LSN News › Sri Lanka

ඇමති නලින්ද ත්‍රී විල් මල්ලිලාගේ බිය දුරු කරයි... ත්‍රී විල් පැදීමේ අවම වයස ගැන තවම ආණ්ඩුව කිසිම සැලකීමක් නැති ලු...

ත්‍රී වීල් කුලී රථධාවනය කරන රියදුරන්ගේ අවම වයස 40 දක්වා වැඩි කිරීමට රජය මෙතෙක් කිසිම ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන නැතැයි කැබිනට් මාධ්‍යප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පැවසුවේය.

LSN Sri Lanka · 25 August 2026

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍ය පාර්ශවයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නියෝජ්‍ය ඇමති නලීන් හේවගේ විසින් පෙරේදා ප්‍රකාශ කළ පරිදි ත්‍රී රොද රථ රියදුරෙක් ලෙස කටයුතු කිරීමට අවම වයස් සීමාවක් නියම කිරීම සඳහා ඇති සංවාදය ඇතිවන්නේ කලක සිට බව කැබිනට් ප්‍රකාශකවරයා කීවේය.

පාසල් අධ්‍යාපනය අතරගම හැර ගිය තරුණයින් මෙන්ම උසස් පෙළින් පාසල් හැර ගිය ඇතැම් තරුණ කොටස් සම්බන්ධව විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීම සඳහා විවිධ යොජනා ලැබෙමින් පවතින බවත් ඒවා සංවාදයට ලක් කරමින් ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මේ යෝජනාවත් එවැනි යෝජනාවක් බවත්, යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මේ අදහස රජයක් ලෙස තවම සලකා ලබා නොමැති බවත් ඇමතිවරයා කීවේය.