LSN News › Sri Lanka

පිළිකා රෝගීන්ගේ ෆිල්ග්‍රැස්ටීම් එන්නත් හිඟයට සතියක් ඇතුළත විසඳුම් – ෂෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්!

LSN Sri Lanka · 25 August 2026

පිළිකා රෝගීන්ගේ ෆිල්ග්‍රැස්ටීම් එන්නත් හිඟයට සතියක් ඇතුළත විසඳුම් –  ෂෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්!

පිළිකා රෝගීන් සඳහා කීමෝ තෙරපි ප්‍රතිකාරය අතර ලබා දෙන ෆිල්ග්‍රැස්ටීම් (Filgrastim) එන්නතේ දැනට පවතින හිඟය තව සතියක් තුළ සම්පූර්ණයෙන්ම විසඳන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පැවසුවේය. මේ හිඟය ඇතිවීමට හේතුව පිළිබඳ මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවේ දී මෙසේ පැවසුවේය.

" සාමාන්‍යයෙන් ෆිල්ග්‍රැස්ටීම් (Filgrastim) කියන ඖෂධය භාවිතා කරන්නේ කීමෝතෙරපි දෙනකොට සුදු රුධිරාණු අඩු වෙන නිසයි. එතකොට ඒ රෝගීන් ආසාදනවලට ලක්වෙන්න පුළුවන්. සුදු රුධිරාණු මට්ටම, විශේෂයෙන් නියුට්‍රොෆිල් (Neutrophil) ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා තමයි ෆිල්ග්‍රැස්ටීම් එක ලබා දෙන්නේ.

එතකොට මේක සාමාන්‍යයෙන් අපිට අවුරුද්දකට ලක්ෂ 3ක්, 3,20,000ක් පමණ අවශ්‍යයි. අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) හරහා නියමිත කාලයේදී මේ තොග ඇණවුම් කළා. වෛද්‍ය සැපයුම් අංශයෙන් (MSD) නියමිත ඇණවුම SPC එකට ලබා දුන්නා. රාජ්‍ය ඖෂධ සංස්ථාව නියමිත පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරලා, නිවැරදිව සැපයුම්කරුවෙකුට මේක ලබා දුන්නා. ඒ අයත් හරි වෙලාවට – ඇත්තටම ජූලි මාසයේදී – මේ ඖෂධය අරගෙන ආවා.

චීන නිෂ්පාදිත ඖෂධයකට තමයි මේ සැරේ සැපයුම ගියේ. එතකොට මේ ගෙනාපු ඒ pre-filled syringes වල ලේබල් එක නැහැ. පෙට්ටියේ තමයි ලේබල් එක තියෙන්නේ. එතකොට පෙට්ටියේ තිබෙනවා නම් විතරයි කෙනෙකුට මේක හඳුනාගන්න පුළුවන්. නමුත් පෙට්ටියෙන් අරගෙන ඇවිල්ලා ඒ syringe එක තිබ්බොත්, කොහොමද මේ ඖෂධය හඳුනාගන්නේ? ඒක වෙන එකක් එක්ක ප්‍රශ්නයක් නොවී තියෙයි කියන එකට සහතිකයක් දෙන්න පුළුවන් කොහොමද? මේක ගැන අපි ජාතික ඖෂධ නියාමන අධිකාරියත් (NMRA) එක්ක ගොඩක් සාකච්ඡා කළා.

මේ ටෙන්ඩර් එකේ මේක minor deviation එකක් නෙවෙයි. මේක major deviation එකක්. එතකොට මේකට අනුමැතිය ලබාදීම සඳහා කිසිම ක්‍රමවේදයක් නැහැ. මම පිළිගන්නවා මේ කීමෝතෙරපි ලබාදීමට මේ ඖෂධය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ රෝගීන්ට බරපතල හානියක් වෙනවා. නමුත් පවතින ක්‍රමවේදය අනුව අපිට මේ ඖෂධයට ලේබල් එකකින් තොරව භාවිතා කරන්න අවසරයක් ලබාදීමට කිසිදු ක්‍රමවේදයක් නැහැ.

