Culture & Entertainment · Sri Lanka Bureau
එල් නිනෝ සහ හිමාලයේ ග්ලැසියර කඩා වැටීම: විද්‍යාත්මක යථාර්ථය සහ මානව ව්‍යසනයේ අභියෝගය!
එක්සත් ජාතීන්ගේ 2023 වාර්තාවකට අනුව, නේපාලයේ හිම කඳුවල අයිස් ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ පසුගිය වසර 30 තුළ එම පද්ධතියට අහිමි වී තිබේ. පසුගිය දශකයේ අයිස් දියවීම ඊට පෙර දශකයට වඩා සියයට 65කින් වේගවත් වී ඇත.
LSN Sri Lanka ·

ලෝකයේ වර්තමානයේ පවතින සක්‍රීය එල් නිනෝ (El Niño) තත්ත්වයත් සමග, හිමාල කලාපයේ සිදුවන ග්ලැසියර බිඳ වැටීම් ඊට සෘජුව සම්බන්ධ ද යන්න පිළිබඳව ජාත්‍යන්තර මෙන්ම දේශීය වශයෙන් ද විශාල සංවාදයක් ගොඩනැගී ඇත. ඊයේ (26) නේපාල–ටිබෙට් දේශසීමා ආසන්නයේ සිදුවූ ග්ලැසියර කඩා වැටීමත් සමග මේ පිළිබඳ විද්‍යාත්මක පදනම විමසා බැලීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.

එල් නිනෝ වර්තමාන තත්ත්වය

එක්සත් ජනපද සාගර සහ වායුගෝලීය පරිපාලනයේ (NOAA) 2026 අගෝස්තු 13 දින නිකුත් කළ නිල විශ්ලේෂණයට අනුව, දැනට සක්‍රීය එල් නිනෝ Advisory තත්ත්වයක් පවතී. එය ශක්තිමත් වෙමින් පවතින අතර, 2026 සරත්–ශීත ඍතුවේදී “ඉතා ශක්තිමත්” එල් නිනෝ තත්ත්වයක් බවට පත්වීමට සියයට 90කට වැඩි සම්භාවිතාවක් ඇත. ඇතැම් ආකෘතිවලට අනුව ඔක්තෝබර්–දෙසැම්බර් වන විට මෙය 1950න් පසු වාර්තා වූ ශක්තිමත්ම සිදුවීම්වලට සමාන හෝ ඊට වැඩි විය හැක. මේ හේතුවෙන් ගෝලීය සාගර උෂ්ණත්වය ද වාර්තාගත මට්ටම්වලට ළඟා වී ඇත.

ග්ලැසියරය කඩා වැටීමට හේතුව එල් නිනෝ ද?

ග්ලැසියර කඩා වැටීම සහ එල් නිනෝ අතර සෘජු හේතු–ඵල සම්බන්ධයක් මෙතෙක් තහවුරු වී නොමැති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කැල්ගරි විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ ඩැනියෙල් ෂූගර් ඇතුළු විශේෂඥයන්ගේ මූලික නිරීක්ෂණවලට අනුව, නේපාලය අතු ගා දැමූ ව්‍යසනය නිර්මාණය වූ ග්ලැසියරයේ පහළ කොටසක් මීටර් 5,200ක් පමණ උසකින් කඩා වැටී, මීටර් 1,200ක් පමණ පහළට වැටී ඇත. පෙර දිනවල වේගයෙන් හිම දියවී, ජලය ග්ලැසියරය තුළට ගලා යාමෙන් එහි පත්ල ලිහිල් වී මෙම ලිස්සා යාම සිදුවී ඇති බව නිගමනය කර තිබේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) තහවුරු කළේ මෙය භූමිකම්පාවක් නිසා නොව, අයිස් සහ පාෂාණ කඩා වැටීමෙන්ම සිදු වූවක් බවයි.

WIRED, New Scientist, Reuters සහ CNN වැනි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙන්ම ICIMOD (මධ්‍යම හිමාලයානු සංවර්ධන ආයතනය) වැනි සංවිධාන පෙන්වා දෙන්නේ දශක ගණනාවක් තිස්සේ සිදුවන දිගුකාලීන ගෝලීය උණුසුම නිසා හිමාලයේ ග්ලැසියර සහ බෑවුම් දැඩි ලෙස අස්ථායී වී ඇති බවය. එක්සත් ජාතීන්ගේ 2023 වාර්තාවකට අනුව, නේපාලයේ හිම කඳුවල අයිස් ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ පසුගිය වසර 30 තුළ එම පද්ධතියට අහිමි වී තිබේ. පසුගිය දශකයේ අයිස් දියවීම ඊට පෙර දශකයට වඩා සියයට 65කින් වේගවත් වී ඇත.

