LSN News › Sri Lanka

World · Sri Lanka Bureau

හිමාලයේ ග්ලැසියරය බිඳ වැටී නේපාල–ටිබෙට් දේශසීමාව අතුගා දැමූ ගංවතුර... සොබා දහමේ අනතුරු ඇඟවීම තවමත් තේරුම් ගත නොහැකි නම් එක්ව වැළළෙන්න හිත හදා ගනිමු....

සොබා දහම පුදුමාකාර විදිහට හැසිරෙන්නේය. මිනිස්සුන්ගේ අවලම් උද්දච්ච හැසිරීම අතිශය උපේක්ෂාවෙන් දරාගෙන සිටිනවාක් සේ පෙනෙමින් තිබුණ ද ඇය එක් නිමේෂයක දී දක්වන ප්‍රතිචාරය මිනිස් සංහතියක් දෙකකුලින් අල්ලා පොළොවේ ගසනු වැනිය.

LSN Sri Lanka · 27 August 2026

හිමාලයේ ග්ලැසියරය බිඳ වැටී නේපාල–ටිබෙට් දේශසීමාව අතුගා දැමූ ගංවතුර... සොබා දහමේ අනතුරු ඇඟවීම තවමත් තේරුම් ගත නොහැකි නම් එක්ව වැළළෙන්න හිත හදා ගනිමු....

වෙනදා වගේම හිරු එලිය වැටී තිබිණි. එය බලාපොරොත්තු සහිත සෞම්‍ය කාලගුණ තත්ත්වයකි. ඊයේ ( 2026 අගෝස්තු 26 වැනි බදාදා ) උදෑසන නේපාලයේ උතුරු දේශසීමාව සන්සුන් මනරම් දැකුම් සහිත විය. කයිලාශ් මානසසරෝවර් යාත්‍රාවට යන ඉන්දියානු වන්දනාකරුවෝ රසුවාගඩි දේශසීමාව හරහා ටිබෙටයට යාමට සූදානම් වෙමින් සිටියහ. ජනෛ පූර්ණිමා උත්සවයට සමගාමීව ගෝසායිකුණ්ඩ විල බැලීමට යන නේපාල වැසියෝ ද ලංටාං කඳුපාමුලෙන් ගමන් කරමින් සිටියහ.

සොබා දහම පුදුමාකාර විදිහට හැසිරෙන්නේය. මිනිස්සුන්ගේ අවලම් උද්දච්ච හැසිරීම අතිශය උපේක්ෂාවෙන් දරාගෙන සිටිනවාක් සේ පෙනෙමින් තිබුණ ද ඇය එක් නිමේෂයක දී දක්වන ප්‍රතිචාරය මිනිස් සංහතියක් දෙකකුලින් අල්ලා පොළොවේ ගසනු වැනිය. වේලාව නේපාල වේලාවෙන් පෙරවරු 8.37ය. කත්මණ්ඩු නුවරට කිලෝමීටර් හැට හයක් පමණ උතුරින්, චීනයේ ටිබෙට් ස්වයං පාලන කලාපයේ ග්‍යිරොං ප්‍රාන්තය සහ නේපාලයේ රසුවා දිස්ත්‍රික්කය අතර, හිමාලයේ ග්ලැසියර කොටසක් එක්වරම බිඳ වැටිනි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ බිහිසුණු ප්‍රතිඵල ගැන කොතෙක් කීවත් නොදැනෙන ලෝකයේ ඇස් එක් මොහොතකින් නිලංකාර වී ගිය බව දුටුවෙමු.

බිඳවැටුන ග්ලැසියරය මිනිත්තු කිහිපයකින් බෝටේ කෝසි–ත්‍රිශූලී ගංගා පද්ධතිය ඔස්සේ මඩ, ගල් සහිත සිතාගත නොහැකි බලයක් සහිත දිය පවුරක් බවට පත් විය. එතැන් සිට ගම්මාන, පාලම්, රජයේ කාර්යාල, ජලවිදුලි ව්‍යාපෘති සහ මාර්ග එකින් එක අතුගා ගෙන ඒ මහා ජල ප්‍රවාහය ක්ෂණයකින් ගලාගෙන යන්නේ සිතාගත නොහැකි තරම් වේගයකිනි. ඒ බිහිසුණු දැකුම් මේ වනවිට නොදුටූ කෙනෙක් නැත.

අද ( අගෝස්තු 27 වැනිදා) උදෑසන වන විට නේපාල පොලිසිය තහවුරු කළ මරණ සංඛ්‍යාව 162කට ආසන්න බවය. චීන පැත්තෙන් තවත් තිදෙනෙකු මිය ගිය බව වාර්තා විය. අතුරුදන් වූවන් සිය ගණනකි. ඔවුන් අතර ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව ඇතුළු රටවල් විසි අටක සංචාරකයෝ ද වෙති.

මෙය සාමාන්‍ය මෝසම් ගංවතුරක් නොවේ. විද්‍යාඥයන් පසුව තහවුරු කළේ එය ග්ලැසියර කඩා වැටීමකින් ඇති වූ හදිසි ගංවතුරක් බවය.

සිදුවීම සිදු වූ ආකාරය

ආරම්භයේදී නේපාල විදේශ ඇමති ශිෂිර් ඛනාල් පාර්ලිමේන්තුවට පැවසුවේ ප්‍රදේශයේ භූමිකම්පාවක් නිසා හිම සහ පාෂාණ කඩා වැටී ගංවතුර ඇති වූ බවය. ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආතයනය (USGS) මුලින් මෙය 4.4ක් වූ භූමිකම්පාවක් ලෙස වාර්තා කළේය. පසුව ඔවුන් එම විශ්ලේෂණය නිවැරදි කළහ.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ භූමිකම්පාවක් සිදු වී නැති බවය. ග්ලැසියරයේ අයිස් සහ පාෂාණ කඩා වැටීමෙන් ඇති වූ කම්පනය ම භූමිකම්පාවක් මෙන් පෙනී ගොස් තිිබණි. එම සිදුවීමේ ශක්තිය මතුපිට තරංග මැග්නිටියුඩ් 5.2ක් තරම් විය.

විද්‍යාඥයන්ගේ ප්‍රධාන උපකල්පනය මෙසේය.

පළලින් අඩි 2,000ක් (මීටර් 610ක්) පමණ ග්ලැසියර කොටසක් අඩි 4,000ක් (මීටර් 1,200ක්) පමණ උසකින් පහළට කඩා වැටී තිබිණි. එම වේගයෙන් අයිස් දිය වී, ලෙන්දේ ඛෝලා (Lhende Khola / Lende) ගඟ අවහිර විය. එම අවහිරය බිඳ දමමින් ජලය, මඩ සහ ගල් එකවර පහළට ගලා ගියේය.

ලෙන්දේ ඛෝලා ටිබෙටයේ ග්‍යිරොං ප්‍රාන්තයෙන් ආරම්භ වී නේපාලයට ඇතුළු වන ගඟකි. එය බෝටේ කෝසි ගඟට එකතු වේ. බෝටේ කෝසි ගඟ පහළට ගිය විට ත්‍රිශූලී ගංගා පද්ධතියේ කොටසක් බවට පත් වේ. ගංවතුර මුලින්ම පහර දුන්නේ මෙම මාර්ගය ඔස්සේය. ග්‍යිරොං තොටුපල වෙත ජලය ළඟා වීමට මිනිත්තු හතක් පමණ ගත වූ බව CCTV සහ භූ කම්පන වාර්තාවලින් පෙනේ.

ගංවතුර ඇතැම් ස්ථානවල ගඟ මට්ටමට වඩා මීටර් 80ක් (අඩි 270ක්) උසට නැඟුණි. එය සාමාන්‍ය ගංවතුරකට වඩා බෙහෙවින් ඉහළය.

ගංවතුර ඇති වන විට පැවති තත්ත්වය

රසුවාගඩි යනු නේපාලය සහ චීනය අතර ප්‍රධාන ගොඩබිම් දේශසීමා දොරටුවකි. වෙළෙඳ භාණ්ඩ, බස්රථ සහ වන්දනාකරුවෝ මෙම මාර්ගයෙන් ටිබෙටයට යති. හින්දු සහ බෞද්ධ ජනතාවට පූජනීය වූ කයිලාශ් පර්වතයට යන බොහෝ ඉන්දියානු යාත්‍රිකයෝ මෙම දොරටුව භාවිත කරති.

