විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ට නව සේවා කාණ්ඩයක්: සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ 'විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව' නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට සහඊට අදාළ සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
LSN Sri Lanka ·

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ 'විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව' නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට සහඊට අදාළ සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වෛද්‍ය සහ දන්ත වෛද්‍ය විශේෂඥයින් වෙනුවෙන් මෙලෙස වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට 2026 ජනවාරි 12 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුලින්ම අනුමැතිය හිමි විය.

එම නිලධාරි කමිටුව විසින් අදාළ කරුණ සම්බන්ධයෙන් පුළුල් සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුව සිය සියලු නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාව මේ වන විට රජයට ඉදිරිපත් කර ඇත.

එකී කමිටු වාර්තාවේ නිර්දේශ පදනම් කරගනිමින්, 'විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව' නමින් නව සේවා කාණ්ඩය ස්ථාපිත කිරීමටත්, ඊට අදාළ සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ නිලධාරී කමිටුවක් පත් කිරීමටත් තීරණය කර තිබේ.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිව ඇත.