ගැට්වික් වෙත පැමිණි ගුවන් යානයේ රෝද මැදිරියේ තිබී හමුවූ මළසිරුරේ මරණයට හේතුව එළිවෙයි!
ලන්ඩන් හි ගැට්වික් ගුවන්තොටුපොළ වෙත ළඟා වූ එයාර් ඇරේබියා (Air Arabia) ගුවන් යානයක රෝද මැදිරිය (landing gear compartment) තුළ තිබී හමුවූ හඳුනානොගත් පුද්ගල මළසිරුර සම්බන්ධයෙන් පැවැත්වෙන මරණ පරීක්ෂණයක් ලෝකයේ මනුෂ්‍යයින්ගේ අපේක්ෂාවල ස්වරූපය අනාවරණය කර තිබේ.
LSN Sri Lanka ·

ලන්ඩන් හි ගැට්වික් ගුවන්තොටුපොළ වෙත ළඟා වූ එයාර් ඇරේබියා (Air Arabia) ගුවන් යානයක රෝද මැදිරිය (landing gear compartment) තුළ තිබී හමුවූ හඳුනානොගත් පුද්ගල මළසිරුර සම්බන්ධයෙන් පැවැත්වෙන මරණ පරීක්ෂණයක් ලෝකයේ මනුෂ්‍යයින්ගේ අපේක්ෂාවල ස්වරූපය අනාවරණය කර තිබේ.

ගුවන් යානයක රෝද මැදිරිය (Wheel Well) තුළ සැඟවී නීති විරෝධී ලෙස විදේශගත වීමට උත්සාහ කිරීම අතිශය මාරාන්තික ක්‍රියාවකි. ජාත්‍යන්තර ගුවන්සේවා වාර්තාවලට අනුව මෙසේ ගමන් කරන පුද්ගලයින්ගෙන් 77%කට වඩා වැඩි ප්‍රමාණයක් ගොස් තිබුණහ. අධික ශීතල (Hypothermia), ශරීරයට අවශ්‍ය ඔක්සිජන් අඩුවීම (Hypoxia) සහ යානයේ රෝද ඇතුළට ගැනීමේදී සිදුවන තෙරපීම් මෙම මරණවලට ප්‍රධාන හේතු වී තිබිනි.

කෙසේ වෙතත්, ඉතිහාසයේ මෙවැනි භයානක අත්දැකීම්වලට මුහුණ දී ආශ්චර්යමත් ලෙස ජීවිතය බේරාගත් මෙන්ම ශෝචනීය ලෙස මියගිය සිදුවීම් රැසක් වාර්තා වී ඇත. ඒ අතරින් 2014 වසරේදී කැලිෆෝනියාවේ සිට හවායි දක්වා අඩි 38,000ක් ඉහළින් පියාසර කළ යානයක පැය 5 හමාරක් ගමන් කළ 15 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 1999 දී කියුබාවේ සිට ස්පාඤ්ඤයට පැමිණි තරුණයෙකු අයිස් මිදෙන උෂ්ණත්වය හමුවේ පවා ආශ්චර්යමත් ලෙස ජීවිතය බේරාගෙන තිබිණි. එමෙන්ම 2015 දී ජොහැන්නස්බර්ග් සිට ලන්ඩනය දක්වා පැය 11ක ගමනකින් පසු මෙසේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ජීවිතය බේරාගත්තද අනෙකා මිය ගියේය. 2019 වසරේදී කෙන්යාවේ සිට ලන්ඩනය බලා ආ යානයක සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් යානය ගොඩබස්වන අවස්ථාවේදී ලන්ඩන් නිවසක ගෙවත්තට වැටී තිබිණි. මේ වාර්තා වන්නේ ඒ පන්නයේ අලුත්ම සිදුවීමය.

අනන්‍යතාවයක් හඳුනා නොගත් මේ පුද්ගලයාගේ සිරුර හමුවන්නේ 2026 ජූනි 16 වන දිනය. මොරොක්කෝවේ ටැන්ජියර් (Tangier) නගරයේ සිට පැමිණි එයාර් ඇරේබියා ගුවන් යානය ගැට්වික් ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමෙන් පසුව රෝද මැදිරියේ තිබී මෙම සිරුර හමු විය. දැඩි ශීතලට නිරාවරණය වීම සහ ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබීම පුද්ගලයාගේ මරණයට හේතුවී ඇති බව එහිදී අනාවරණය විය.

ගුවන් යානයේ සිදුකළ සාමාන්‍ය පරීක්ෂාවන් අතරතුරදී භූමි මෙහෙයුම් කටයුතු භාර ඉංජිනේරුවරයෙක් විසින් මෙම සිරුර දැක තිබේ. පසුව වෛද්‍ය කණ්ඩායම් පැමිණ පරීක්ෂා කර ඇති අතර, එම ස්ථානයේදීම අදාළ පුද්ගලයා මියගොස් ඇති බව තහවුරු කෙරිණි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, මරණයට ආසන්නතම හේතු ලෙස හෘදයාබාධය (cardiac arrest), ශරීරයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබීම හෙවත් හයිපොක්සියා (hypoxia) තත්ත්වය සහ ශරීර උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ බැසීම හෙවත් හයිපොතර්මියා (hypothermia) තත්ත්වය හඳුනාගෙන ඇත.
ගුවන් ගමන අතරතුර යානයේ රෝද මැදිරිය තුළ පැවැති අධික ශීතල සහ ඉතා අඩු ඔක්සිජන් මට්ටම මෙම මරණයට හේතුවී ඇති බවත්, මෙය ස්වාභාවික නොවන ආකාරයේ මරණයක් බවට විශ්වාස කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවත් මරණ පරීක්ෂවරයා උපුටා දක්වමින් බීබීසී සඳහන් කළේය.

මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ ගැට්වික් ගුවන්තොටුපොළ හදිසි සහන සේවා කණ්ඩායම් සහ සසෙක්ස් පොලිසිය (Sussex Police) වහා ක්‍රියාත්මක වී අදාළ ගුවන් යානය පරීක්ෂාවට ලක් කළහ. පොලිසිය සහ හදිසි මරණ පරීක්ෂකවරයා කරන පරීක්ෂණ සඳහා ගුවන්තොටුපොළ බලධාරීන් පූර්ණ සහයෝගය ලබා දී ඇති නමුත්, මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැත.