වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7500 ක පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට!
2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට (21) පෙ.ව 11.30 සිට ප.ව 12.30 දක්වා කාලය තුළ අනුමතිය සඳහා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
LSN Sri Lanka ·

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ සභාපතීත්වයෙන් අද (20) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණයට එළැඹ ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදන අතුරින්, මෙම වසර තුළ උපයෝජනය නොවනු ඇතැයි අපේක්ෂිත රුපියල් මිලියන 7500 ක මුදලක් අදාළ ගෙවීම් සඳහා යොදාගැනීමේ අරමුණිනි.

එම විවාදයෙන් අනතුරුව, රජය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව ප.ව 1.00 සිට ප.ව 5.30 දක්වා විවාදයට ගැනීමට ද නියමිතව ඇත.