනුෂ්‍යයන්ට පමණි.

බරපතල අවුල නන්දා මාලනිය ගායිකාව ලෙස හඳුනා ගැනීමය. ඇය ගායිකාවක නොවේ. අද අප දකින ගායිකාවකට ඇයගේ අඩුව පිරවීමට තබා ඇයගේ ජීවිත දෘෂ්ඨිය අසලින්වත් සිට ගැනීමට නොහැකි වන්නේත් එබැවිනි.

ඇය වැන්නියන් යළි පහළ වන්නේ නැත. එවන් චරිත බිහිවී රෝපණය කෙරෙන හරවත් ඵලබර සංවාදයක් සහිත සමාජ භූමියක් ද යළි උපදින්නේ නැත. එබැවින් ඇයව සදාකාලිකව හදවතේ ගැඹුරුම තැන තැන්පත් කර තබා ගනිමි.