Culture & Entertainment · Sri Lanka Bureau
නේපාලයට තවත් ගංවතුර අවදානමක්... නේපාලයේ ලෙන්දේ ඛෝලා නිම්නය සූරා දැමමින් ඇතිවන ඛේදවාචක මාලාව ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීම දැනගන්න...
ඉහළින් තවමත් අවහිරතාවක් රැඳී තිබිය හැකි නිසා දෙවන ගංවතුරේ අවදානම අවසන් වී නැත. එම අවහිරතාවේ ප්‍රමාණය, පිහිටීම සහ ස්ථායිතාව පිළිබඳ ICIMOD සහ දෙරටේ බලධාරීන්ගේ තවදුරටත් ඇගයීම් මත ඊළඟ පැය සහ දින කිහිපයේ ආරක්ෂාව රඳා පවතී.
LSN Sri Lanka ·
ඊයේ (2026 අගෝස්තු 26 වැනි බදාදා) උදෑසන නේපාලයේ රසුවා සහ නුවාකොට් දිස්ත්‍රික්ක හරහාත්, චීනයේ ටිබෙට් ස්වාධීන කලාපයේ ගිරොං (Gyirong) වරාය ප්‍රදේශය හරහාත් ගලා ආ හදිසි ගංවතුර, හිමාලයේ “ක්‍රයෝස්ෆියර්” (හිම, ග්ලැසියර සහ නිරන්තර හිම) අනතුරු දාමයක් කෙතරම් වේගයෙන් ජනාවාස විනාශ කරන්නේද යන්න පෙන්වා දුන් සිදුවීමකි.

කත්මණ්ඩුව පදනම් කරගත් ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය (ICIMOD) ඇතුළු විද්‍යාඥයන් මෙය සරල වර්ෂාවකින් හෝ සාමාන්‍ය ගංවතුරකින් නොව, ග්ලැසියර බිඳ වැටීමක් සහ අයිස්–පාෂාණ හිමකුණාටකින් ආරම්භ වූ කඳුකර අනතුරු දාමයක් ලෙස විස්තර කරති.

අගෝස්තු 27 වන විට නිල සංඛ්‍යා අනුව අවම වශයෙන් 165කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර නේපාලයේ සහ ටිබෙටයේ දෙපසම ආසන්න වශයෙන් 1,500ක් අතුරුදහන් වී සිටිති. මෙම සංඛ්‍යා තවමත් වෙනස් වෙමින් පවතී. අතුරුදහන් අතර ඉන්දියානු කෛලාශ–මානසරෝවර් වන්දනාකරුවන් සහ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුක්රේනය ඇතුළු රටවල් ගණනාවක සංචාරකයන් ද සිටිති.

සිදුවීම: ග්ලැසියරයකින් ගඟක් දක්වා

සිදුවීමේ ආරම්භය නේපාල–චීන දේශසීමාවට ආසන්න, රසුවාගධි දේශසීමා පරීක්ෂණ ස්ථානයට කිලෝමීටර් 20ක් පමණ ඊසාන දිගින් පිහිටි ලෙන්දේ ඛෝලා (Lhende Khola / Lende Khola) නිම්නයයි. මෙම ගංගාව භෝටේ කෝෂි (Bhote Koshi) ගඟට එක්වී පසුව ට්‍රිෂුලි ගඟ බවට පත්වේ. ට්‍රිෂුලි අවසානයේ නාරායණී/ගණ්ඩක් ලෙස ඉන්දියාවේ බිහාර් දෙසට ගලා යයි.

නේපාල ජාතික ආපදා අවදානම් අඩුකිරීමේ සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) Planet Labs චන්ද්‍රිකා ඡායාරූප මත පදනම්ව කළ මූලික විශ්ලේෂණයට අනුව, අයිස් සහ පාෂාණ මිශ්‍ර නායයෑමක් ලෙන්දේ ගඟට ඇතුළු වී “ග්ලැසියර ඇතුළත් ගංවතුරක්” ඇති කළ බව අනාවරණය කරයි.

කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ භූරූප විද්‍යාඥ ඩැනියෙල් ෂූගර් විසින් චන්ද්‍රිකා දත්ත බලා කළ මූලික තක්සේරුවකට අනුව, ආසන්න වශයෙන් චතුරස්‍ර කිලෝමීටර් 0.2ක ග්ලැසියර කොටසක් මීටර් 5,200ක් පමණ උසකින් කඩා වැටී නිම්නයට මීටර් 1,200ක් පමණ පහළට ගසා ගෙන ගොස් ඇත. වැටෙන අයිස් කුඩු වී ජලය සහ සුන්බුන් සමග එක්වීමෙන් ප්‍රවාහයේ පරිමාව තවත් වැඩි වේ.

දේශීය වේලාවෙන් පැය 8.37ට පමණ (අගෝස්තු 26) ආරම්භ වූ මෙම කඩා වැටීම, ආසන්න භූකම්පන මධ්‍යස්ථානවල මුලින් “මාත්‍රා 4.4ක භූමිකම්පාවක්” ලෙස වාර්තා විය. එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණය (USGS) පසුව දිගු-කාලීන භූකම්පන තරංග, අසල්වැසි මධ්‍යස්ථාන දත්ත සහ චන්ද්‍රිකා රූප යොදාගෙන නිගමනය කළේ භූමිකම්පාවක් සිදු නොවූ බවය. මනින ලද කම්පනය (පසුව Ms 5.2 ලෙස යාවත්කාලීන) ග්ලැසියර පාෂාණ සහ අයිස් කඩා වැටීමෙන් සහ ඉන්පසු ගලා ආ සුන්බුන් ප්‍රවාහයෙන් ජනිත වූ භූකම්පන ශක්තියක් බැවිනි.

බොහෝ මූලාශ්‍රවලට අනුව එදින එම ඉහළ නිම්නයේ දැඩි වර්ෂාවක් හෝ වැසි පිපිරීමක් (Cloudburst) නොතිබුණි. Cloudburst හෙවත් ‘වැසි පිපිරීමක්’ යනු ඉතා කෙටි කාලසීමාවක් තුළ වර්ග කිලෝ මීටර 20 වැනි ප්‍රදේශයක් තුළට මිලි මීටර සියයකට අධික වර්ෂාවක් වලාකුළු පුපුරා යන්නාක් සේ ඇද හැලීමේ අතිශය දරුණු ස්වාභාවික සංසිද්ධියකි. එබැවින් මෙය සාමාන්‍ය මෝසම් ගංවතුරක් නොව, ක්‍රයෝස්ෆියර් සිදුවීමකින් (Cryosphere event - එනම් හිම සහ අයිස් පවතින කලාපවල සිදුවන හදිසි කැපී පෙනෙන ස්වභාවික වෙනස්වීම්, දියවීම් හෝ අනතුරුදායක ක්‍රියාවලීන්) ආරම්භ වූ හදිසි ගංවතුරකි.

විද්‍යාත්මක යාන්ත්‍රණය: තාවකාලික වේල්ල සහ “ බිඳී කඩා වැටෙන විල”

ICIMOD සහ නේපාල ජලවිද්‍යාඥයන් විස්තර කරන ආකාරයට සිදුවීමේ අනුපිළිවෙල මෙසේය.

• ඉහළ උන්නතාංශයේ ග්ලැසියර කොටසක් සහ පාෂාණ ලෙන්දේ ඛෝලා නිම්නයට කඩා වැටේ.

• පටු කඳුකර ගංගා මාර්ගයේ අයිස්, පාෂාණ සහ මඩ තාවකාලිකව ගඟ අවහිර කරයි. මෙය නායයෑම් වේල්ලක් (landslide dam) ලෙස හැඳින්වේ.

