ඩොලර් බිලියනයක ජාවාරමට සම්බන්ධ වෙනත් ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන් ගැනත් වහාම සොයන්න... කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්:
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශ රටවලට යැවීමේ මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බැංකු කාර්ය මණ්ඩල නිලධාරීන් හතරදෙනාට අමතරව, මෙයට වෙනත් ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන්ගේ සම්බන්ධයක් පවතීද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) නියෝග කර ඇත.
LSN Sri Lanka ·
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශ රටවලට යැවීමේ මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බැංකු කාර්ය මණ්ඩල නිලධාරීන් හතරදෙනාට අමතරව, මෙයට වෙනත් ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන්ගේ සම්බන්ධයක් පවතීද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) නියෝග කර ඇත.

මෙම ජාවාරම සම්බන්ධයෙන් අදාළ බැංකු පද්ධති මගින් අභ්‍යන්තරව ගෙන ඇති පියවර මොනවාද යන්නත්, මීට සම්බන්ධ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ඉන්වොයිස් පත්‍ර ලබාගෙන මාස හයක් ඇතුළත සැබවින්ම යම් භාණ්ඩ ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබේද යන්නත්, පූර්ව ඉන්වොයිස් සඳහා භාණ්ඩ ගෙන්වා නොතිබියදීත් නැවත නව ඉන්වොයිස් පත්‍ර විවෘත කිරීමට අනුබල දුන් වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටින්නේද යන්නත් පිළිබඳව පූර්ණ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මෙහිදී නියෝග කෙරිණි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස භාණ්ඩ ගෙන්වන මුවාවෙන් අමෙරිකානු ඩොලර් විදේශයන් වෙත යවන ලද ජෙෆ්රි මොහොමඩ් නැමැත්තා හඳුනාගෙන ඇති අතර, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනික් සැකකරුවන් වන්නේ උමේෂ් ඉන්දික, ශිරාන් මාරියෝ ප්‍රනාන්දු, ධර්මලිංගම් ප්‍රශාන්ත් සහ අමිල උදාර ලියනමාන්න යන බැංකු නිලධාරීන් හතරදෙනාය. මෙකී සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබේ.

අදාළ බැංකු නිලධාරීන් හතරදෙනා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔවුන් සේවය කළ සේවා ස්ථානවලදීම අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු 20 වැනිදා දක්වා ප්‍රථමයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. ප්‍රධාන සැකකරු වන ජෙෆ්රි මොහොමඩ් නැමැත්තා මීට පෙර මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අවස්ථා 199 කදී මෙම අමෙරිකානු ඩොලර් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත යවා ඇති බවයි. එමෙන්ම ප්‍රධාන සැකකරුගේ නමින් සමාගම් 36 ක් ලියාපදිංචි කර ඇති බවද තහවුරු වී ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඕස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර, කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් හරහා මෙම මුදල් විදේශයන් වෙත යවා ඇති බවයි. සමාගම් නාමයන් යටතේ ව්‍යාජ ලේඛන සකස් කර භාණ්ඩ ආනයනය කරන බවට පෙන්වමින්, විදුලි සංදේශ මුදල් හුවමාරු (Telegraphic Transfer) ක්‍රමය ඔස්සේ විදේශීය ගිණුම් වෙත මෙම මුදල් ප්‍රේරණය කර තිබේ.

ප්‍රධාන සැකකරු මෙම බැංකු නිලධාරීන් හතරදෙනාගේ සහාය ඇතිව අනෙකුත් ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන් මුලා කරමින් මෙම සංකීර්ණ ජාවාරම මෙහෙයවා ඇත. මෙම වංචනික ක්‍රියාවන් හේතුවෙන් අදාළ බැංකුවල විදේශ විනිමය සංචිතවලට පමණක් නොව සමස්ත රටේම විදේශ විනිමය සංචිතවලටද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, නීත්‍යානුකූල ලෙස මහජනතාව වෙත විදේශ විනිමය නිකුත් කිරීමේ ක්‍රියාවලියටද මෙයින් දැඩි බාධා පැමිණි බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව ප්‍රධාන සැකකරුට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත.

විත්තිකාර බැංකු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තම සේවාදායකයින් කනිෂ්ඨ මට්ටමේ සේවකයින් වන බැවින් ඔවුන්ගේ වගකීම පාරිභෝගිකයින්ගෙන් තොරතුරු ලබා ගැනීම සහ සාමාන්‍ය බැංකු කටයුතු පවත්වාගෙන යාමට පමණක් සීමා වන බවය. අදාළ සමාගම් විසින් සැබවින්ම භාණ්ඩ ආනයනය කරන්නේද සහ එම කටයුතු නීත්‍යානුකූල අවශ්‍යතාවලට අනුකූලද යන්න තීරණය කිරීම ඔවුන්ගේ වගකීමක් නොවන බවත්, එය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වගකීමක් බවත් පෙන්වා දුන් නීතිඥවරු තම සේවාදායකයින්ට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත් දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරුවන් දැනට රැකියාවල නිරත නොවූවද, ජාතික ආර්ථිකයට සෘජුවම බලපාන සංවේදී විමර්ශනයක් තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.

ඒ අනුව සිද්ධියට අදාළ සියලුම සැකකරුවන් එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.