අගෝස්තු 26 එම මාර්ගයේ ජනාකීර්ණ විය. නේපාල සංචාරක මණ්ඩලය පසුව පැවසුවේ අතුරුදන් වූ සංචාරකයන් අතර ඉන්දියානුවන් 142ක් පමණ සිටි බවය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කයිලාශ් මානසසරෝවර් යාත්‍රාවේ යන්නන්ය. එසේම ජනෛ පූර්ණිමා උත්සවය නිසා ගෝසායිකුණ්ඩ විල බැලීමට ගිය නේපාල වැසියෝ ද ප්‍රදේශයේ සිටියහ.

රසුවා දිස්ත්‍රික්කයේ ජනගහනය දළ වශයෙන් 50,000කි. ස්‍යාප්‍රුබේසි, ටිමුරේ, ධුන්චේ, මයිලුං, බේත්‍රාවතී, ත්‍රිශූලී බසාර් සහ දේවීඝාට් යන ගම් සහ නගර ගඟ දෙපස පිහිටා ඇත්තේය. ජලවිදුලි ව්‍යාපෘති කම්කරුවෝ ද එහි සිටියහ. දකුණු කොරියානු කම්කරුවන් අට දෙනෙකු ජලවිදුලි ව්‍යාපෘතියක සේවය කරමින් සිටි බව සෝල් ආණ්ඩුව පැවසීය.

උදෑසන නවයට පමණ බෝටේ කෝසි ගඟේ මහා ජල පවුරක් හදිසියේ ඉදිරියට ආවේය. දේශසීමාවේ CCTV කැමරාවලට පෙනුණේ මඩ සහ ජල බිත්තියක් ග්‍යිරොං තොටුපල වනසන අයුරුය. නේපාල පැත්තේ ටිමුරේ සහ රසුවාගඩි රේගුව විනාශ විය. මිනිත්තු කිහිපයකින් පාලම් බිඳී ගියේය. ගොඩනැගිලි ගඟට ඇදී ගියේය.

හෙලිකොප්ටර් පවා ගොඩබැස්වීමට නොහැකි තරම් ජලය ඉහළට නැඟුණි. රසුවා දිස්ත්‍රික් පරිපාලක නරේන්ද්‍ර පරියාර් මුල් පැයවලදී පැවසුවේ “බරපතල ජීවිත හානියක් සහ දේපළ හානියක් විය හැකි” බවය.

වින්දිතයන් ගොදුරු වූ ආකාරය

මෙම ගංවතුරේ ලක්ෂණය වන්නේ අනතුරු ඇඟවීමට කාලයක් නොතිබීමය. ග්ලැසියරය කඩා වැටී මිනිත්තු කිහිපයකින් ජලය ගම්වලට ළඟා විය. ගඟ දෙපස ජීවත් වූ පවුල්, වෙළෙඳසල්කරුවන්, රේගු සේවකයන්, පොලිස් නිලධාරීන් සහ සංචාරකයන් එකවර අවදානමට ලක් වූහ.

නේපාල පොලිසිය අගෝස්තු 26 රාත්‍රිය වන විට මෘත දේහ 157ක් පමණ සොයා ගත් බව පැවසීය. පසුව එය 162ක් දක්වා ඉහළ ගියේය.

දේහ සොයා ගත් ස්ථාන මෙසේය.

•චිත්වාන් දිස්ත්‍රික්කය: 64

•ධාදිං: 27

•නවල්පරාසි නැගෙනහිර: 22

•ගෝර්ඛා: 19

•නුවාකොට්: 13

•තනහුන්: 9

•රසුවා: 3

බොහෝ දේහ පහළට ගසාගෙන ගියේය. ගංවතුර ආරම්භ වූ රසුවාවේ මුල් මෘත දේහ අඩු වුවද, ජලය ගලා ගිය චිත්වාන් වැනි පහළ දිස්ත්‍රික්කවල වැඩි පිරිසක් සොයා ගැනුණි. මිනිසුන් ගඟට ඇදී, මඩෙන් වැසී, ගොඩනැගිලි සමඟ වැළලී ගියහ.

