Sport · Sri Lanka Bureau
බෝලයට ගහන්න බැරි පිත්ත “ කොස් කොටන්න ද?“
දැන් අවසන් දිනයේ තත්ත්වය මෙසේය. ලකුණු 16ක සුළු පෙරමුණක් සහිතව කඩුලු 4ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය බේරා ගැනීමට නම් අවසන් දිනයේදී සෝනල් දිනූෂ ඇතුළු අගපෙළ පිතිකරුවන්ගෙන් මහා ආශ්චර්යමත් ක්‍රීඩාවක් අවශ්‍ය ය. ක්‍රිකට් යථාර්ථයක් බැවින් ඉන්දියාවට 2-0ක පූර්ණ තරගාවලි ජයක් හිමිවීමේ වැඩි ඉඩකඩක් මේ වනවිට නිර්මාණය වී ඇත.
LSN Sri Lanka ·

කොළඹ සිංහල ක්‍රීඩාංගණ (SSC) පිටියේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්ව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ බරපතල කුජිත මට්මකය. අපි ඉන්නේ වැස්ස අපේ පැත්තට හිටියොත් මැච් එක ඩ්‍රෝ කරගත හැකි සීන් එකකය. නැතිනම් පට්ට පදුරු ලෙස මේ තරගයත් පරාදය.

ඉනිමක පරාජයේ විලිලජ්ජාව දරාගෙන යළි දෙවැනි ඉනිමටත් පිතිකරනයේ යෙදෙමින් සිටින ශ්‍රී ලංකාව දැන් නම් ඉනිමක පරාජයෙන් බේරි ඇත. එහෙත් ශ්‍රී ලංකාව ලබා සිටින්නේ ලකුණු 16ක අතිශය සුළු ඉදිරි ලකුණු ප්‍රමාණයක් පමණි. තරගයේ අවසන් දිනයේ දී ඉන්දීය කණ්ඩායමට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 4ක් පමණි. අනතුරුව අන්තිම දවස නිමාවන්නටත් පෙර තරගය දිනාගෙන අවශ්‍ය විනෝදය සමගම විවේකය ද ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිය. මුලුමනින්ම හෙදී ගිය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක වේදනාව සහ අපේක්ෂා භංගත්වය පමණක් අපට උරුමවීමට නියමිතව තිබේ.

ඉන්දීය කණ්ඩායම තම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290කට සීමා විය. ඒ අනුව ලකුණු 213ක පස්සෙන් සිටීමේ අවාසිය සහිතව ශ්‍රී ලංකාවට දෙවැනි ඉනිම සඳහා පිටියට පැමිණ පිතිකරණයේ යෙදෙන්නට සිදු විය.
සිව්වැනි දිනය අවසානයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලෙස සටහන් වුනේය.

පළමු ඉනිමේ කතාව: සෝනල්ගෙන් විශිෂ්ට ශතකයක්

සිව්වැනි දින උදෑසන ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණ වූයේ කඩුලු 8කට ලකුණු 265ක් ලබා සිටිමින්, නැවත පතිකරණයට පැමිණීමේ අභියෝගයෙන් බේරීමේ අරමුණ ඇතිවය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සෝනල් දිනූෂ පන්දු 162කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගින් සිය දෙවැනි ටෙස්ට් ශතකය (ලකුණු 103) පූර්ණය කර ගැනීමට සමත් විය. මෙය ඔහු මෙම තරගාවලියේදී රැස් කළ දෙවැනි ශතකයයි. මීට අමතරව පළමු ඉනිමේදී පසිඳු සූරියබණ්ඩාර ද ලකුණු 80ක් ලබාගෙන විශිෂ්ඨ මෙහෙවරක් ඉටු කළේය.

කෙසේ වෙතත්, අනෙක් පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290කට සීමා විය. ඉන්දීය පන්දු යැවීමේදී ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා (52ට 3) සහ මානව් සුතර් (85ට 3) ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කළහ.

