LSN News › Sri Lanka

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'බස් ලලිත්' දිවයිනට රැගෙන එයි!

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ අද (අගෝස්තු 25) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.

LSN Sri Lanka · 25 August 2026

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'බස් ලලිත්' දිවයිනට රැගෙන එයි!

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ අද (අගෝස්තු 25) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.

ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් පෙ.ව. 5.20ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඔහුව භාරගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ නිලධාරී කණ්ඩායමක් විසිනි.

කටුනායක ගුවන්තොටුපොළේදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ඔහුව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් තහවුරු කළේය.

කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට මනුෂ්‍ය ඝාතන, අපරාධ, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් (Interpol Red Notice) ද නිකුත් කර තිබුණි.

අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අදාළ රතු නිවේදනය ලබාගෙන ඇති අතර මිනීමැරුම් වරදට අධිකරණයේ පෙනී නොසිටීමේ වරද යටතේ කොළඹ මහාධිකරණයෙන් ද විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

ඊට අමතරව:

2021 සැප්තැම්බර් 20 වනදා නෙලුන්තුඩුව පදිංචි පුද්ගලයෙකුගේ නිවස ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කිරිමට තැත් කර බරපතල තුවාල සිදුකිරිම.

2022 ඔක්තෝබර් 16 වනදා පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම.

යන සිදුවීම් සම්බන්ධයෙන් ද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සැකකරුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

2025 ඔක්තෝබර්/නොවැම්බර් කාලයේදී ඔහු ඩුබායිහිදී අත්අඩංගුවට පත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි රාජ්‍යයට කළ තොරතුරු සැපයිමක් මතය. එහිදි බස් ලලිත් දිවයිනට රැගෙන ඒම වළක්වා ගැනිම සඳහා අභියාචනයක් ගොනු කළ අතර එම නඩු කටයුතු නිමා වනතුරු ඔහු හිටියේ ඩුබායි බන්ධනාගාරයේය. පහළ අධිකරණයෙන් ලද නියෝගය අභියෝගයට ලක් කරමින් ඉහළ අධිකරණයට කළ අභියාචනය ප්‍රතික්ෂේප වී මෙම අපරාධකරු ශ්‍රි ලංකාවට භාර දීමට නියෝග කෙරිනි.

අවසානයේ නිකුත් වූ පිටුවහල් කිරීමේ නියෝගයක් මත ඔහු දිවයිනට රැගෙන ඒම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ නායකත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් ඩුබායි වෙත ගියහ.

මෙම සැකකරු සම්බන්ධයෙන් CID සහ CCIB එක්ව ඒකාබද්ධ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර හංවැල්ල ව්‍යාපාරික ප්‍රජාව සහ වෙළෙඳ සංගමය මෙම අත්අඩංගුවට ගැනීම සහ රැගෙන ඒම පිළිබඳව ජනාධිපතිවරයා, රජය සහ ආරක්ෂක අංශ වෙත සිය ස්තූතිය පළ කර ඇත.