LSN News › Sri Lanka

ඉරානයට එරෙහිව ඇමෙරිකාව දියත් කළ මහා සම්බාධක මෙහෙයුම කුමක් ද?!

බෙසන්ට් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, “අද, ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගය මත ඇමෙරිකානු භාණ්ඩාගාරය ඉරාන ඉස්ලාමීය ජනරජයට සහ එහි සහායකයින්ට එරෙහිව ඔපරේෂන් එකනොමික් අවුට්කාස්ට් නමින් මින් පෙර කිසි කලෙක සිදු නොවූ මෙහෙයුමක් ආරම්භ කර ඇත” යනුවෙනි.

LSN Sri Lanka · 25 August 2026

ඉරානයට එරෙහිව ඇමෙරිකාව දියත් කළ මහා සම්බාධක මෙහෙයුම කුමක් ද?!

ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පරිදි ඉරානයට එරෙහිව නව ආර්ථික ප්‍රහාරක මෙහෙයුමක් නිල වශයෙන් ආරම්භ කළේය. ඊයේ ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 11.30ට පමණ ආරම්භ වූ මාධ්‍ය සාකච්ඡාවක දී භාණ්ඩාගාර ලේකම්වරයා මේ සම්බාධක ප්‍රකාශයට පත් කළේය.

ඔහු මෙය ‘ඔපරේෂන් එකනොමික් අවුට්කාස්ට්’ (Operation Economic Outcast) ලෙස නම් කළේය. එය දෙවන ලෝක යුද්ධයේ ඩී-ඩේ (D-Day) සමග සසඳමින් ‘"Economic D-Day" ’ ලෙස ද විස්තර කළේය. මෙම නිවේදනය රොයිටර්, ඇක්සියෝස් සහ ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාශ ඇතුළු විශ්වාසනීය මූලාශ්‍ර මත පදනම්ව ගොඩ නැගිය හැකි එම කතාව මෙසේය.

මෙහෙයුමේ ප්‍රධාන අරමුණ

බෙසන්ට් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, “අද, ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගය මත ඇමෙරිකානු භාණ්ඩාගාරය ඉරාන ඉස්ලාමීය ජනරජයට සහ එහි සහායකයින්ට එරෙහිව ඔපරේෂන් එකනොමික් අවුට්කාස්ට් නමින් මින් පෙර කිසි කලෙක සිදු නොවූ මෙහෙයුමක් ආරම්භ කර ඇත” යනුවෙනි.

ඔහු ඩී-ඩේ සමග සංසන්දනය කරමින් පැවසුවේ, “දෙවන ලෝක යුද්ධයේදී ඩී-ඩේ යනු අපගේ මිත්‍ර පාක්ෂිකයින් සමඟ සතුරා තම ස්ථානවලින් පලවා හැරීමේ මෙහෙයුමේ ඓතිහාසික ආරම්භය විය. අද එම ආකාරයෙන්ම අපි ඉරානයේ ගෝලීය මූල්‍ය සම්බන්ධතාවලට එරෙහිව ආර්ථික ප්‍රහාරයක් දියත් කරමු. අපගේ අරමුණ වන්නේ ටෙහෙරානය තනිවම ඉතිරිවන තුරු එම ඒකාධිපති පාලනයට පෝෂණය වන සෑම ආර්ථික ජීවන මාර්ගයක්ම කපා දැමීමයි. ”

බෙසන්ට් අවධාරණය කළේ ඉරානයට දැන් පැහැදිලි විකල්ප දෙකක් පමණක් ඇති බවයි:

සම්පූර්ණ ගෝලීය හුදකලාව හා දුර්වල ආර්ථිකයක්,

නැතහොත් සාමාන්‍ය තත්ත්වයට යාමට සහ ගෝලීය ආර්ථිකයට නැවත එකතු වීමට අවස්ථාවක්.

“අපි තවදුරටත් ඉරාන තර්ජනය කළමනාකරණය නොකරමු. අපි එය අවසන් කරමු,” යැයි ඔහු පැවසීය.

