සුරේෂ් සලේ රැඳවුම් කාලයෙන් දින 72ක් රෝහල්ගතව ඉඳලා – ඇමති නලින්ද ජයතිස්ස!
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ලබාදී තිබූ දින 90ක රැඳවුම් නියෝග කාලසීමාවෙන් දින 72ක්ම ඔහු සිටියේ රෝහල්ගතව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
LSN Sri Lanka ·
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ලබාදී තිබූ දින 90ක රැඳවුම් නියෝග කාලසීමාවෙන් දින 72ක්ම ඔහු සිටියේ රෝහල්ගතව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ තවත් දින 90ක කාලයකට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

සුරේෂ් සලේ ගේ රැඳවුම් නියෝග දීර්ඝ කිරීම පිළිබඳව අදහස් දැක්වූ ඇමතිවරයා, එම තීරණය ගනු ලබන්නේ විමර්ශන අංශ විසින් අධිකරණයෙන් කරන ඉල්ලීමකින් මිස රජය විසින් නොවන බව අවධාරණය කළේය. විමර්ශන නිලධාරීන්ට ප්‍රශ්න කිරීම් සිදුකිරීමට ලැබෙන අවස්ථාව සහ විමර්ශනවල ප්‍රගතිය මත එම පියවර තීරණය වන බව කී ඇමතිවරයා, යම් චූදිතයකු කළ යුත්තේ විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදෙමින් තමන්ගේ පාර්ශ්වයෙන් ඊට සහාය දැක්වීම බව ද පෙන්වා දුන්නේය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවල 3 වැනි සැකකරු ලෙස නම්කර සිටින සුරේෂ් සලේ 2026 පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) යටතේ ප්‍රශ්න කිරීම් ආරම්භ කළ අතර, මුල් දින 90 රැඳවුම් කාලය මැයි අගදී අවසන් වීමෙන් පසු දෙවන වරටත් දින 90ක රැඳවුම් නියෝග නිකුත් කෙරිණි. එම රැඳවුම් කාලසීමාව තුළ ඇතිවූ සෞඛ්‍ය සංකූලතා, උපවාසයක නිරතවීම සහ හෘද රෝගී තත්ත්වයන් හේතුවෙන් ඔහු ජූනි 7 වනදා කොළඹ ජාතිකය රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී ශල්‍යකර්මයකට ලක්කරමින් Implantable Cardioverter-Defibrillator (ICD) උපකරණයක්ද සවි කිරීමට පියවර ගැනුණි.

සලේ ගේ රැඳවුම් තත්ත්වය සහ සෞඛ්‍ය රක්ෂණය සම්බන්ධයෙන් පවුලේ අය සහ නීතිඥවරුන් ඉදිරිපත් කළ චෝදනා රජය ප්‍රතික්ෂේප කර ඇති අතර, සියලු කටයුතු නීතිමය හා වෛද්‍ය ක්‍රියාපටිපාටීන්ට අනුකූලව සිදුවන බව පවසා ඇත. මේ අතර, රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස සලේ ගේ බිරිඳ සහ මව ජනාධිපති අනුර කුමාර දිසානායකෙගෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව සුරේෂ් සලේතවත් දින 90ක කාලයකට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග දීර්ඝ කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම විමර්ශන ක්‍රියාත්මක වන අතර, අදාළ පනත අහෝසි කර නව නීති සම්පාදනය කිරීමට රජය අරමුණු කර ඇත. ඉදිරි තීරණ අධිකරණ සහ විමර්ශන අංශවල වාර්තා මත පදනම්ව සිදුවනු ඇත.