ඉන්දීය ආරක්ෂක ඇමතිගේ එළඹෙන ලංකා සංචාරය තීරණාත්මකයි... ගහපු ගිවිසුම් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඉන්දියාව සූදානමින්...
ලබන මාසයේ මුල් සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ඉන්දියානු ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) ක්‍රියාත්මක කිරීම කෙරෙහි තදින්ම බලපෑම් කිරීමේ අභිලාෂයෙන් පසුවන බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.
LSN Sri Lanka ·
ලබන මාසයේ මුල් සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ඉන්දියානු ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) ක්‍රියාත්මක කිරීම කෙරෙහි තදින්ම බලපෑම් කිරීමේ අභිලාෂයෙන් පසුවන බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.

ආරක්ෂක ඇමැතිවරයා ලෙස සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයට එක්වන රාජ්නාත් සිං, සිය දෙදින සංචාරය අතරතුරදී ආරක්ෂක අමාත්‍ය ධුරය ද හොබවන ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මීට අමතරව, ඔහු ත්‍රිවිධ හමුදාපතිවරුන් ද හමුවීමට සැලසුම් කර ඇත.

සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මේ මස මුලදී කොළඹට පැමිණි අතර, එම සංචාරයෙන් අනතුරුව රාජ්නාත් සිංගේ මෙම සංචාරය සංවිධානය කර ඇති බවය. දෙරටේ නායකයන් අතර පැවැති ඉහළ මට්ටමේ සංචාරවලදී එළඹි ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව ගෙන යන වැඩපිළිවෙළෙහි තවත් පියවරක් ලෙස මෙම සංචාරය හැඳින්විය හැකිය.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත්තේ දෙරටේ විදුලිබල පද්ධති එකිනෙකට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය, සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ඇතුළු බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමේ ක්‍රමවේද පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇති බවය.

ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය හැකි ඉක්මනින් අවසන් කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබේ. තවද, ඇමෙරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත කන්කසන්තුරේ වරාය පුනරුත්ථාපනය සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම අවසන් කිරීමට ද සාකච්ඡා ආරම්භ කර ඇත.

ප්‍රසිද්ධ කර ඇති කරුණු මොනවා ද?

ප්‍රසිද්ධියට පත් කර ඇති තොරතුරුවලට අනුව, මෙම ආරක්ෂක අවබෝධතා ගිවිසුම යනු දැනට පවතින ආරක්ෂක සහයෝගීතා වැඩසටහන් වඩාත් විධිමත් කරන රාමුවකි. ඒ යටතේ ඒකාබද්ධ හමුදා අභ්‍යාස වැඩිදියුණු කිරීම, විවිධ ක්ෂේත්‍රයන්හි ධාරිතා වර්ධනය, මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) හුවමාරු කරගැනීම, දෙරටේ නාවික හමුදා නෞකාවන්හි වරාය සංචාර ඉහළ නැංවීම සහ ආරක්ෂක කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

මෙම ගිවිසුම වසර පහක කාලයක් සඳහා බලපැවැත්වෙන අතර, මාස තුනකට පෙර පූර්ව දැනුම්දීමක් ලබාදී එය අවසන් කිරීමට හෝ තවත් වසර තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වයටම අවස්ථාව පවතී.

සම්පූර්ණ අන්තර්ගතය තවමත් සඟවලා

කෙසේ වෙතත්, මෙම සමස්ත අවබෝධතා ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය නවදිල්ලිය හෝ කොළඹ විසින් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැත.

ඉන්දියානු රජය මෙම ලේඛනය නිල වශයෙන් ලේඛනගත කර තිබුණද, ඔවුන්ගේ ද්විපාර්ශ්වික ලේඛන පද්ධතියේ දැක්වෙන්නේ ගිවිසුමේ මාතෘකාව පමණි. පසුගිය වසරේ අප්‍රේල් 5 වැනිදා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර හුවමාරු කරගත් ද්විපාර්ශ්වික ලේඛන හතෙන් එකක් ලෙස මෙම ගිවිසුම ද ඇතුළත් වේ.

ඉන්දියාවේ නිල ප්‍රකාශනයන්ට අනුව, මෙම අවබෝධතා ගිවිසුම "ආරක්ෂක සහයෝගීතාව" (Defence Cooperation) ලෙස සටහන් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින් අත්සන් තබා ඇත.