LSN News › Sri Lanka

දැරිය පෙන්නූ ආවාස ගෙයි පාපිස්සේ පල්ලේගම හේමරතනගේ ශුක්‍රාණු තිබූ බව රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වේ!

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන ශුක්‍රාණු පිසදැමූ බවට බාලවයස්කාර දැරියක් විසින් පෙන්වන ලද පාපිස්සෙහි හේමරතරනගේ ශුක්‍රාණු තිබූ බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇතැයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

LSN Sri Lanka · 24 August 2026

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති රස පරීක්ෂණ වාර්තාව මගින් අදාළ පාපිස්සෙහි දෙපැත්තෙහිම සැකකාර හේමරතනගේ ශුක්‍රාණු පැවති බව දැනුම් දී ඇත.

මේ අතර, රජයේ රස පරීක්ෂකවරයා සිය වාර්තාවෙන් තවදුරටත් දක්වා ඇත්තේ, පොලිසිය විසින් අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයේදී භාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස නම් කර රස පරීක්ෂකවරයා වෙත යොමු කළ හිස කෙස් කොටස වින්දිත දැරියගේ නොව වෙනත් කාන්තාවකට අයත් එකක් බව ය. පාපිස්සෙහි රුධිරය හඳුනා ගැනීමක් සිදු නොවූ බව ද වාර්තාවේ සඳහන් වේ.

වින්දිත බාලවයස්කාර දැරිය පෙන්වන ලද ආවාස ගෙයි ඇඳ පාමුල තිබියදී හමුවූ අදාළ පාපිස්ස, නිට්ටඹුව පොලිසිය විසින් ස්ථාන පරීක්ෂණයේදී භාරයට ගෙන අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලැබ තිබිණි. මෙම රස පරීක්ෂක වාර්තාව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින බී 22424/2026 අංක දරන නඩු ගොනුවට නිල ලේඛනයක් ලෙස ගොනු කර ඇති අතර එහි පිටපතක් නීතිපතිවරයාට ද යොමු කර තිබේ.

අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයට රැගෙන ගිය අවස්ථාවේදී දැරිය ආවාස ගෙයට ගමන් කර සැකකාර පල්ලේගම හේමරතන සැතපෙන ආවාස කුටිය පෙන්වා එම කුටිය තුළදී ඇය බරපතළ ලිංගික හිංසනයකට ලක් කරනු ලැබූ බව පැවසූ බවත්, එහිදී සැකකාර හේමරතනගේ ශුක්‍රාණු පිස දැමූ බව කියන පාපිස්ස සහ කාන්තාවකගේ දිගු හිස කෙස් සිය භාරයට ගත් බවත් නිට්ටඹුව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර ඇති වැඩිදුර වාර්තාවේ සඳහන් වේ.

මෙම චෝදනාවට අදාළව පල්ලේගම හේමරතන දැනට අධිකරණය මගින් නියම කළ දැඩි ඇප කොන්දේසි මත සිටින අතර විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ. නඩුව 2027 වසරේ ජනවාරි මස 8 දින දක්වා නීතිපති උපදෙස් සඳහා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කර ඇත.