LSN News › Sri Lanka

සංවිධානාත්මක අපරාධ ජාලය කැළඹෙයි... හංවැල්ලේ මහා භීෂණය ඇති කළ ‘බස් ලලිත්’ සඳුදා රාත්‍රියේ මෙරටට!

බස් ලලිත් ලෙස ප්‍රකට ලලිත් කන්නංගර නැමැති අපරාධකරු සඳුදා දිවයිනට රැගෙන එන්නේය. ඒ ඩුබායි රාජ්‍යෙය් සිටය. ඩුබායි රාජ්‍යය නිල වශයෙන් ලංකාවට දැනුම් දී ඇති ආකාරයට මංගල සමරවීර හිටපු ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා ඝාතනය කිරීමට තැත් කළ කොණ්ඩා රංජි, ශ්‍රි ලංකා ටෙස්ට් නායක ධනංජය සිල්වාගේ පියා ඝාතනය කළ ඇල්ටෝ ධර්මේ, අශික්ෂිත මිනී මරුවෙක් වූ වනාගේ චතූ ඩුබායි ආරක්ෂක අංශ නිල වශයෙන් මෙටට දැනුම් දී ඇත. උන් එක එකා ද රටට එන්නට නියමිතය.

LSN Sri Lanka · 22 August 2026

සංවිධානාත්මක අපරාධ ජාලය කැළඹෙයි... හංවැල්ලේ මහා භීෂණය ඇති කළ ‘බස් ලලිත්’ සඳුදා රාත්‍රියේ මෙරටට!

පසුගිය වසරේ ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධකරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ එළැඹෙන සඳුදා (අගෝස්තු 24) රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම මෙහෙයුම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් රාජ්‍ය බුද්ධි සේවයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ දැනටමත් ඩුබායි වෙත පිටත්ව ගොස් ඇත. මෙම මෙහෙයුම පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සිදුවන බව ප්‍රධාන මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගැනීම සහ ඩුබායි අධිකරණ තීන්දුව

ලලිත් කන්නංගර 2025 ඔක්තෝබර් මාසයේ ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබීය. මෙය ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව ඩුබායි ආරක්ෂක අංශ සමඟ සම්බන්ධීකරණය කර සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයකි. ඔහුගේ සමීපතමයෙකු මෙරටදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් ලැබුණු තොරතුරු මත ඩුබායිහි මහල් නිවාස සංකීර්ණයකදී ඔහුව අල්ලා ගත් බව වාර්තා වේ.

අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු ඩුබායි අධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අතර, මෑතකදී එම අධිකරණය ඔහුව රටින් පිටුවහල් කිරීමට නියෝග කළේය. ඒ අනුව දැන් ඔහු මෙරටට රැගෙන ඒමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ.

හංවැල්ලේ භීෂණය සහ චෝදනා

‘බස් ලලිත්’ නමින් ප්‍රකට මෙම පුද්ගලයා හංවැල්ල, මීගොඩ සහ කොස්ගම ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්, වෙඩි තැබීම්, පැහැරගැනීම් සහ මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ බවට පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඔහුට එරෙහිව කප්පම් ගැනීමේ සිද්ධි 15කට අදාළ පැමිණිලි තිබූ අතර, මනුෂ්‍ය ඝාතන ගණනාවකට ද චෝදනා එල්ල වී තිබේ.

විශේෂයෙන් 2022දී හංවැල්ලේ දී බූරු මූණා නමින් ප්‍රකට ඝාතකයා ( රවිඳු සංඛ ද සිල්වා ) ලවා මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම රට තිගැස්සුවේය. ඒ ඔහු ඝාතනය කළ ආකාරය සීසිටීවී කැමරාවක සමිප දසුනක් සේ සටහන්ව තිබුණ බැවිනි.

වර්ෂ 2023 සැප්තැම්බර් 30 වැනිදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම ඇතුළු සිද්ධිවලට ඔහු සම්බන්ධ බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ. ඔහුගේ තර්ජන හමුවේ එම ප්‍රදේශවල ව්‍යාපාරිකයන් රැසක් සිය නිවෙස් අතහැර පලා ගියහ. පොලිසිය ඇතැම් ව්‍යාපාරික ස්ථානවලට ආරක්ෂාව ලබාදීමටද පියවර ගත්තේය.

ඔහු මියගිය අපරාධකරුවන් වන සමයන් සහ ඌරු ජුවාගේ සමීපතමයෙකු ලෙසද හඳුනාගෙන තිබේ. ඩුබායි පදනම් කරගෙන ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ ජාලයක් ක්‍රියාත්මක කළ බවටද චෝදනා එල්ල වී ඇත.

ප්‍රදේශවාසීන්ගේ ප්‍රතිචාරය

2025 ඔක්තෝබර් මාසයේ ඔහු අත්අඩංගුවට ගත් බව දැනගත් වහාම හංවැල්ල ඇතුළු ප්‍රදේශවල ජනතාව රතිඤ්ඤා පත්තු කර සතුට ප්‍රකාශ කළහ. බොහෝ දෙනෙකුට ඔහුගේ භීෂණයෙන් මිදීමේ සහනයක් එම පුවත ගෙනාවේය.

දැන් ඔහු මෙරටට පැමිණීමත් සමඟ හංවැල්ල සහ අවට ප්‍රදේශවල අපරාධ විමර්ශන තවදුරටත් ඉදිරියට ගෙන යාමට පොලිසියට හැකියාව ලැබෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධකරුවන් විදේශවල සැඟවී සිට ක්‍රියාත්මක වීම වැළැක්වීමේ දිගුකාලීන මෙහෙයුමක තවත් වැදගත් පියවරක් ලෙස මාධ්‍ය සහ ආරක්ෂක අංශ සලකති.

ඩුබායි අත් අඩංගුවේ සිටින අනෙක් අපරාධකරුවන් කවුද?

රට පුරා භීෂණය වැපිරූ කුප්‍රකට අපරාධකරවන්වන ඇල්ටෝ ධර්මේ සහ වනාතේ චතූ සහ කොණ්ඩා රංජි ද දැන් ඉන්නෙ ඩුබායි ආරක්ෂක අංශ අත් අඩංගුවේය. ඒ බව ඩුබායි රාජ්‍යය ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දී ඇත.

කොණ්ඩා රංජි යනු හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පුද්ගලික ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයා ය. ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය සිල්වා ගේ පියා ඝාතනය කරන අපරාධකරු ඇල්ටෝ ධර්මේය. වනාගේ චතූ යන් කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් ලෙස මහ පාරේ මිනී මරමින් කොළඹ සංවිධානාත්මක අපරාධකල්ලි ජාලයට පන පෙවූ ප්‍රධානම මිනීමරුවෙකි. උන් එකිනෙකා රටට ගෙන ඒමේ වැඩසටහන ක්‍රියාත්මක බව අනාවරණය වේ.