LSN News › Sri Lanka

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ ‘ඇල්ටෝ ධර්මේ’ සහ ‘වනාතේ චතූ’ගැන කතාවක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවය ඩුබායි පොලීසිය සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගත් ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලිත්’ නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු හෙට (25) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

LSN Sri Lanka · 24 August 2026

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’  ‘ඇල්ටෝ ධර්මේ’ සහ ‘වනාතේ චතූ’ගැන කතාවක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවය ඩුබායි පොලීසිය සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගත් ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලිත්’ නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු හෙට (25) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශගේ ප්‍රධානත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් ඩුබායි බලා ගොස් සිටිති. ඩුබායි පොලීසිය විසින් අද (24) දින බස් ලලිත් නමැති අපරාධකරු මෙරට පොලිස් කණ්ඩායමට භාරදීමට නියමිත අතර, ඔවුන් රැගත් ගුවන් යානය අද රාත්‍රී කාලයේදී එරටින් පිටත්වනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර සිටි මෙරට පාතාල අපරාධකරුවන් 16 දෙනකු මෙම වසර තුළ පමණක් මෙරටට ගෙන ඒමට හැකිව තිබෙන බව ජාත්‍යන්තර පොලිස් ශ්‍රී ලංකා ශාඛාවේ තොරතුරු සනාථ කරයි.

ඩුබායි සිට ක්‍රියාත්මක වූ බස් ලලිත්ගේ අපරාධ ජාලය

හංවැල්ල, මීගොඩ, කොස්ගම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්, කොන්ත්‍රාත් මිනිස් ඝාතන සහ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම් සම්බන්ධයෙන් ලලිත් කන්නන්ගරට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මොහුට එරෙහිව කප්පම් ගැනීම් සම්බන්ධ චෝදනා 15කට වැඩි ප්‍රමාණයක් පැමිණිලි වී ඇති අතර, ඩුබායි සිට සිදුකළ තර්ජනය කිරීම්වලට බියෙන් ඇතැම් ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර පවා අතහැර ගොස් ඇත. මොහු පොලීසියේ නිලධාරීන් කිහිප දෙනකුට පවා ඩුබායි සිට මරණ තර්ජනය කර තිබුණි.

මොහුගේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරමට ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ලැබී ඇති බව සඳහන් වේ. තලංගම පොලිස් වසමේ පිහිටි, නීතීඥ වෘත්තියේ නිරත වන සහ පොලිස් පරීක්ෂක සංගමයේ හිටපු සභාපතිවරයකුට සම්බන්ධකම් ඇති ඉඩමක් ද මොහුගේ කල්ලිය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබුණි. පසුව එම නිලධාරියාට තිබූ බලපෑම මත එය නිදහස් කරගැනීමට හැකි වුවද, හොර ඔප්පු සකස් කර අත්පත් කරගත් තවත් ඉඩම් ගණනාවක හිමිකරුවන්ට ඩුබායි සිට දුරකතන ඇමතුම් දෙමින් මරණ තර්ජනය කර නිහඬ කරවා තිබුණි.

කොන්ත්‍රාත් ඝාතන සහ මීගොඩ මන්ත්‍රී ඝාතනය

ඩුබායි සිට කුලී ඝාතකයන් යොදවා මොහු විසින් සිදුකළ ඝාතන සංඛ්‍යාව 7කි. 2022 වසරේ දෙසැම්බර් 18 වැනිදා ‘බූරු මූණා’ ලවා හංවැල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සහ 2025 අගෝස්තු 12 වන දින මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩි තබා ඝාතනය කිරීම මොහු විසින් මෙහෙයවන ලද ප්‍රධාන ඝාතන අතර වේ. මීට අමතරව වෙඩික්කරුවන් යොදා සිදුකළ වෙඩි තැබීම් රැසකට ද මොහු වගකිව යුතුය.

ඩුබායිහිදී කොටුවීම සහ අධිකරණ සටන

මෙරටදී අත්අඩංගුවට ගත් ලලිත් කන්නන්ගරගේ සමීපතමයකුගෙන් ලද තොරතුරකට අනුව, මධ්‍යම විමර්ශන කාර්යාංශය ආරම්භ කර මාසයක් ගතවීමටත් පෙර ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා ගොස් එරට පොලීසිය සමඟ එක්ව මොහුව මහල් නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගත්තේය.

ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයක් නිකුත් කර තිබූ බැවින් උදර්පණ නීතියට අනුව ඔහුව මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි පොලීසිය සූදානම් වූවත්, ඊට එරෙහිව ලලිත් කන්නන්ගර එරට අධිකරණයේ නඩුවක් ගොනු කළේය. මාකඳුරේ මධුෂ් මෙන් තමන්වද ලංකාවට ගෙන ගොස් වෙඩි තබා මරා දමනු ඇතැයි පවසමින් ඔහු පිටුවහල් කිරීමට එරෙහිව තර්ක කළේය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව සහ ඩුබායි නීති අංශ අතර සිදු වූ සාර්ථක තොරතුරු හුවමාරුවෙන් පසු, එරට අධිකරණය ඔහුව පිටුවහල් කිරීමට තීන්දු කළේය. ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ද පසුගිය සතියේදී තල්ලු කර දැමීමෙන් අනතුරුව මෙලෙස ඔහුව මෙරටට රැගෙන ඒමට කටයුතු යෙදිණි.