• ගඟේ ජලය එම බාධකය පිටුපස රැස්වී තාවකාලික විලක් (debris lake / impounded lake) සාදයි.

• බාධකය දරාගත නොහැකි වූ විට හෝ බිඳ වැටුණු විට, ජලය, මඩ, ගල් සහ ගස් එකවර පහළට ගසාගෙන යයි.

නේපාල ජලවිද්‍යා හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ගංවතුර පුරෝකථන අංශයේ බිනෝද් පරාජුලි මෙසේ පැවසීය:

“චීන බලධාරීන්ගෙන් ලැබුණු චන්ද්‍රිකා රූපවල අයිස් කඩා වැටීමක් සහ නායයෑමක් පෙනෙන්න තිබෙනවා. ඒ දත්ත අනුව අයිස් සහ සුන්බුන් විලක් සෑදිය හැකි වේල්ලක් නිර්මාණය වෙලා තිබෙනවා. පසුව පුපුරා ගිහින් තිබෙනවා. ” පැහැදිලි ජලය පමණක් නම් විනාශය මෙතරම් නොවනු ඇති බවත්, සුන්බුන් මිශ්‍ර වූ විට ගංවතුරේ ගැඹුර සහ බලය දැඩි ලෙස වැඩි වූ බවත් ඔහු පැහැදිලි කළේය.

මෙය හින්දුකුෂ්–හිමාලයේ හොඳින් ලේඛනගත වූ අනතුරු ආකෘතියකි. පටු නිම්නයක නායයෑමක් හෝ හිමකුණාටයක් ගඟ අවහිර කළ විට ජලය ඉක්මනින් රැස්වේ. වේල්ල බිඳ වැටුණු විට පහළ ජනාවාසවලට පැය කිහිපයකින්ම “කඳුකර සුනාමියක්” වැනි ප්‍රවාහයක් ළඟා වේ.

ICIMOD හි ආපදා අවදානම් අඩුකිරීමේ විශේෂඥ සස්වත සන්‍යාල් මෙසේ සඳහන් කළේය:

“ලෙන්දේ ඛෝලා මාස 14ක් තුළ දෙවරක් ගම්මාන විනාශ කරමින් ගංවතුර ඇති කර තිබෙනවා. මෙවර ග්ලැසියරයකින් ආ අයිස්–පාෂාණ හිමකුණාටයක් ගඟ අවහිර කර විලක් සාදා එම විලේ වේල්ල බිඳ වැටුන පසු හදිසි ප්‍රවාහයක් මුදාහැර ඇති බවට සැකයක් තිබෙනවා. මෙය තවමත් තහවුරු විය යුතුයි. මේවා දාම අනතුරුයි: ක්‍රයෝස්ෆියර් සිදුවීමක් ( සහ අයිස් පවතින කලාපවල සිදුවන හදිසි කැපී පෙනෙන ස්වභාවික වෙනස්වීම්) පැය කිහිපයකින් ගංවතුරක් බවට පත්වෙනවා.”

පසුගිය වසරේ (2025 ජූලි) එමම ලෙන්දේ–භෝටේ කෝෂි මාර්ගයේ ටිබෙට් පැත්තේ ග්ලැසියර විලක් පිටාර ගැලීමෙන් (GLOF) සමාන හදිසි ගංවතුරක් ඇති විය. එවිට අවම වශයෙන් නව දෙනෙකු මිය ගිය අතර දේශසීමා පාලම් ඇතුළු යටිතල පහසුකම් හානි විය. එකම නිම්නය මාස 14ක් තුළ දෙවරක් මෙසේ පහර දීම, අවදානම තනි “අහඹු” සිදුවීමක් නොවන බව පෙන්වයි.

