අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර හදිසියේ වැසී ගිය හැටි: කැලණි ගඟට වැටුණු රසායනික බැරලයක් ගැන තොරතුරක් නිසා සහ මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වූ ආරක්ෂිත මෙහෙයුම!
විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් කැලණි ගඟට එක් වන බවට වූ පැමිණිලි ලද වහාම ක්‍රියාත්මක වූ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන්, එකී රසායනික ද්‍රව්‍ය කැලණි ගඟේ ජලයට මුසු වී ඇත්දැයි යන්න පිළිබඳව දැඩි සැකයක් මතු වීම නිසා මහජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අඹතලේ සහ කැලණි දකුණු ඉවුර (බියගම) යන ප්‍රධාන ජල පවිත්‍රාගාර දෙකෙහිම කටයුතු එම මොහොතේම සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමට පියවර ගත්තේය.
LSN Sri Lanka ·
ඊයේ මධ්‍යම රාත්‍රියේ දී හදිසියේම අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කළේය. ඊට හේතුව මහජන සෞඛ්‍යට හානිකර තත්ත්වයක් නිර්මාණය වන බවට උපකල්පිත අනාරක්ෂිත තත්ත්වයක් වාර්තා වීමය. ඉන් කියැවුනේ ජල පවිත්‍රාගාර සඳහා ජලය ලබා ගන්නා කැලනිගඟේ දියවර කලාපයට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් මුසුවන බවය.

මේ වාර්තාවත් සමග හදිසියේම අඹතලේ සහ පෑලියගොඩ ජල පවිත්‍රාගාරවල කටයුතු අත් හිටවනු ලැබුවේය. මෙම ක්ෂණික තීරණයත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක ජල සැපයුම එකවර ඇණහිටියේය.

කැලණි ගඟට වැටුණු රසායනික බැරලය සහ මුල්ම පැමිණිල්ල

සිද්ධියේ ආරම්භය සටහන් වන්නේ ඊයේ රාත්‍රී 11:30 ට පමණ පට්ටිවිල, හෙයියංතුඩුව ප්‍රදේශයෙනි. කැලණි ගඟට ජලය ගලාබසින ප්‍රධාන ඇළ මාර්ගයකට ආසන්නයේ පිහිටි කම්හලකින් නිකුත් කරන ලද, රසායනික ද්‍රව්‍ය අඩංගු බැරලයක් ඇළ මාර්ගයට වැටී ඇති බවට ප්‍රදේශවාසීන් විසින් ප්‍රථමයෙන් පැමිණිලි කර තිබුණි.

මෙම තොරතුර ලැබීමත් සමඟම වහාම ක්‍රියාත්මක වූ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන්, එකී රසායනික ද්‍රව්‍ය කැලණි ගඟේ ජලයට මුසු වී ඇත්දැයි යන්න පිළිබඳව දැඩි සැකයක් මතු වීම නිසා මහජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අඹතලේ සහ කැලණි දකුණු ඉවුර (බියගම) යන ප්‍රධාන ජල පවිත්‍රාගාර දෙකෙහිම කටයුතු එම මොහොතේම සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමට පියවර ගත්තේය.

නගර රැසකට තාවකාලිකව ජලය අහිමි වෙයි

ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙක හදිසියේම අක්‍රිය කිරීමත් සමඟ අද පාන්දර 1:00 ට පමණ සිට ප්‍රදේශ රැසක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදු විය. ඒ අනුව, කොළඹ නගරය, බත්තරමුල්ල, කෝට්ටේ, වැල්ලවත්ත, ගම්පහ, බියගම, කැලණිය යන ප්‍රධාන නගර සහ ඊට අනුබද්ධ ප්‍රදේශ රැසක ජල සැපයුම එකවර නතර විය.

ත්‍රිවිධ හමුදාව සහ ආපදා කළමනාකරණය එක්වූ හදිසි පරීක්ෂණ මෙහෙයුම

ජල පවිත්‍රාගාර අක්‍රිය කිරීමෙන් අනතුරුව, ජලයේ ගුණාත්මකභාවයට සිදුව ඇති බලපෑම හඳුනාගැනීම සඳහා විශේෂ හදිසි වැඩපිළිවෙළක් දියත් කෙරිණි. එහිදී ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රසායනඥයින් (Chemists) සහ ඉංජිනේරුවරුන් ඇතුළු තාක්ෂණික කණ්ඩායම් මධ්‍යම රාත්‍රියේම වහාම ක්ෂේත්‍රයට බැස විමර්ශන ආරම්භ කළහ.

මෙම මෙහෙයුම සඳහා ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහයෝගයද ලැබුණු අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් හා නිර්දේශ පරිදි කැලණි ගඟේ සහ අදාළ ඇළ මාර්ගයේ ස්ථාන රැසකින් ජල සාම්පල ලබාගැනීමට කටයුතු කෙරිණි. ඉන් අනතුරුව ජලසම්පාදන මණ්ඩලයේ රසායනාගාර (Laboratories) විවෘත කරමින්, මුළු රාත්‍රිය පුරාම අඛණ්ඩව එම ජල සාම්පල පරීක්ෂාවට ලක් කරන ලදී.

