කලින් පුරෝකථනය කළ වර්ෂාව රටට නැතිවිමේ අවදානමක් !
පවත්නා ගෝලීය සහ ප්‍රදේශීය කාලගුණික සාධක විශ්ලේෂණය කිරීමේදී, ශ්‍රී ලංකාවේ ඉදිරි වර්ෂාපතනය අඩුවී වියළි කාලගුණයක් නිර්මාණය වීමේ සැලකිය යුතු අවදානමක් මතුව ඇතැයි කාලගුණ විද්‍යා ප්‍රමාණිකයෝ අනතුරු අඟවති.
LSN Sri Lanka ·

පවත්නා ගෝලීය සහ ප්‍රදේශීය කාලගුණික සාධක විශ්ලේෂණය කිරීමේදී, ශ්‍රී ලංකාවේ ඉදිරි වර්ෂාපතනය අඩුවී වියළි කාලගුණයක් නිර්මාණය වීමේ සැලකිය යුතු අවදානමක් මතුව තිබේ.

මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) තත්ත්වයක් සක්‍රියව පවතින පසුබිමක, ඊට සාපේක්ෂව හිතකර බලපෑමක් එල්ල කළ හැකි ‘ඉන්දියන් ඕෂන් ඩයිපෝල්’ (IOD) තත්ත්වය මධ්‍යස්ථ හෝ දුර්වල මට්ටමකට පහත වැටීමය.

සේ ඉන්දියන් ඕෂන් ඩයිපෝල් හෙවත් ඉන්දීය සාගරයේ ද්වීද්‍රවකරණ හරහා ප්‍රකාශයට පත්වන ඉන්දියානු සාගාර ද්වී ද්‍රැව දර්ශකය යනු කුමක් දැයි මුලින්ම වටහා ගැනීම වැදගත්ය.

DMI දර්ශකය කුමක් ද?

ඉන්දියානු සාගර ද්විධ්‍රැව දර්ශකය (Dipole Mode Index - DMI) යනු ඉන්දියානු සාගරයේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ දෙක අතර මතුපිට මුහුදු ජල උණුසුමේ පවතින වෙනස මැන බලන ප්‍රධාන දේශගුණික දර්ශකයයි.

මෙම දර්ශකය මගින් ඉන්දියානු සාගරයේ භූගෝලීය කලාප දෙකක උෂ්ණත්ව අපගමනයන් අතර වෙනස සලකා බලනු ලබයි:

බටහිර ඉන්දියානු සාගර කලාපය: අරාබි මුහුද සහ අප්‍රිකානු වෙරළාසන්න කලාපය (50°E-70°E, 10°S-10°N)වේ.

නැගෙනහිර ඉන්දියානු සාගර කලාපය: ඉන්දුනීසියාව සහ සුමාත්‍රා දූපත් ආශ්‍රිත කලාපය (90°E-110°E, 10°S-Eq).

DMI අගය = (බටහිර කලාපයේ උෂ්ණත්ව අපගමනය ) - (නැගෙනහිර කලාපයේ උෂ්ණත්ව අපගමනය )

මෙම දර්ශකයේ අගය +0.4°C සීමාව ඉක්මවා යනවිට 'ධනාත්මක IOD' තත්ත්වයක් ( ලෙසත්, -0.4°C සීමාවට වඩා අඩුවන විට 'ඍණාත්මක IOD' තත්ත්වයක් ලෙසත් හඳුන්වන හඳුන්වයි.

අගය -0.4°C සහ +0.4°C අතර පවතින විට එය 'මධ්‍යස්ථ IOD' තත්ත්වයක් ලෙස සලකනු ලබයි.

ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව කෙරෙහි, විශේෂයෙන්ම ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා පැවැත්වෙන දෙවන අන්තර්-මෝසම් සහ ඊසානදිග මෝසම් සමයන්හිදී මෙම දර්ශකය සෘජුවම බලපායි.

DMI අගය ධනාත්මක මට්ටමක පවතින විට මෙරට අවට වායුගෝලයේ තෙතමනය ඉහළ ගොස් වැසි තත්ත්වය වර්ධනය වන අතර, එල් නිනෝ වැනි ගෝලීය වියළි කාලගුණ බලපෑම් පාලනය කිරීමට ද එය උපකාරී වේ.

කෙසේ වෙතත්, DMI අගය පහළ බැස මධ්‍යස්ථ හෝ ඍණාත්මක මට්ටමක පැවතුණහොත්, වායුගෝලීය තෙතමනය අඩුවී එල් නිනෝ තත්ත්වයේ වියළි බලපෑම මෙරටට වඩාත් තදින් එල්ල වීමේ අවදානමක් නිර්මාණය වේ

අපට සිදුවන්නේ කුමක් ද?

පවතින තත්ත්වය තුළ ඉන්දියන් සාගරයේ උෂ්ණත්වය ද ඉහළ යනු ඇතැයි මීට පෙර අපේක්ෂා කෙරිනි. එසේ ඉහළ ගියහොත් ජලවාශ්ප වැඩ වි වර්ෂාව ඉහළ යෑමට ඉඩ තිබිනි. එහෙත් පසුගිය සති තුනක කාලය තුළ ඉන්දියන් ඕෂන් ඩයිපෝල් (IOD) දර්ශකය මධ්‍යස්ථ සීමාව තුළ 0.17 දක්වා පහත වැටී තිබේ.

මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා වර්ෂාපතනයක් බලාපොරොත්තු වූයේ ඉන්දියන් සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම පදනම් අපේක්ෂාවෙනි. ඒ අපේක්ෂා බිඳ වැටෙමින් ඇත. පවතින මෙම තත්ත්වය හමුවේ ඉදිරි වර්ෂාපතනය පිළිබඳ අවිනිශ්චිතතාවක් මතුව ඇත.

දිවයින පුරා 81,000කට වැඩි පිරිසක් පීඩාවේ

මේ වනවිටත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශය හැර සෙසු සියලුම ප්‍රදේශවලට වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව, මේ වනවිට පවුල් 25,628කට අයත් පුද්ගලයින් 81,865 දෙනෙකු වියළි කාලගුණය නිසා පීඩාවට පත්ව සිටිති.

එයින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක පවුල් 23,048කට අයත් පුද්ගලයින් 72,153 දෙනෙකු වෙනුවෙන් බවුසර් මගින් පානීය ජලය බෙදාහැරීමට පියවර ගෙන ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල දැනට පවතින්නේ 35%ක පමණ ජල මට්ටමක් වන අතර, මහවැලි ජලාශ පද්ධතියේ සමස්ත ජල මට්ටම 55%ක් දක්වා පහත බැස තිබේ. පවතින තත්ත්වය හමුවේ ඉදිරි කාලගුණ විද්‍යාත්මක පුරෝකථනයන් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව ඇත