ජලවිද්‍යාත්මක සාක්ෂි: මිනිත්තු 30කින් මීටර් නවයක්

ICIMOD ( ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය) ප්‍රකාශයේ වඩාත්ම පැහැදිලි සංඛ්‍යාත්මක දත්තය මෙයය. ට්‍රිෂුලි ගඟේ ගල්ච්චි (Galchhi) මැනුම් ස්ථානයේ ජල මට්ටම මිනිත්තු 30ක් ඇතුළත මීටර් නවයක් දක්වා ඉහළ ගියේය. මලේඛු හි එම කාලය තුළම මීටර් හතක් පමණ ඉහළ ගියේය. ට්‍රිෂුලි දිගේ ඇති ජල මට්ටම් මධ්‍යස්ථාන කිහිපයක්ම හානි වී හෝ ගසාගෙන ගිය අතර ගල්ච්චි ස්ථානය ක්‍රියාත්මකව පැවතුණි.

මෙවැනි ඉහළ යාමක් සාමාන්‍ය වැසි ගංවතුරකින් බොහෝ දුරට නොලැබේ. එය ඉහළින් එන ඝන සුන්බුන්–ජල ප්‍රවාහයක “තරංගයක්” බිහිසුණු ලෙස හදන බවට වූ සාක්ෂියකි. භෝටේ කෝෂිහි දේශීය වේලාවෙන් පැය 9ට පමණ ජල මට්ටම් ඉක්මනින් ඉහළ ගිය අතර ප්‍රවාහය ටිමුරේ, ස්‍යාබ්‍රුබෙසි, ට්‍රිෂුලි බසාර් සහ තවත් පහළ නුවාකොට්–ධාදිං ප්‍රදේශවලට පැතිරිනි. අවම වශයෙන් පාලම් 19ක් සහ කිලෝමීටර් 40කට ආසන්න මාර්ග කොටස් ගසාගෙන ගිය බව නේපාල බලධාරීහු පැවසූහ. ජලවිදුලි ව්‍යාපෘති කිහිපයකටත් හානි සිදුවිය. ශරීර කිහිපයක් කිලෝමීටර් 100ක් පමණ පහළ චිත්වාන් දිස්ත්‍රික්කයේ සොයා ගැනීම, ප්‍රවාහයේ දිග සහ වේගය පෙන්වයි.

ICIMOD අනතුරු ඇඟවීම: දෙවන ගංවතුරේ අවදානම

ඉහත සඳහන් කළ මූලික කරුණම ICIMOD ( ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය) විශේෂඥයන් නැවත නැවත අවධාරණය කරයි. ගඟේ පටු කොටස්වල තාවකාලික අවහිරතාවක් තවමත් ඉහළින් පවතින බවට සැකයක් ඇත. ICIMOD හි දේශගුණ හා පාරිසරික අවදානම් අංශ ප්‍රධානී චියාන්ගොං චාං (Qianggong Zhang) පැවසුවේ ලෙන්දේ ඛෝලා හි අයිස් හිමකුණාටය ආරම්භක හේතුව ලෙස සැක කෙරෙන නමුත් හේතුව තවමත් සම්පූර්ණයෙන් තහවුරු නොවූ බවත්, නේපාල–චීන දේශසීමාවේ ඉහළින් තවමත් අවහිරතාවක් රැඳී ඇති බවත්ය.

එබැවින් දෙවන ගංවතුරක් ඇතිවීමේ අවදානමක් ඇති අතර ජිලොං/ගිරොං වරාය සඳහා ඉවත්වීමේ නියෝග නිකුත් වී තිබේ.

විද්‍යාත්මකව මෙහි තේරුම මෙයයි. පළමු පිපිරීමෙන් පසුත් ඉහළ නිම්නයේ අයිස් සහ පාෂාණ කොටස් ගඟේ පටු ස්ථානයක රැඳී තිබිය හැකිය. එවිට නැවත ජලය රැස්වී නව නායයෑම් වේල්ලක් සෑදිය හැකිය. එම වේල්ලේ ප්‍රමාණය, පිහිටීම සහ ස්ථායිතාව තීරණය නොකරන තුරු, පහළ ජනාවාසවලට දෙවන පහරක් එල්ල විය හැකිය.