දෙවැනි ඉනිමේ සටන සහ අගපෙළ කඩාවැටීම

දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර (ලකුණු 92) සහ කමිඳු මෙන්ඩිස් (ලකුණු 55) තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 115ක සබඳතාවක් ගොඩනගමින් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට උත්සාහ කළහ. පසිඳු සූරියබණ්ඩාර පන්දු 173කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ද, අවාසනාවන්ත ලෙස සිය මංගල ටෙස්ට් ශතකයට ලකුණු 8ක් මෙපිටින් ඔහු දැවී ගියේය. ඒ මානව් සුතර්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුවීමෙනි.

එක් අවස්ථාවක කඩුලු 3කට ලකුණු 209ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටි ශ්‍රී ලංකා දෙවැනි ඉනිම, අවසන් තරග වාරයේදී දැනට මේ කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල බව ප්‍රකාශ කරඇති, ඒ නිසාම නායකත්වයට පත් කළ, අත්දැකීම් වැඩි නිසාම යළි අවුරුදු තුන හමාරකින් පසු කණ්ඩායමට එක් කරගත් වයසක ඩයල් දෙකම අපටත් බලා සිටින්නට බැරි තම් අජූත විදිහට දැවී ගියේය. ධනංජය ද සිල්වා ලකුණු 23කි. පළමු ඉනිමේ ලකුණු නොලබා දැවී ගිය දික්වැල්ල ලකුණු 06කි.
අප නැවතත් අගාධයකට ඇද දමන්නට අපේ අත්දැකීම් වැඩි ක්‍රීඩකයින්ගේ වගකීම් රහිත ප්‍රෙව්ශය හේතු වූයේය. වර්ෂාව නිසා තරගය නතර කරන විට සෝනල් දිනූෂ (නොදැවී 7) සහ කේෂර නුවන්ත (නොදැවී 3) කඩුල්ලේ රැඳී සිටියහ.

ශ්‍රී ලංකා පිතිකරණයේ ප්‍රබලතා සහ දුර්වලතා

මේ තරගාවලිය පුරාම සොනාල් ශ්‍රී ලංකා මැදපෙළට විශාල ශක්තියක් වූ අතර, පදම් වූ දඟපන්දු සහ වේගපන්දු හමුවේ ස්වීප් (Sweep) පහරවල් ඉතා අලංකාර ලෙස භාවිතා කරමින් පරිණත භාවයක් පෙන්නුම් කළේය. එමෙන්ම පසිඳු සූරියබණ්ඩාර ලබාගත් ශතකාසන්න අර්ධ ශතක දෙක (80 සහ 92) මගින් ඔහුගේ ආරක්ෂාකාරී පන්දු පහරදීමේ තාක්ෂණය සහ ඉවසීම මනාව පැහැදිලි විය.

නමුත් කණ්ඩායමේ පරිණත යැයි කී ක්‍රීඩකයින් ගේ ගොංකම් යළි යළි අප දුටුවේය. හොඳින් පන්දුවට පහරදෙමින් සිටින අවස්ථාවලදී පවා අනවශය ලෙස ලබා දුන් පහසු උඩපන්දු සහ සරල දැවී යාම් ශ්‍රී ලංකා ඉනිම කඩාවැටීමට ප්‍රධාන හේතුව විය.

දැන් අවසන් දිනයේ තත්ත්වය මෙසේය. ලකුණු 16ක සුළු පෙරමුණක් සහිතව කඩුලු 4ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය බේරා ගැනීමට නම් අවසන් දිනයේදී සෝනල් දිනූෂ ඇතුළු අගපෙළ පිතිකරුවන්ගෙන් මහා ආශ්චර්යමත් ක්‍රීඩාවක් අවශ්‍ය ය. ක්‍රිකට් යථාර්ථයක් බැවින් ඉන්දියාවට 2-0ක පූර්ණ තරගාවලි ජයක් හිමිවීමේ වැඩි ඉඩකඩක් මේ වනවිට නිර්මාණය වී ඇත.