සිදුවීම් 3ක් නිරවුල්ව වටහා ගැනීම

මෙම ව්‍යසනය වටහා ගැනීමේදී කරුණු 3ක් වෙන්කර හඳුනා ගැනීම වැදගත් වේ:

ක්ෂණික හේතුව: හිම දියවී පත්ල ලිහිල් වීමෙන් අයිස් සහ පාෂාණ ක්ෂණිකව කඩා වැටීම.

අස්ථායීභාවයට පසුබිම (දිගුකාලීන හේතුව): දශක ගණනාවක ගෝලීය උණුසුම නිසා ග්ලැසියර තුනී වීම, නිත්‍ය හිම මිදුණු පස දියවීම (Permafrost) සහ බෑවුම් බිඳ වැටීම. ( Permafrost දියවීම යනු වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සෙල්සියස් අංශක 0ට වඩා අඩු උෂ්ණත්වයක මිදී පවතින පස, ගල් හෝ මතුපිට ස්ථරයන් ගෝලීය උණුසුම ඉහළ යාම නිසා දියවී යාමය.) මෙය එල් නිනෝවකට වඩා දිගු කාලීන ක්‍රියාවලියකි.

එල් නිනෝ හි භූමිකාව: එල් නිනෝ මගින් ගෝලීය උෂ්ණත්වය තාවකාලිකව තවත් ඉහළ නංවන අතර මෝසම් රටාවලට ද බලපායි. නමුදු එය යම් පටු ප්‍රදේශයක එක් ග්ලැසියරයක් කඩා වැටීමට සෘජු හේතුවක් ලෙස තනිවම ක්‍රියා නොකරයි.

තවද, නේපාලී ටයිම්ස් වාර්තා කර තිබුණේ මෙම කඩා වැටීම සිදුවූයේ මෝසම් කාලය අවසානයේ බෑවුම් ජලයෙන් සංතෘප්තව පැවති මොහොතක බවය. 2021 චමෝලි, 2021 මෙලම්චි, 2023 සිකිම්, 2024 තාමේ සහ 2025 බෝටේ කෝසි වැනි හිමාලයානු ගංවතුරු රැල්ල ද මෙලෙස මෝසම් කාලයන්හි සිදු වූ අතර ඒවාට ද එල් නිනෝ එකම හේතුව නොවීය.

මානව වර්ගයා හමුවේ ඇති බිහිසුණු අභියෝගය

ලෝකයේ දැන් ශක්තිමත් එල් නිනෝවක් පවතී. එය ගෝලීය උෂ්ණත්වය තවත් ඉහළ නංවයි. නමුත් නේපාල–ටිබෙට් දේශසීමාවේ ග්ලැසියරය කඩා වැටුණේ එල් නිනෝ නිසා යැයි විද්‍යාඥයන් තහවුරු කර නැත. ඔවුන් පෙන්වා දෙන්නේ දශක ගණනක ගෝලීය උණුසුම නිසා හිමාලයේ ග්ලැසියර අස්ථායී වී ඇති බවත්, මෙවර කඩා වැටීමට හිම දියවීමෙන් ග්ලැසියර පත්ල ලිහිල් වීම බලපෑ හැකි බවත්ය.

කෙටියෙන් පැවසුවහොත් එල් නිනෝ යනු පසුබිම් තත්ත්වයය. ග්ලැසියර අස්ථායීතාව යනු දීර්ඝකාලීන ගෝලීය උණුසුම් වීමේ ඵලයකි. මෙම එක සෘජු ව්‍යසනය එල් නිනෝවට පමණක් ආරෝපණය කළ නොහැකි වුව ද, මෙමගින් අප හමුවේ තබා ඇත්තේ බිහිසුණු යථාර්ථයකි. එනම්, මානව ක්‍රියාකාරකම් නිසා මොහොතක් පාසා සිදුවන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම විසින් මුළු මහත් පෘථිවියේම පැවැත්ම සහ ස්වාභාවික පරිසර සමතුලිතතාව කෙතරම් දරුණු තර්ජනයකට ලක් කර ඇත්ද යන්නය.

එබැවින් එල් නිනෝ පිළිබඳ සංවාදයට එහා යමින්, සමස්ත ගෝලීය උණුසුම් වීමට එරෙහිව මානව වර්ගයා වහා තීන්දු තීරණ ගත යුතු අතිශය තීරණාත්මක කාලපරිච්ඡේදයකට අපි එළඹ සිටිමු.