LSN News › Sri Lanka

අතුරුදන් වූ බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර මාපාකඩවැවෙන් හමුවෙයි!

LSN Sri Lanka · 24 August 2026

අතුරුදන් වූ බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර මාපාකඩවැවෙන් හමුවෙයි!

අතුරුදන් වූ බවට වාර්තා වූ බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර මහියංගනය, මාපාකඩවැව ප්‍රදේශයේ ගලක් මත තිබී සොයාගෙන තිබේ.

අද (අගෝස්තු 24) දින පෙර්වරුවේ පොලීසිය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ ඒකාබද්ධ සෙවුම් මෙහෙයුමේදී මෙම මළසිරුර සොයා ගැනීමට සමත් වී ඇත.

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ මෙම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා පෙරේදා (අගෝස්තු 23) උදෑසන රෝහලේ රාජකාරී කටයුතුවල නිරතව සිටීමෙන් අනතුරුව මෙලෙස අතුරුදන්ව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී වෛද්‍යවරයා ගමන් ගත් මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන ආකාරය මීගහකිවුල ප්‍රදේශයේ සවි කර තිබූ සී.සී.ටී.වී. (CCTV) කැමරාවක සටහන්ව තිබූ අතර, අදාළ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 වන කණුව අසල මාපාකඩවැව ප්‍රදේශයේ අතහැර දමා තිබියදී පෙරේදා රාත්‍රියේදී සොයා ගැනුණි.

මෝටර් රථය හමු වූ ස්ථානය ආසන්නයේ සිදුකළ පරීක්ෂාවන්හිදී මෙලෙස වෛද්‍යවරයාගේ සිරුර සොයාගෙන ඇති අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල සහ මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.