පොලිස් විමර්ශන සහ මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීම

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් මෙන්ම මහජනතාව වෙතින්ද පැමිණිලි 04 ක් ලැබී තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය.

දැනට සිදුකරන ලද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ රසායනික සහිත බැරලය යම් කිසිවෙකු විසින් සිතාමතා ඇළ මාර්ගයට දමා නොමැති බවය. එය දීර්ඝ කාලයක් තිස්සේ ඇළ මාර්ගය ආසන්නයේ ඇති භූමියක තබා තිබීම හේතුවෙන්, ක්‍රමයෙන් ඇළට වැටී ඇති බවට පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

ජල සැපයුම නැවත යථා තත්ත්වයට පත්කළ ආකාරය

රාත්‍රිය පුරා සිදුකරන ලද දීර්ඝ රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව, කැලණි ගඟේ ජලයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුරක්ෂිත මට්ටමක පවතින බවත්, නියමිත ප්‍රමිතීන්ට අනුකූල බවත් තහවුරු කරගැනීමට පරීක්ෂක කණ්ඩායම්වලට හැකි විය.

ජලයේ සුරක්ෂිතභාවය තහවුරු වීමත් සමඟම, අද උදෑසන පාන්දර 4:30 වන විට අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර දෙකෙහිම කටයුතු නැවත ආරම්භ කරමින්, ජලය පවිත්‍රකරණය සහ බෙදාහැරීම යළි පටන් ගන්නා ලදී.

ඒ අනුව, උදෑසන 4:00 වන විට කොළඹ නගරයට ජල සැපයුම සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත්කිරීමට හැකි වූ අතර, උදෑසන 6:00 වන විට බියගම, කැලණිය සහ ගම්පහ යන ප්‍රදේශවලටද ජල සැපයුම යථා තත්ත්වයට පත්කරන ලදී. දැනට පහත්බිම් ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ජලය ලැබෙමින් පවතින අතර, උස් ස්ථාන වෙත ජලය ළඟාවීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇති බව වාර්තා විය.

ජලසම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර දැක්වූ අදහස්

මෙම හදිසි තත්ත්වය සහ පවිත්‍රාගාර වසා දැමීමට සිදු වූ ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මෙසේ පැවසීය:

"ඊයේ රාත්‍රී 11:30 ට පමණ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අපට මේ පිළිබඳ ප්‍රධාන දැනුම්දීම සිදු කළා. ඒ මොහොතේම ජනතාවගේ ආරක්ෂාව සහ වඩාත් සුරක්ෂිතභාවය වෙනුවෙන් අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර තාවකාලිකව ක්‍රියා විරහිත කර ජලය ලබාගැනීම අත්හිටුවීමට අපට සිදු වුණා.

ඒ මොහොතේ සිටම මණ්ඩලයේ රසායනඥයින් (Chemists) සහ ඉංජිනේරුවරුන් එකතු වී, අදාළ ප්‍රදේශයට ගොස් අපද්‍රව්‍ය නිකුත් වීම සම්බන්ධයෙන් හදිසි විමර්ශනයක් ආරම්භ කළා. උදෑසන වන තෙක්ම විවිධ ස්ථානවලින් ජල සාම්පල ලබාගෙන අපගේ රසායනාගාර හරහා පරීක්ෂා කර, කැලණි ගඟේ ජලයේ තත්ත්වය සුරක්ෂිත බව තහවුරු කරගැනීමෙන් පසුවයි පාන්දර 4:30 ට නැවත පවිත්‍රාගාර ආරම්භ කළේ.

අපට ජලයට යම් අපද්‍රව්‍යයක් මුසු වුණාද නැද්ද යන්න පිළිබඳව නිශ්චිත තහවුරුවක් තිබුණේ නැහැ. ඒක තහවුරු කරගන්නා තෙක් මහජන ආරක්ෂාව උදෙසා ජල පිරිපහදු දෙක නවත්වන්න සිද්ධ වුණා. සිදු වූ මෙම හදිසි ජල ඇනහිටීම පිළිබඳව අපි ජනතාවගෙන් කනගාටුව පළ කරනවා."

ජලයේ ගුණාත්මකභාවය මැන බලන නිත්‍ය පද්ධතිය

ජලසම්පාදන මණ්ඩලය මගින් ජලයේ ගුණාත්මකභාවය නිරන්තරයෙන් පරීක්ෂා කරන ආකාරය පිළිබඳවද සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය:

"අපි නිතරම හැම මොහොතකම ජලය නිෂ්පාදනය කරද්දී ලබාගන්නා අමු ජලයේ (Raw Water) තත්ත්ව පරීක්ෂණ සිදුකරනවා. එමෙන්ම පිරිපහදු කර බෙදාහරින ජලයේත් තත්ත්ව වාර්තා (Lab Reports) වෙනම ලබාගන්නවා. එමගින් යම් විශේෂිත අපද්‍රව්‍යයක් ඇත්නම් හඳුනාගැනීමේ හැකියාව පවතිනවා. මෙවැනි හදිසි අපවිත්‍ර වීමක් සිදු වුවහොත් ඒ පිළිබඳව දැනුවත් වීමට පළාත් පාලන ආයතන සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරන්තරයෙන් අප සමඟ කටයුතු කරනවා."