ඒ අනුව තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සැපයුම්කරුට දන්වලා හිටියා. ඔහු 1,60,000ක් තමයි මේ ගෙනැත් තිබෙන්නේ ඔහුගේ පළමු තොගය හැටියට. තවත් 1,60,000ක් ඔහු ගේන්න නියමිතයි. ඒ අනුව ලේබල් එක සහිත ඒ 1,60,000 ඉක්මනට ගුවන් මගින් ලංකාවට අරන් එන්න කියන එක, 10,000 , 15,000 කාණ්ඩ හැටියට. ඒ වගේම මේ ඖෂධ තොගය චීනයට යවලා ඉක්මනට ලේබල් එක ගහලා අරන් එන්න කියන එක. සැපයුම්කරු සෞඛ්‍ය අමාත්‍යාංශයට පොරොන්දු වෙලා තිබෙනවා ඉදිරි දින කිහිපය ඇතුළත මේක ලබාදෙනවා කියන එක.

ඊට අමතරව ඊළඟ වසර සඳහා මේ සැපයුම ලබාගත් සමාගම, ඔවුන් ගෙනෙන්නේ ඉන්දියානු නිෂ්පාදිත ඖෂධයක්. ඒ අයටත් මේ කඩිනමින් ඒක අරගෙන එන්න, ඇවිල්ලා වෙළඳපොළට දෙන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ. මේ සැරේදී වෛද්‍ය සැපයුම් අංශයට ඒක දෙන්න බැහැ. නමුත් අපිට ඒ අය වෙළඳපොළේ මේ ඖෂධය available කළොත්, අපිට පුළුවන්කමක් ලැබෙනවා ප්‍රාදේශීය මිලදී ගැනීම් හැටියට ඒක කරන්නට. අපි ඒ අවස්ථාවත් යොදාගෙන තිබෙන්නේ. කොහොම වුණත් ඒ සැපයුම්කරුවන් දෙදෙනා පොරොන්දු වෙලා තිබෙනවා ඉදිරි සතිය ඇතුළතදී මේක ලබා දෙනවායි කියන එක.

මේ ඖෂධය භාවිතා කිරීමේදී මේකට සම්බන්ධ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් (රුධිරය සම්බන්ද විශේෂඥ දැනුමක් ඇති "රක්තවේදී" විශේෂඥවරු) Hematologist ලා, අනෙක් එක (පිළිකා රෝග සම්බන්ධ වශේෂඥ) Oncologist ලා. එතකොට ඒ අයගේ පැත්තෙන් යම් සහතිකයක් ලැබෙනවා නම්, අනුමැතියක් ලැබෙනවා නම් ඒක සලකා බලන්න පුළුවන් ඖෂධ නියාමන අධිකාරියට.

නමුත් ඔබට පෙනෙනවා ඇති අර මේ පෙට්ටිය විවෘත කරලා මේ syringe එක එළියට ගත්තට පස්සේ ඒකෙ label එක නැත්නම්, ඊට පස්සේ වෙන ව්‍යාකූලත්වයන් පිළිබඳව වගකීමක් දරන්නට කෙනෙක් නැහැ.

ඉතින් මේක ඇත්තටම ගත්තොත් අපි ඖෂධ සැපයුම් ක්‍රියාවලියේදී සමහර වෙලාවට මතුවන ප්‍රශ්නයක්. සමහර ඖෂධ ගෙනාවට පස්සේ ගුණාත්මක තත්ත්වයෙන් තොරයි කියලා ඒ කාණ්ඩය හඳුනාගත්තොත් අපිට හදිසියේ ඊළඟට ඒක replace කරන්න බැහැ.

එහෙම නැත්නම් ඒකට සැලකිය යුතු කාලයක් ගතවෙනවා. ඉතින් මේ වෙලා තිබෙන්නේ නියමිත කාලයේදී නියමිත ප්‍රමිතියෙන් යුතු ඖෂධ ඇණවුම කරලත් ලංකාවට ගෙනැත් clear කරගත්තට පස්සේදී මේ label එකේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. කඩිනමින් මේකට විසඳුමක් ලැබෙයි."