සලේගේ රැඳවුම දීර්ඝ කරන්න එපා – සාක්ෂි තියෙනවා නම් පරීක්ෂණ කරන්න: මවගෙන් ජනාධිපතිට ලිපියක්!
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් නියෝගයකට යටත්ව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් ඔහුගේ මව වන ක්ලෝඩියා මේරි ඇන්ටොනෙට් සලේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.
LSN Sri Lanka ·

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් නියෝගයකට යටත්ව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් ඔහුගේ මව වන ක්ලෝඩියා මේරි ඇන්ටොනෙට් සලේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.

2026 අගෝස්තු 23 දිනැතිව යොමු කර ඇති මෙම ලිපිය මගින් ඇය ඉල්ලා සිටින්නේ සිය පුතාගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙසත්, ජනාධිපතිවරයා හමුවී මවකගේ වේදනාව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත්ය.

තමන් දේශපාලනඥයෙකු හෝ නීතිඥයෙකු ලෙස නොව, සිය පුතා වෙනුවෙන් දැඩි වේදනාවෙන් පසුවන මවක් ලෙස මෙම ලිපිය ලියන බව ඇය සඳහන් කර ඇත.

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වසර 37ක් පුරා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිය තරුණ කාලය සහ පවුල සමඟ ගත කිරීමට තිබූ වසර ගණනාවක් රට වෙනුවෙන් කැප කළ අයෙකු බවත්, එම කැපකිරීම් මවක ලෙස තමන් හොඳින් දන්නා බවත් ඇය පෙන්වා දෙයි. දීර්ඝ සේවයකින් පසු විශ්‍රාම ගොස් සිටින පුතා මෙලෙස රැඳවුම් නියෝගයක් යටතේ සිටිනු දැකීම වයෝවෘද්ධ මවකට ඉතා වේදනාකාරී අත්දැකීමක් බව ද ඇය සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ නතර කරන ලෙස තමන් ඉල්ලා නොසිටින බව අවධාරණය කරන ඇය, “චෝදනා තිබේ නම් ඒවා පරීක්ෂා කරන්න. සාක්ෂි තිබේ නම් ඒවා විමර්ශනය කරන්න. සත්‍යය සොයාගන්න” යනුවෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එහෙත් පරීක්ෂණය සිදුවන අතරතුර පුතාගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකළ යුතු බවත්, විමර්ශන සිදුවිය යුත්තේ සාක්ෂි මත පදනම්ව මිස රැඳවුම සාක්ෂි සොයාගැනීමේ ආවේගයක් නොවිය යුතු බවත් ඇය අවධාරණය කර ඇත.

කිසිදු විශේෂ වරප්‍රසාදයක් ඉල්ලා නොසිටින බව පවසන ඇය, ලිපියකින් ප්‍රකාශ කිරීමට අපහසු දේ මවකගේ දෑස් දෙස බලා අසන ලෙසත්, ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පසුබිම් තොරතුරු

2019 අප්‍රේල් 21 වන දා සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ උදව් උපකාර කිරීම යන චෝදනා මත 2026 පෙබරවාරි 25 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබීය.

1987දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී සන්නාහ සන්නද්ධ බලකායේ සහ සංඥා රෙජිමේන්තුවල සේවය කළ ඔහු, 1993දී සන්නද්ධ බුද්ධි බලකාය වෙත තෝරාගැනුණි. පසුව සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ ලෙසත්, 2019 දෙසැම්බර් සිට රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කළ ඔහු 2024 අවසානයේදී එම ධුරයෙන් ඉවත් කෙරිණි.

රැඳවුම් කාලය තුළ ඇතිවූ සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් ඔහු ජාතික රෝහලේ හෘද ඒකකයට ඇතුළත් කර හෘද පරිවර්තක ඩිෆයිබ්‍රිලේටරයක් තැන්පත් කිරීමේ ශල්‍යකර්මයට ( Implantable Cardioverter-Defibrillator (ICD) surgery ) ද භාජනය කෙරිණි. මීට පෙර ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ ද ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කරමින් සුරේෂ් සලේ වෛද්‍ය ප්‍රතිකාර යටතේ රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ඉල්ලා තිබුණි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන ජනාධිපතිවරයා සතුව මෙම රැඳවුම් නියෝගය සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමේ බලය පවතී.