ICIMOD (ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය) පැවසුවේ බලධාරීන් සහ විශේෂඥයන් මේ තුනම තවදුරටත් ඇගයීමට ලක් කරමින් සිටින බවය. චීන මාධ්‍ය වාර්තාවලට අනුව ගිරොං ඉහළින් තවමත් බැඳී ඇති විලක අවදානම ගැනත් අවධානය යොමු වී ඇත.

මේ නිසා නේපාල බලධාරීන් ට්‍රිෂුලි, භෝටේ කෝෂි සහ නාරායණී ඉවුරුවලින් ඉවත්ව සිටින ලෙස ජනතාවට අනතුරු ඇඟවා ඇත.

දේශගුණය සහ “දෘශ්‍යමාන වන” ක්‍රයෝස්ෆියර් අනතුරු

ICIMOD (ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය) හි ජ්‍යෙෂ්ඨ ක්‍රයෝස්ෆියර් විශේෂඥ මොහොමඩ් ෆාරූක් අසම් පෙන්වා දුන්නේ හිමාලයේ ක්‍රයෝස්ෆියර් අනතුරු (හිම සහ අයිස් පවතින කලාපවල සිදුවන හදිසි හෝ කැපී පෙනෙන ස්වභාවික වෙනස්වීම්, දියවීම් හෝ අනතුරුදායක ක්‍රියාවලීන්) වාර ගණන සහ තීව්‍රතාව දැන් පැහැදිලිව පෙනෙන බවය.

“වෙනස්වීමේ වේගය ඉතා ඉහළ නිසා අපගේ වත්මන් උත්සාහයන් ඊට ඔරොත්තු දීමට අපහසු වෙමින් පවතිනවා. ලෙන්දේ ඛෝලා හි අද ව්‍යසනය දේශසීමා හරහා යන අනතුරුවලට රජයන් එක්ව ප්‍රතිචාර දැක්විය යුතු බවට තවත් හේතුවක්.” ඔහු අමතරව සඳහන් කළේ මෝසම් කාලයේ පස සහ ගංගා දැනටමත් ජලයෙන් පිරී තිබූ නිසා විනාශය තවත් තීව්‍ර වූ බවය.

හින්දුකුෂ්–හිමාලයේ ග්ලැසියර පසුගිය දශකයේ ඊට පෙර දශකයට වඩා සියයට 65ක් වේගයෙන් දියවුණු බව ICIMOD ඇතුළු ආයතන වාර්තා කර තිබේ. ග්ලැසියර දියවීම, අස්ථායී අයිස් බිත්ති, ග්ලැසියර විල් වැඩිවීම සහ නායයෑම් සඳහා සූදානම් පස්–පාෂාණ එකට එකතු වූ විට, එක සිදුවීමක් තවත් සිදුවීමක් අවුලුවයි. විද්‍යාඥයන් මෙය cascading hazard (දාම අනතුර) ලෙස හඳුන්වති.

ග්ලැසියර කඩා වැටීම → නායයෑම් වේල්ල → හදිසි ගංවතුර → පහළ නායයෑම් සහ යටිතල පහසුකම් බිඳවැටීම යන අනුපිළිවෙල මෙහි දක්නට ලැබේ.

වැදගත් සීමාවක් ද තිබේ. මේ ලියන අවස්ථාවේදී ග්ලැසියර විලක් නිර්මාණය කරමින් සැකසුන අවහිරතා වේල්ල බිඳවැටීමක් (GLOF) ද සමගාමීව සිදු වූවාද යන්න සම්පූර්ණයෙන් තහවුරු වී නැත. USGS (එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය) සහ බොහෝ විශේෂඥයන් ප්‍රධාන හේතුව ලෙස ග්ලැසියර/අයිස්–පාෂාණ කඩා වැටීම සහ ඉන්පසු ගඟ අවහිර වී බිඳ වැටීම දක්වති. අවසාන හේතු විභාගයට තවත් චන්ද්‍රිකා කාලානුරූප රූප, ක්ෂේත්‍ර පරීක්ෂණ සහ චීන–නේපාල දෙපස දත්ත හුවමාරුව අවශ්‍ය වේ.

