LSN News › Sri Lanka

ලෝක බොක්සිං ශූර සොලානි ටෙටේ නිවස අසලදී වෙඩි තබා ඝාතනය කෙරේ!

තත්පර 11කින් ප්‍රතිවාදියා නොක්අවුට් කර ලෝක වාර්තාවක් තැබූ, දෙවරක් බොක්සිං ලෝක ශූරතාවය දිනා ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩා ප්‍රතිරූපයක් වූ ප්‍රකට බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ (Zolani Tete) ඔහුගේ නිවස අසලදී වෙඩි තබා ඝාතනය කර ඇත.

LSN Sri Lanka · 22 August 2026

ලෝක බොක්සිං ශූර සොලානි ටෙටේ නිවස අසලදී වෙඩි තබා ඝාතනය කෙරේ!

තත්පර 11කින් ප්‍රතිවාදියා නොක්අවුට් කර ලෝක වාර්තාවක් තැබූ, දෙවරක් බොක්සිං ලෝක ශූරතාවය දිනා ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩා ප්‍රතිරූපයක් වූ ප්‍රකට බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ (Zolani Tete) ඔහුගේ නිවස අසලදී වෙඩි තබා ඝාතනය කර ඇත.

මියයන විට 38 වැනි වියෙහි පසුවූ ටෙටේ, නැගෙනහිර කේප් ප්‍රාන්තයේ ම්ඩන්ට්සානේ (Mdantsane) නගරයේදී සිදු වූ මෙම සන්නද්ධ ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ අගෝස්තු 21 වනදාය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සනාථ කරන පරිදි, ටෙටේ තම නිවසේ ගේට්ටුව විවෘත වන තෙක් මෝටර් රථය තුළ රැඳී සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මුහුණු ආවරණය වන පරිදි බැලක්ලාවා (balaclava) පැළඳගත් සන්නද්ධ සැකකරුවන් දෙදෙනෙකු වෙනත් වාහනයකින් පැමිණ, ටෙටේට සහ ඔහු සමඟ රථයේ සිටි 27 හැවිරිදි කාන්තාවකට ඉලක්ක කර වෙඩි තබා ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ටෙටේ, රථය ගෙවත්ත දෙසට ධාවනය කිරීමට උත්සාහ කර ඇති නමුත්, සිද්ධිය වූ ස්ථානයේදීම ඔහු අවාසනාවන්ත ලෙස මියගිය බව දකුණු අප්‍රිකානු පොලිසිය තහවුරු කළේය. ඔහු සමඟ සිටි කාන්තාව බරපතල තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා, කලා හා සංස්කෘතික අමාත්‍ය ගේටන් මැකෙන්සි (Gayton McKenzie) ප්‍රකාශ කර සිටියේ, "දකුණු අප්‍රිකාව තමන් බිහි කළ හොඳම ක්‍රිඩා වීරයන්ගෙන් කෙනෙකු අහිමි කරගත්" බවයි. ප්‍රහාරයෙන් පසු පලාගිය සැකකරුවන් සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර අගෝස්තු 22 වන සෙනසුරාදා දින නැගෙනහිර කේප් පොලිසිය සඳහන් කළේ, ලද බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී වයස අවුරුදු 30 සහ 22 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු කුගොම්පෝ (Ku Gompo) ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය. ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවිය හැකි බව පොලිස් ප්‍රකාශක බ්‍රිගේඩියර් නොබුන්ටු ගන්තානා ප්‍රකාශ කළ අතර, මෙම අපරාධයට හේතුවූ නිශ්චිත අරමුණ මෙතෙක් අනාවරණය වී නොමැත.

වාර්තා අතරට එක්වූ ටෙටේගේ අසමසම ක්‍රීඩා දිවිය

"ලාස්ට් බෝන්" (Last Born) යන විරුදාවලියෙන්ද හැඳින්වුණු සොලානි ටෙටේ, 2014 වසරේදී IBF සුපර්-ෆ්ලයිවේට් (ජූනියර් බැන්ටම්වේට්) ශූරතාවය දිනා ගැනීමට සමත් විය. පසුව 2017 සිට 2019 දක්වා කාලය තුළ WBO බැන්ටම්වේට් ලෝක ශූරතාවයද හිමිකර ගත්තේය.

