LSN News › Sri Lanka

බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන්: යුද හමුදාව සහ පොලීසිය එක්ව දැවැන්ත සෙවුම් මෙහෙයුමක!

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු හදිසියේම අතුරුදන් වී ඇති බවත්, ඔහු සොයා විශේෂ සෙවුම් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.

LSN Sri Lanka · 24 August 2026

බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන්: යුද හමුදාව සහ පොලීසිය එක්ව දැවැන්ත සෙවුම් මෙහෙයුමක!

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු හදිසියේම අතුරුදන් වී ඇති බවත්, ඔහු සොයා විශේෂ සෙවුම් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.

අතුරුදන් වූ විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (අගෝස්තු 23) උදෑසන කාලයේ රෝහලේ රාජකාරී කටයුතුවල නිරතව සිට ඇති අතර, ඉන් පසුව මෙලෙස අතුරුදන් වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ වෛද්‍යවරයා ගමන් ගත් මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන ආකාරය මීගහකිවුල ප්‍රදේශයේ සවි කර තිබූ සී.සී.ටී.වී. (CCTV) කැමරාවක සටහන්ව ඇති බවයි.

එම තොරතුරු ඔස්සේ සිදුකළ වැඩිදුර පරීක්ෂාවලදී, අදාළ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 වන කණුව අසල මාපාකඩවැව ප්‍රදේශයේ අතහැර දමා තිබියදී ඊයේ රාත්‍රියේ සොයා ගැනීමට පොලීසිය සමත් විය.

මෝටර් රථය හමු වූ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අතුරුදන් වූ විශේෂඥ වෛද්‍යවරයා සොයා අද (අගෝස්තු 24) දින විශේෂ සෙවුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකා පොලීසිය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව මෙම ඒකාබද්ධ සෙවුම් මෙහෙයුම සිදු කරනු ලබයි.

සිද්ධියට හේතුව හෝ වෛද්‍යවරයාට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.