අතුරුදන් සංඛ්‍යාව තවමත් අවිනිශ්චිතය. නේපාල සංචාරක මණ්ඩලය මුලින් සංචාරකයන් 384ක් අතුරුදන් බව පැවසීය. පසුව එය 579ක් දක්වා ඉහළ ගියේය. ඉන් 466ක් විදේශිකයෝය.

චීන රාජ්‍ය මාධ්‍යවලට අනුව ටිබෙට් පැත්තේ අතුරුදන් 558ක් වන අතර ඉන් 260ක් විදේශිකයෝය. මෙම දෙරටේ සංඛ්‍යා අතර එකම පුද්ගලයන් දෙවරක් ගණන් කර තිබිය හැකි බව බීබීසී සඳහන් කළේය.

විදේශිකයන්ගේ රටවල් අනුව වාර්තා වූ ප්‍රධාන සංඛ්‍යා මෙසේය.

•ඉන්දියාව: 142ක් පමණ (බොහෝ දෙනෙක් කයිලාශ් යාත්‍රිකයෝ)

•ඇමෙරිකා එක්සත් ජනපදය: 47

•ඕස්ට්‍රේලියාව: 34

•බ්‍රිතාන්‍යය: 33

•කැනඩාව: 24

•මැලේසියාව: 17ක් පමණ

•දකුණු කොරියාව: 8–9 (ජලවිදුලි කම්කරුවෝ)

•යුක්රේනය: එක් වාර්තාවකට අනුව 53ක්

•දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය, පෘතුගාලය, ජපානය සහ ඕස්ට්‍රේලියාවෙන් ද සංචාරකයෝ අතුරුදන් වූහ. බ්‍රිතාන්‍ය ජාතිකයන් 12 දෙනෙකු Alpine Eco Trek සමාගමේ සංචාරයක සිටි බව එම සමාගම තහවුරු කළේය.

ආරක්ෂක අංශවලට සිදුවූ බලපෑම

නේපාල ආරක්ෂක අංශ ද බරපතල ලෙස බලපෑමට ලක් විය. ටිමුරේ දේශසීමා ආරක්ෂාවේ සිටි සන්නද්ධ පොලිස් නිලධාරීන් නව දෙනෙකු අතුරුදන් වූහ. පොලිස් නිලධාරීන් 26ක් පමණ සහ හමුදා සාමාජිකයන් ද අතුරුදන් ලැයිස්තුවේ සිටියහ. එක් වාර්තාවකට අනුව අතුරුදන් ආරක්ෂක නිලධාරීන් 28කට වැඩිය.

පහළ දිස්ත්‍රික්කවල ජනතාවට ජීවිතය බේරා ගැනීමට තරමක් වැඩි කාලයක් තිබුණත්, ගඟ දෙපස ගම්මාන ජලයෙන් වැසී ගියේය. ත්‍රිශූලී බසාර්හි බහු මහල් ගොඩනැගිලි කඩා වැටුණු බව තහවුරු කළ වීඩියෝවලින් පෙනුනේය. පාලමක් එහි ආධාරකවලින් උදුරා ගඟට ගසාගෙන යන අයුරු ද තහවුරු කළ වීඩියෝවල දක්නට ලැබිණි.

සිදු වූ විනාශය

භෞතික විනාශය පුළුල්ය. නේපාල මාර්ග දෙපාර්තමේන්තුවට අනුව පාලම් 32ක් සම්පූර්ණයෙන් විනාශ විය. රසුවාවේ 13ක් සහ නුවාකොට්හි 14ක් ඊට ඇතුළත්ය. විනාශ වූ ප්‍රධාන පාලම් අතර රසුවාගඩි මිතේරි පාලම, ටිමුරේ පාලම් දෙක, චිලිමේ බෝටේකෝසි පාලම, ස්‍යාප්‍රුබේසි පාලම සහ බේත්‍රාවතී පැරණි හා නව පාලම් ඇතුළත් වේ.

බේත්‍රාවතී සිට රසුවාගඩි දක්වා කිලෝමීටර් 42ක මාර්ගය බොහෝ ස්ථානවලින් බිඳී ගියේය. රසුවාගඩි රේගු කාර්යාලය විනාශ විය. එහි තිබූ වාහන සහ භාණ්ඩ ගඟට ගියේය. ග්‍යිරොං වරාය “සම්පූර්ණයෙන් විනාශ වූ” බව චීන පැත්තෙන් වාර්තා විය. මාර්ග, සන්නිවේදනය සහ විදුලිය කපා හැරුණි.

