LSN News › Sri Lanka

බුලත්විට හා මත්ද්‍රව්‍ය නිසා ඇත්ගොව්වන් බහුතරයක් දෙනා මුඛ පිළිකා අවදානමක - පේරාදෙණිය දන්ත රෝහලෙන් අනතුරු ඇඟවීමක්!

දෛනිකව බුලත්විට 20-30ත් අතර ප්‍රමාණයක් කෑමට පුරුදුව සිටින ඇත්ගොව්වන්, එකී බුලත්විට දීර්ඝ වේලාවක් මුඛයේ තැන්පත් කරගෙන සිටීම නිසා ඔවුන්ගේ මුඛ සෞඛ්‍යය ඉතා පහළ මට්ටමකට වැටි ඇති බවත්, ඔවුන් මුඛ පිළිකා සඳහා ගොදුරු වීමේ දැඩි අවදානමකට ලක් වී ඇති බවත් පේරාදෙණිය දන්ත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසේකර පවසයි.

LSN Sri Lanka · 25 August 2026

බුලත්විට හා මත්ද්‍රව්‍ය නිසා ඇත්ගොව්වන් බහුතරයක් දෙනා  මුඛ පිළිකා අවදානමක - පේරාදෙණිය දන්ත රෝහලෙන් අනතුරු ඇඟවීමක්!

බුලත්විට ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇත්ගොව්වන් වැඩිදෙනෙකුගේ මුඛ සෞඛ්‍යය බරපතළ ලෙස පිරිහී ඇති බවත්, මේ නිසා ඔවුන් මුඛ පිළිකා සඳහා ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවත් පේරාදෙණිය දන්ත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසේකර පවසයි.

හස්ති පාලකයින්ගෙන් අතිබහුතරයක් බුලත්විට කෑමට පුරුදුව සිටින අතර, ඒ අතරින් ඇතැම් පිරිස් අයිස්, ගංජා ඇතුළු අන්තරායකාරී මත්ද්‍රව්‍ය භාවිතයට පවා යොමුව සිටින බව වෛද්‍යවරයා සඳහන් කළේය.

මහනුවර ඇසළ පෙරහරට අලි ඇතුන් සමඟ සම්බන්ධ වී සිටින ඇත්ගොව්වන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම වෙනුවෙන් නාථ දේවාල පරිශ්‍රයේ පැවැති විශේෂ සෞඛ්‍ය සායනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය ඉන්දික වීරසේකර මේ බව කියා සිටියේය.

ඇත්ගොව්වන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ මෙම වැඩපිළිවෙළ පසුගිය වසරේදී ආරම්භ කළ අතර, එහිදී විවිධ සංකීර්ණ රෝගවලින් පෙළෙන පුද්ගලයින් රැසක් හඳුනාගෙන වැඩිදුර වෛද්‍ය සායන සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.

දෛනිකව බුලත්විට 20-30ත් අතර ප්‍රමාණයක් කෑමට පුරුදුව සිටින ඇත්ගොව්වන්, එකී බුලත්විට දීර්ඝ වේලාවක් මුඛයේ තැන්පත් කරගෙන සිටීම නිසා ඔවුන්ගේ මුඛ සෞඛ්‍යය ඉතා පහළ මට්ටමකට වැටී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නිදිවැරීම, අධික වෙහෙස සහ කායික පීඩනය වැනි කාරණා මුල් කරගනිමින් තමන් බුලත්විට කෑමට මෙන්ම මත්පැන් පානයට යොමුවූ බව ඇත්ගොව්වන් බහුතරයක් ප්‍රකාශ කර ඇති අතර, මේ හේතුවෙන් ඔවුන් මුඛ රෝගවලට අමතරව පෙනහැලි හා හෘද රෝග වැනි වෙනත් සංකූලතාවලටද ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇත. මෙලෙස හඳුනාගත් රෝගීන් පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් ගණනාවක විශේෂිත සායන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.

මෙහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කළේ, අලි ඇතුන් බලාගැනීම යනු අතිශය වගකීම් සහගත කාර්යයක් බවයි. තමන්ට යම් අසනීප තත්ත්වයක් ඇතිවුවද අලියා තනිකර දමා ප්‍රතිකාර සඳහා යාමට තරම් නිදහසක් හස්ති පාලකයින්ට නොමැති බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම පෙරහර සංස්කෘතිය පිළිබඳව සමාජය කොතෙක් කතාබහ කළද, අලි ඇතුන් පාලනය කරන ඇත්ගොව්වන්ගේ நலන්සාධනය හා සෞඛ්‍යය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොවන බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බලා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම විශේෂ සෞඛ්‍ය සායනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, වෛද්‍ය පීඨය සහ මහනුවර සුවසෙවණ රෝහල එක්ව සංවිධානය කර තිබුණි.