ප්‍රධාන ක්‍රියාමාර්ග

අංශ පහකට ද්විතීයික සම්බාධක පුළුල් කිරීම: ඩිජිටල් වත්කම් (Digital Assets), තාක්ෂණය, රන්, ගුවන් සේවා සහ නාවික ප්‍රවාහනය යන අංශ පහ හඳුනාගෙන තිබේ. මේවා ඉරානය ආදායම් උත්පාදනයට, සම්බාධක මඟහැරීමට සහ ආර්ථික පීඩනය අඩු කිරීමට භාවිතා කරන බව භාණ්ඩාගාරය පවසයි. මෙම තීරණ මගින් මෙම අංශවල කටයුතු කරන හෝ ඉරානයට සහාය දෙන ඕනෑම විදේශීය පුද්ගලයෙකුට හෝ ආයතනයකට ද්විතීයික සම්බාධක අවදානම වැඩි කෙරේ.

නව සම්බාධක ලැයිස්තු: විදේශීය වත්කම් පාලන කාර්යාලය (OFAC) ලොව පුරා ආයතන, පුද්ගලයින් සහ නැව් 60කට වැඩි ප්‍රමාණයකට සම්බාධක පැනවීය. මේවා ඉරානයේ න්‍යෂ්ටික හා මිසයිල තාක්ෂණ ලබා ගැනීම, සයිබර් මෙහෙයුම් සහ තෙල් ආදායම් ජාලවලට සම්බන්ධ යැයි කියන ඒවා වේ.

‘ශුන්‍ය කාන්දු’ ප්‍රවේශය: භාණ්ඩාගාරය ඉරානය තෙල් ජාවාරම් කිරීමට සහ සම්බාධක මඟහැරීමට භාවිතා කළ සෑම ජාලයක්ම, සහායකයෙකු සහ නෝඩයක් සිතියම්ගත කර ඇති බව බෙසන්ට් පැවසීය. “අපි ශුන්‍ය කාන්දු ප්‍රවේශයක් ක්‍රියාත්මක කරමු. පාලනයට තම හැකියාවන් යථාස්ථාපනය කිරීමට අවම හුස්ම ගැනීමේ ඉඩක්වත් නොතබමු,” යැයි ඔහු අවධාරණය කළේය.

රටවලට කාලසීමා සහ අනතුරු ඇඟවීම්: සෑම රටකටම ඉරාන-සම්බන්ධ ක්‍රියාකාරකම් නතර කිරීමට නිශ්චිත කාලසීමාවක් ලබා දෙන බවත්, එසේ නොකළහොත් ඇමෙරිකාව තනිවම ක්‍රියා කරන බවත් පැවසිණි. උදාහරණයක් ලෙස බෑන්ක් මෙල්ලි (Bank Melli) හි සෑම ශාඛාවක්ම වසා දැමිය යුතු බව සඳහන් විය. ඉරානය වෙනුවෙන් මුදල් සෝදා පිරිසිදු කිරීමට උපකාර කරන ඕනෑම ආයතනයක් ඇමෙරිකානු ඩොලර් පද්ධතියෙන් ඉවත් කරන බව බෙසන්ට් අනතුරු ඇඟවීය. “ඔරලෝසුව ක්‍රියාත්මක වී ඇත,” යැයි ඔහු පැවසීය.

ජනාධිපති ට්‍රම්ප් විදේශ නායකයින්ට දුරකථන ඇමතුම් දෙමින් ඉරානය සමඟ වෙළඳ හා ව්‍යාපාරික සම්බන්ධතා නතර කරන ලෙස විශේෂ ඉල්ලීම් කරමින් සිටින බවත් හෙළි විය. භාණ්ඩාගාර, විදේශ හා ආරක්ෂක දෙපාර්තමේන්තුවල කණ්ඩායම් ලොව පුරා තම සමකාලීනයින් හමුවෙමින් ක්ෂණික ක්‍රියාමාර්ග ඉල්ලා සිටිති.

පසුබිම සහ වත්මන් සන්දර්භය

මෙම මෙහෙයුම පැමිණෙන්නේ ඉරානයට එරෙහිව මාස ගණනක් පැවති මිලිටරි මෙහෙයුම්, නාවික අවහිරතා සහ පෙර සම්බාධකවල පසුබිමකය. රොයිටර් වාර්තා අනුව, ඉරානයේ තෙල් අපනයනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. පෙබරවාරි 28ට පෙර මාස තුනේ සාමාන්‍යයෙන් දිනකට බැරල් මිලියන 1.75ක් පමණ අපනයනය කළ ඉරානයේ අගෝස්තු මාසයේ එය බැරල් 255,000කට පමණ පහත වැටී තිබේ. ඉරාන රියාල් ඩොලරයට එරෙහිව නව අඩුම අගයක් වාර්තා කර ඇති අතර උද්ධමනය සහ ජීවන වියදම් ඉහළ යමින් පවතී.