බලපෑමට ලක් වූ ගම් සහ නගර අතර ටිමුරේ, ධුන්චේ, මයිලුං, ස්‍යාප්‍රුබේසි, බේත්‍රාවතී, ත්‍රිශූලී, දේවීඝාට්, සැල්ලේටාර්, ශාන්ති බසාර්, පයිරේබේසි සහ බට්ටාර් ඇතුළත්ය. ජාත්‍යන්තර රතු කුරුසය පැවසුවේ සමස්ත ජනාවාස “අතුගා දැමූ” බවය.

ජලවිදුලියට සිදු වූ පහර

නේපාලයේ විදුලියෙන් විශාල කොටසක් හිමාලයේ ගංගාවලින් උත්පාදනය කෙරේ. මෙම ගංවතුර එම පද්ධතියට බරපතල පහරක් එල්ල කළේය.

නේපාල විදුලි අධිකාරිය පැවසුවේ මෙගාවොට් 430ක උත්පාදන ධාරිතාවක් බලපෑමට ලක් වූ බවය. එය රටේ මුළු ජලවිදුලි ධාරිතාව වන ගිගාවොට් 3.2න් සියයට 12කට වැඩිය. ස්වාධීන බල නිෂ්පාදක සංගමය (IPPAN) පැවසුවේ ක්‍රියාත්මක ව්‍යාපෘති අටක් (මෙගාවොට් 354ක් පමණ) සහ ඉදිවෙමින් පවතින ව්‍යාපෘති පහක් හානි වූ බවය.

ප්‍රධා ව්‍යාපෘති:

•රසුවාගඩි: මෙගාවොට් 111

•සන්ජෙන් ඛෝලා: මෙගාවොට් 78

•ඉහළ ත්‍රිශූලී 3A: මෙගාවොට් 60

•චිලිමේ: මෙගාවොට් 22

•ත්‍රිශූලී: මෙගාවොට් 24

•දේවීඝාට්: මෙගාවොට් 14.1

•ඉදිවෙමින් පවතින ඉහළ ත්‍රිශූලී-1 (මෙගාවොට් 216) සහ රසුවා-බෝටේකෝසි (මෙගාවොට් 120) ද හානි විය. කත්මණ්ඩු නිම්නයට සහ අවට කාර්මික ප්‍රදේශවලට විදුලි සැපයුම් පීඩනයක් ඇති විය.

ටිබෙට් පැත්තේ තත්ත්වය

ගංවතුර නේපාලයට පමණක් සීමා නොවීය. චීනයේ ග්‍යිරොං වරාය මඩ කඳු බිඳ වැටීමකින් පහර කෑවේය. මාර්ග, විදුලිය සහ සන්නිවේදනය කපා හැරුණි. චීන රාජ්‍ය මාධ්‍ය මුලින් මරණ තුනක් සහ අතුරුදන් 265ක් බව පැවසීය. අගෝස්තු 27 වන විට අතුරුදන් සංඛ්‍යාව 558ක් දක්වා ඉහළ ගියේය.

චීන ජනාධිපති ෂී ජින්පිං අතුරුදන් වූවන් සෙවීමට “සියලු බලය” යෙදවිය යුතු බවත්, දෙවන ව්‍යසනයක් වළක්වා ගැනීමට අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කළ යුතු බවත් පැවසීය. ටිබෙට් බලධාරීන් ගලවා ගැනීමේ සේවකයන් 800ක් පමණ, වාහන 150ක්, පුහුණු සුනඛයින් සහ වේග බෝට්ටු යෙදවූහ.

ගලවා ගැනීම සහ රජයේ ප්‍රතිචාරය

නේපාල අගමැති බාලේන්ද්‍ර “බාලෙන්” ෂා රාජ්‍ය යාන්ත්‍රණය ගලවා ගැනීම සඳහා මුළුමනින්ම යෙදවූ බව පැවසීය. නේපාල හමුදාව, සන්නද්ධ පොලිසිය සහ සාමාන්‍ය පොලිසිය යෙදවිණි. හෙලිකොප්ටර් දුසිමකට වැඩියෙන් සෙවීම් සඳහා යොදවන ලදී.

