ජනාධිපති අරමුදලෙන් ලොතරැයි අලෙවි සහායක දූ දරුවන්ට ශිෂ්‍යත්ව: සමාරම්භය උතුරුමැදින්!
LSN Sri Lanka ·
ජනාධිපති අරමුදල මගින් අඩු ආදායම්ලාභී ලොතරැයිපත් අලෙවි සහායකයින්ගේ දරුවන් වෙනුවෙන් පිරිනමනු ලබන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන උතුරුමැද පළාතෙන් ආරම්භ කර තිබේ. එහි සමාරම්භක උත්සවය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි, 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමේ. මෙහි පළමු අදියර යටතේ උතුරුමැද පළාතේ ලොතරැයි අලෙවි සහායක දූ දරුවන් 65 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දී ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සඳහන් කළේ ජනාධිපති අරමුදල වෙත ලැබෙන සෑම රුපියලකම ප්‍රතිලාභය සැබෑ ලෙසම සහන ඇවැසි ජනතාව වෙත හිමිවන බවයි. 2026 වසරේ මුල් මාස 6 තුළ පමණක් 22,000ක් වන සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිත ජාලය විසින් ජනාධිපති අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 5,112ක මූල්‍ය දායකත්වයක් ලබාදී තිබේ.

ජනාධිපති අරමුදල මේ වන විට ඩිජිටල්කරණය වී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට විමධ්‍යගත කර ඇති බැවින්, ජනතාවට ග්‍රාම නිලධාරීවරයා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඉතා පහසුවෙන් එහි සේවාවන් ලබාගත හැක.

ග්‍රාමීය දුප්පත්භාවය නැති කිරීමට නම් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ලෝකයට ගැළපෙන වෘත්තිකයින් බිහි කිරීම රජයේ අරමුණ බවත් මෙහිදී අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය.

ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ ඇතුළු මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