බෙසන්ට් මීට පෙර Financial Times ලිපියක ද “ඉකොනොමික් ඩී-ඩේ” යන වචනය භාවිතා කරමින් මෙය “සතුරෙකුට එරෙහිව කවදාවත් නොපෙනුණු විශාලතම මූල්‍ය ප්‍රහාරය” ලෙස විස්තර කර තිබුණි. ට්‍රම්ප් ද සමාජ මාධ්‍ය හරහා ඉරානය “සම්පූර්ණයෙන්ම බිඳ වැටෙමින්” සිටින බව ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් රොයිටර් විශ්ලේෂකයෙකු පෙන්වා දුන් පරිදි, මෙම පියවර ඩී-ඩේට වඩා දෙවන ලෝක යුද්ධයේ අන්සියෝ (Anzio) ගොඩබෑමට සමාන විය හැකිය—ආරම්භයේදී සාර්ථකත්වයක් පෙනුනද, තීරණාත්මක නායකත්වයක් නොමැතිව දිගුකාලීන යුද්ධයක් බවට පත්වීමේ අවදානමක් ඇත. බෙසන්ට් විසින්ම පිළිගත් පරිදි මෙය වහාම සම්පූර්ණ සම්බාධක පැනවීමකට වඩා “අනතුරු ඇඟවීමක්” හා “නිහඬ රාජ්‍යතාන්ත්‍රික” කාලයක් ආරම්භ කිරීමකි. රටවලට “නරක හැසිරීම් නිවැරදි කිරීමට” අවස්ථාවක් ලබා දෙන බවත්, ගෝලීය මූල්‍ය පද්ධතිය “පුපුරවා නොදැමීමට” උත්සාහ කරන බවත් ඔහු පැවසීය.

චීනය වැනි ඉරානයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ට එරෙහිව කෙතරම් දුරට ක්‍රියා කරන්නේද යන්න තවමත් පැහැදිලි නැත. බෙසන්ට් “කිසිවෙකු ඇමෙරිකානු සම්බාධකවලට ඉහළින් නැත” යැයි පැවසුවද, චීන බැංකු හෝ සමාගම්වලට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගැනීම ගෝලීය ආර්ථිකයට බලපෑම් ඇති කළ හැකි බැවින් ප්‍රවේශම් විය හැකිය.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියාන් (Lin Jian) ඊයේ (අගෝස්තු 24 වැනිදා) බීජිංහි දී මාධ්‍ය හමුවක් කැඳවූයේය. ඔහු පැහැදිලිවම ප්‍රකාශ කළේ සම්බාධක හා පීඩනය ගැටලු විසඳන්නේ නැති බවය. ඒවා ආතතිය උත්සන්න කර තත්ත්වය උග්‍ර කරන බවය. කිසිවෙකුගේත් අවශ්‍යතාවලට ඵලදායී විසඳුමක් මින් නොලැබෙන බව චීනය අවාධාරණය කළේය.

චීනය වෙනුවෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරය පෙන්වා දුන්නේ සියලු පාර්ශ්වයන් තාර්කිකව හා සංයමයෙන් කටයුතු කළ යුතු අතර, ගැටුම් තවදුරටත් උත්සන්න කරන හෝ ගෝලීය ආර්ථික සංවර්ධනයට හා මූල්‍ය ස්ථාවරත්වයට හානි කරන පියවරවලින් වැළකිය යුතු බවය.රාජ්‍යතාන්ත්‍රික සංවාදය හා දේශපාලන විසඳුමක් දෙසට යළි හැරෙන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය. චීනය අදාළ සිදුවීම් සමීපව නිරීක්ෂණය කරන අතර, තම නීත්‍යානුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ඇති බව ද අවධාරණය කළේය.

ඉරාන ප්‍රතිචාරය

ඉරාන නායකයින් මෙම තර්ජන අවතක්සේරු කිරීමට උත්සාහ කරන අතරම, ආර්ථික බිඳවැටීමේ අවදානම පිළිගෙන ඇත. පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගාලිබාෆ් ඇතුළු අය ආර්ථික ශක්තියකින් තොරව ආරක්ෂාව පවත්වාගත නොහැකි බව අවධාරණය කර තිබේ. ඉරානය මෙම සම්බාධකවලට සහය දෙන රටවලට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි බවට ද තර්ජනය කර ඇත.