LSN News › Sri Lanka

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට විධිමත් ක්‍රමවේදයක් – කමිටු වාර්තාව ළඟදීම කැබිනට්ටුවට!

මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබා දීම සඳහා විධිමත් හා සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීමට පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව හැකි ඉක්මනින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

LSN Sri Lanka · 23 August 2026

ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසීන් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය යන බන්ධනාගාර පරිශ්‍ර නිරීක්ෂණය කරමින්, එහි සිටින පිරිමි සහ කාන්තා රැඳවියන් මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අවස්ථාවේදීය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද මෙම කමිටුව මාස 10 ක කාලයක් තිස්සේ සිදු කළ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව අදාළ වාර්තාව සකස් කර ඉදිරිපත් කර ඇත.

එම කමිටු වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන නිර්දේශ පහත පරිදි වේ:

ජනාධිපති සමාව සඳහා විධිමත් යාන්ත්‍රණයක්: ජනාධිපති පොදු සමාව ලබා දීමේ ක්‍රියාවලිය විධිමත්, සාධාරණ සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම.

මරණ දඬුවම ලිහිල් කිරීම: මරණ දඬුවම නියම වී ඇති සිරකරුවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් බවට සංශෝධනය කිරීම.

සිර දඬුවම් කාලය සීමා කිරීම: ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් වසර 20 ක උපරිම කාල සීමාවක් දක්වා අඩු කිරීම.

නිවාස නිවාඩු පහසුකම්: සුදුසුකම් සපුරාලන රැඳවියන් සඳහා නිවාස නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සැලසීම.

මෙම නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින සිරකරුවන් පොදු සමාව යටතේ නිදහස් කිරීම සඳහා සාධාරණ හා විධිමත් පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණු කෙරේ.

මේ අතර, රජයේ විශ්ලේෂක වාර්තා ලබා ගැනීමේදී පවතින දැඩි ප්‍රමාදය හේතුවෙන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ ගැටලුවලටද ඇමතිවරයාගේ අවධානය යොමු විය. අදාළ රැඳවියන් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව, රජයේ විශ්ලේෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.