ඔහුගේ ක්‍රීඩා දිවියේ කැපී පෙනෙන සංධිස්ථානයක් සටහන් වූයේ 2017 වසරේදීය. එහිදී සිබොනිසෝ ගොන්‍යා (Siboniso Gonya) සමඟ පැවැති ලෝක ශූරතා තරගයකදී තරගය ආරම්භ වී තත්පර 11ක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රතිවාදියා නොක්අවුට් (Knockout) කරමින්, ලෝක බොක්සිං ශූරතා තරගයක වේගවත්ම ජයග්‍රහණය ලෙස ගිනස් ලෝක වාර්තාවක් (Guinness World Record) තැබීමට ඔහු සමත් විය.

එක්සත් රාජධානියේ අට වතාවක් තරග කර ඇති ටෙටේ, 2015 වසරේදී ලිවර්පූල්හිදී පෝල් බට්ලර් පරාජය කරමින් කැපී පෙනෙන ජයක් ලැබීය. කෙසේ වෙතත්, 2022 ජූලි මාසයේ ලන්ඩනයේදී ජේසන් කනිංහැම් (Jason Cunningham) පරාජය කළ තරගයෙන් අනතුරුව සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණයකදී, ඔහු ඇනබොලික් ස්ටෙරොයිඩ් (stanozolol) භාවිත කර ඇති බවට තහවුරු විය. එහි ප්‍රතිඵලයක් ලෙස එම තරගයේ ජයග්‍රහණය "නො-කොන්ටෙස්ට්" (No-Contest) ලෙස වෙනස් කෙරුණු අතර, ඔහුට වසර හතරක තරග තහනමක් පනවනු ලැබීය.

එම තරග තහනම 2026 ජූලි 29 වන දිනෙන් අවසන් වි තිබිණි. ටෙටේගේ කළමනාකරු ම්ලාන්ඩෙලි ටෙන්ගිම්ෆෙනේ (Mlandeli Tengimfene) ප්‍රකාශ කළේ, ලබන නොවැම්බර් 29 වන දින නැවත වතාවක් වළල්ලට පිවිසෙමින් තරග කිරීමට ටෙටේ දැඩි කැපවීමෙන් පුහුණුවීම්වල නිරත වෙමින් සිටි බවයි.

ඔහුගේ වෘත්තීය බොක්සිං වාර්තාව ජයග්‍රහණ 29ක් (නොක්අවුට් ජයග්‍රහණ 22ක් සහිතව), පරාජයන් 4ක් සහ නො-කොන්ටෙස්ට් තරග 1ක් ලෙස සටහන් වේ.

ලෝක බොක්සිං ප්‍රජාවේ ශෝකය

සොලානි ටෙටේගේ අභාවයත් සමඟ සමස්ත ලෝක බොක්සිං ප්‍රජාවම මහත් කම්පනයට පත්ව සිටිති.

ජපානයේ සුපිරි බොක්සිං ක්‍රීඩක නාඕයා ඉනෝයේ (Naoya Inoue) සටහනක් තබමින් ටෙටේව "විශිෂ්ට බොක්සිං ක්‍රීඩකයෙකු" ලෙස අගය කළ අතර, "ලෝකය සාමයෙන් පවතීවා, ඔබට සැනසිල්ලේ සැතපීමට හැකිවේවා" යැයි ප්‍රාර්ථනා කළේය.

2019 වසරේදී ටෙටේගෙන් WBO බැන්ටම්වේට් පටිය හිමිකරගත් ජෝන් රියල් කැසිමෙරෝ (John Riel Casimero) සඳහන් කළේ, තමන් මෙම පුවතින් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බවත්, ටෙටේ යනු "සැබෑ රණවිරුවෙකු සහ ශූරයෙකු" බවත්ය. ඔහු ටෙටේගේ පවුලේ සියලු දෙනා වෙත ගැඹුරු ශෝකය පිරිනමා සිටියේය.

ඊට අමතරව WBO (World Boxing Organization) නිල ආයතනයද නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ පවුලේ අයට සහ දකුණු අප්‍රිකානු බොක්සිං ප්‍රජාව වෙත තම බලවත් ශෝකය පළ කර ඇත.

දකුණු අප්‍රිකාවේ බොක්සිං ක්‍රීඩකයන් රැසක් බිහි කළ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන ම්ඩන්ට්සානේ නගරයේ සිදු වූ මෙම ඝාතනය, එරට පවතින ඉහළ අපරාධ අනුපාතය පිළිබඳව යළිත් දැඩි කතාබහක් මතු කිරීමට හේතු වී තිබේ.