බදුල්ලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ සිරුර හමු වූ තැන ඖෂධ පෙති රැසක් – පශ්චාත් මරණ පරීක්ෂණය මොණරාගලදී!
බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ, අතුරුදහන්ව සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත දේහය සොයාගත් අවට ප්‍රදේශය පුරා සැලකිය යුතු ඖෂධ පෙති ප්‍රමාණයක් විසිරී තිබෙනු දක්නට ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කරයි.
LSN Sri Lanka ·

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ, අතුරුදහන්ව සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්නගේ මෘත දේහය සොයාගත් අවට ප්‍රදේශය පුරා සැලකිය යුතු ඖෂධ පෙති ප්‍රමාණයක් විසිරී තිබෙනු දක්නට ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කරයි.

LSN කළ විමසීමකදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, අදාළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා බදුල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකද වෛද්‍ය සේවයේ නිරත වූ අයෙකු බවයි. එලෙස සොයාගත් ඖෂධ පෙති, එකී පෞද්ගලික රෝහලේ නම සඳහන් කවරවල බහා තිබූ ඒවා බවද වෛද්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

මියගිය වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මොණරාගල රෝහලේදී සිදු කිරීමට නියමිත අතර, එහිදී මරණයට හේතුව නිශ්චිතවම හෙළි කරගැනීමට හැකි වනු ඇති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කළේය.

වෛද්‍යවරයාගේ අතුරුදහන් වීම පිළිබඳ තොරතුරු වාර්තා වූ වහාම, බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව හා එක්ව තම සගයා සොයා ගැනීම සඳහා ඝන කැලෑව පුරා ක්‍රියාත්මක කළ සෙවුම් මෙහෙයුමට සක්‍රියව දායක වූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.