අගෝස්තු 27 උදෑසන වන විට ටිමුරේ සිට පුද්ගලයන් 116ක් ගලවා ගත් බව වාර්තා විය. ඉන් නේපාල ජාතිකයන් 95ක් සහ ඉන්දියානුවන් 21ක් වෙති. උමඟක සිරවී සිටි තවත් සත් දෙනෙකු ද ගලවා ගන්නා ලදී. කත්මණ්ඩුවේ බීර් රෝහලේ සහ ජාතික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් 100ක් ගංවතුර වින්දිතයන්ට වෙන් කරන ලදී.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කීවේ බාලේන්ද්‍ර ෂා සමඟ කතා කර මානුෂීය ආධාර ලබා දෙන බවය. ඉන්දීය ගුවන් හමුදා C-130 යානයකින් ටොන් 10ක ආධාර කත්මණ්ඩුවට යවන ලදී. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් ද සහාය පළ කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් 500,000ක් සහ ව්‍යසන උපදේශකයෙකු යැවීමට තීරණය කළේය. ශ්‍රී ලංකා රජය ද ගලවා ගැනිමේ මෙහෙයුම් සඳහා හමුදාව ලබා දීමට කැමැත්ත පල කර තිබේ.

අධිකාරීන් ත්‍රිශූලී, බෝටේකෝසි සහ නාරායනී ගංගා දෙපස ජනතාවට ඉහළ බිම්වලට යන ලෙස අනතුරු ඇඟවූහ. ධාදිං, ගෝර්ඛා සහ චිත්වාන් දිස්ත්‍රික්කවලට ද අනතුරු ඇඟවීම් නිකුත් විය. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ද පහළට එන ජලය ගැන සූදානම්ව සිටියේය.

තවත් ගංවතුරක් ඇති විය හැකිද?

බලධාරීන් අනතුරු ඇඟවූයේ ගංගාවේ උඩ ප්‍රදේශවල තවමත් අවහිරයක් තිබිය හැකි බවය. එය බිඳුණහොත් දෙවන ගංවතුරක් ඇති විය හැක. එබැවින් ගලවා ගැනීමේ කණ්ඩායම් දෙවන රැල්ලක් ගැන ද සූදානම්ව සිටිති.

හිමාලය ලෝකයේ වේගයෙන් උණුසුම් වන කලාපවලින් එකකි. ග්ලැසියර කඩා වැටීම් සහ ග්ලැසියර විල් පිපිරීම් (GLOF) මෙම කලාපයේ නැවත නැවතත් සිදු වේ. පසුගිය වසරේ ද බෝටේ කෝසි ගඟේ ගංවතුරකින් රසුවාවේ ජීවිත හානි සිදු විය. මෙවර ග්ලැසියරය කඩා වැටීමේ පරිමාණය ඊට වඩා විශාල විය.

දැන් පවතින තත්ත්වය

අගෝස්තු 27 උදෑසන වන විට සෙවීම් කටයුතු අඛණ්ඩව පැවතුණි. පොලිස් ප්‍රකාශක අබි නාරායන් කෆ්ලේ පැවසුවේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවය. මඩෙන් වැසුණු නිවාස, බිඳුණු පාලම් සහ අතුරුදන් වූ සංචාරකයන්ගේ පවුල් තවමත් පිළිතුරු බලා සිටිති.

මෙම ව්‍යසනය නේපාලයේ උතුරු දේශසීමාවේ ජීවිත, වෙළෙඳාම, විදුලිය සහ සංචාරක කර්මාන්තය එකවර බිඳ දැමීය. එය හිමාලයේ දේශගුණ වෙනස්වීම, ග්ලැසියර අස්ථායීතාව සහ ගංගා දෙපස ඝන ජනාවාස එකට එකතු වූ විට කුමක් සිදුවිය හැකිද යන්න පෙන්වා දෙන නවතම උදාහරණයය

බොහෝ දේ දරාගෙන සිට සොබා දහම උත්තර දෙන්නේ බිහිසුණු ආකාරයට. එය තවමත් පුද්ගලයින් ලෙස අපට තනි තනිව ගන්නට බැරි නම් සූදානම් විය යුත්තේ එක්ව වැළලී මිය යෑම සඳහා ය.