දේශසීමා හරහා යන අවදානම සහ අනාගතය

මෙම ගංගා පද්ධතිය ටිබෙට්හි උපත ලබා නේපාලය හරහා ඉන්දියාවට ගලා යයි. එබැවින් අනතුරු ඇඟවීම් පද්ධතියක් එක් රටකට පමණක් සීමා කළ නොහැක. ICIMOD අධ්‍යක්ෂ ජනරාල් පෙමා ග්‍යම්ත්ෂෝ නේපාල ජනතාව සමඟ සහයෝගය පළ කරමින්, මධ්‍යස්ථානය ඇගයීම් සහ සහාය සඳහා සූදානම් බව පැවසීය.

විශේෂඥයන් ඉල්ලා සිටින්නේ:

• ඉහළ නිම්නවල ග්ලැසියර සහ නායයෑම් සඳහා තත්‍ය කාලීන චන්ද්‍රිකා සහ භූකම්පන නිරීක්ෂණය

• දේශසීමා හරහා ජල මට්ටම් සහ අවහිරතා පිළිබඳ දත්ත හුවමාරුව

• පහළ ජනාවාස සඳහා පැය ගණනකට පෙර අනතුරු ඇඟවීම්

• ට්‍රිෂුලි වැනි පටු නිම්නවල ජලවිදුලි සහ නිවාස සැලසුම් නැවත සමාලෝචනය යන කරුණුය

ශ්‍රී ලාංකික පාඨකයන්ට මෙයින් ගත හැකි පාඩම පැහැදිලිය. හිමාලයේ ජලය දකුණු ආසියාවේ ගංගා බොහොමයක මූලාශ්‍රයයි. එහි ග්ලැසියර අස්ථායී වීම දේශීය නේපාල–ටිබෙට් ව්‍යසනයකට පමණක් සීමා නොවේ. එය කලාපීය ජල සුරක්ෂිතතාව, බලශක්තිය සහ ආපදා සූදානම පිළිබඳ ප්‍රශ්න කරයි.

මේ වන විට විද්‍යාත්මක තත්ත්වය සාරාංශ කළ හැක්කේ මෙසේය.

• පළමු ගංවතුර ඇති වූයේ ප්‍රධාන වශයෙන් අයිස්–පාෂාණ හිමකුණාටයක් ලෙන්දේ ඛෝලා අවහිර කර තාවකාලික වේල්ලක් සාදා එය බිඳ වැටීමෙනි. භූමිකම්පාවක් සිදු නොවීය.

• ඉහළින් තවමත් අවහිරතාවක් රැඳී තිබිය හැකි නිසා දෙවන ගංවතුරේ අවදානම අවසන් වී නැත. එම අවහිරතාවේ ප්‍රමාණය, පිහිටීම සහ ස්ථායිතාව පිළිබඳ ICIMOD සහ දෙරටේ බලධාරීන්ගේ තවදුරටත් ඇගයීම් මත ඊළඟ පැය සහ දින කිහිපයේ ආරක්ෂාව රඳා පවතී.

බෙදී ඇණකොටා ගැනීම හෝ අනෙක් යට කර මහන්තත්තය පෙන්වීමට වඩා ඉහළින් සිට මනුෂ්‍ය වර්ගයා ලෙස මුහුණ දී බේරාගත යුතු අභියෝගයක් සොබා දහම විසින් නිර්මාණය කර ඇති අයුරු අවධාරණය කරමු.