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අනෙකුත් ප්‍රබලයින්

මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ ප්‍රබල පාතාල අපරාධකරුවන් වන ‘ඇල්ටෝ ධර්මේ’ සහ ‘වනාතේ චතූ’ පසුවන අතර, ඔවුන්ව ද ළඟදීම මෙරටට භාරදෙනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

වීථි පුරා භීතිය වැපිරූ ‘වනාතේ චතූ’

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයේ දරුණුතම ස්ථරය නියෝජනය කරන 'වනාතේ චතූ' නමැත්තා මනුෂ්‍ය ඝාතන, වෙඩි තැබීම් සහ කප්පම් ගැනීම් රැසකට සෘජුවම වගකිව යුත්තෙකි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි මොහුගේ ප්‍රධාන අපරාධ කිහිපයක් මෙසේය:

සංවිධානාත්මක ඝාතන: 2022 නොවැම්බර් 28 දින මට්ටක්කුලිය මිලාන් හෝටලය ඉදිරිපිටදී මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් අර්ෂාත් කපා කොටා ඝාතනය කිරීම, 2023 මැයි 15 දින බොරැල්ල සිරිසර උයනේදී තම්බිරාජා ප්‍රදීප් කුමාර් ඝාතනය කිරීම මෙහෙයවීම, මාලිගාවත්ත ප්‍රදේශයේදී තරුණයකු ඝාතනය කර කැලණි ගඟට දැමීම සහ කඩුවෙල කොරතොටදී පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

ගිනිඅවි භාවිතය සහ වෙඩි තැබීම්: 2024 පෙබරවාරි 19 දින බොරැල්ලේදී 'වනාත බිම්සර'ට වෙඩි තබා තුවාල සිදුකිරීම, 2025 අගෝස්තු 22 දින බොරැල්ලේදී පියුමරගේ සංඛ කුමාර පෙරේරා ඉලක්ක කර වෙඩි තැබීම, 2026 ජනවාරි 01 වන දින නාරාහේන්පිට නිවසකට ඇතුළු වී සිදුකළ වෙඩි තැබීමෙන් අයකු මියගොස් දෙදෙනෙකුට තුවාල සිදුවීම සහ 2026 ජූලි 23 දින දෙමටගොඩදී 'දිනෝජ්' නොහොත් 'ජිනෝ'ට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම.

පැහැරගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාලය: 2025 අගෝස්තු 25 දින වැල්ලම්පිටිය අනෝරා හෝටලයේදී පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත් කිරීම, 2025 නොවැම්බර් 14 දින මෝදරදී පුද්ගලයකුට සහ ඔහුගේ 16 හැවිරිදි පුතුට පහරදීම, සහ 2025 සැප්තැම්බර් 09 දින කොල්ලුපිටියේදී T-56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට පත් සැකකරුවන් 05 දෙනා මෙහෙයවීම.

‘ඇල්ටෝ ධර්මේ’ සහ විදේශගත අපරාධ ජාලය

ධර්මසිරි ලියනගේ හෙවත් ‘ඇල්ටෝ ධර්මේ’ යනු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්, ප්‍රතිවාදී කල්ලිවලට එරෙහි ප්‍රහාර සහ සංවිධානාත්මක අපරාධ ජාලයක් මෙහෙයවූ ප්‍රබලයෙකි.

2018 මැයි 24 වන දින රත්මලානේදී ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ දෙහිවල-ගල්කිස්ස නගර සභා මන්ත්‍රී රන්ජන් ද සිල්වා වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන්නේ ද මොහුය. විදේශගතව සිටියදී පවා මොරටුව, දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල සිය ජාලය ක්‍රියාත්මක කළ මොහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබුණි.

2024-2025 කාලයේ සමාජ මාධ්‍ය සහ YouTube හරහා සංසරණය වූ හඬ පට මගින් මොහු සහ දූෂිත පොලිස් නිලධාරීන් අතර පැවති සම්බන්ධතා පිළිබඳව තොරතුරු අනාවරණය විය. මීට පෙර අබුඩාබි සහ ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන නිදහස් වී සිටි ඇල්ටෝ ධර්මේ, 2026 මැයි මාසයේදී සිය පවුලේ සාමාජිකයන් සමඟ නැවත ඩුබායි පොලීසියට කොටුවීම මෙරට පාතාලය මර්දනය කිරීමේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ.