LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

සොනාල් සහ පසිඳු ලංකාවේ ක්‍රිකට්වලට කතා කළ හැටි...

ලන්ච් එකට කලින් ඉවරවෙන මැච් එකක් ගැන අපි සිතා සිටියෙමු. එහෙත් පස්වැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 9 කට ලකුණු 429 ක් රැස් කරමින් තරගය ජය පරාජයෙන් තොරව බේරා ගැනීමට සමත් විය

LSN Sri Lanka · 27 August 2026

සොනාල් සහ පසිඳු ලංකාවේ ක්‍රිකට්වලට කතා කළ හැටි...

ශ්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරතාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්ය. පට්ට පලු යන්න පරදිනු ඇතැයි හිත හදාගෙන සිටි ක්‍රීඩා ලෝලියෙක් වශයෙන් මේ වග ලියා තැබිය යුතුම වන්නේය. එය ඓතිහාසික පරාජයෙන් බේරීමකි.

මේ තරගය ආරම්භ කරනවිට අපි ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 165 කින් පැරදී සිටියේය. එස්එස්සී ක්‍රීඩාංගනයේ පැවති මේ දෙවැනි ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිළ කඩුළු 09කට ලකුණු 503ක් ලබාගෙන ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290කට දවාගෙන සිටියේය. ඊයේ තරගය නිමා කරන විට ලකුණු 229කට කඩුළු 06කි. ලන්ච් එකට කලින් ඉවරවෙන මැච් එකක් ගැන අපි සිතා සිටියෙමු.

එහෙත් පස්වැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 9 කට ලකුණු 429 ක් රැස් කරමින් තරගය ජය පරාජයෙන් තොරව බේරා ගැනීමට සමත් විය.

ඉන්දීය පළමු ඉනිම: 503/9

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ශුභ්මන් ගිල් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඉන්දීය ඉනිම ශක්තිමත් කළ දේවදත් පදික්කල් (ලකුණු 117, පන්දු 193) සහ ධ්‍රුව් ජුරේල් (නොදැවී 115, පන්දු 177) විශිෂ්ට ශතක ලබා ගැනීමට සමත් වූහ. ඊට අමතරව රිෂබ් පාන්ට් ලකුණු 63 ක්ද, ශුභ්මන් ගිල් ලකුණු 50 ක්ද, යෂස්වි ජයස්වාල් ලකුණු 45 ක්ද සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 43 ක්ද රැස් කළහ. ඕවර 138 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 503 ක් ලබා සිටියදී ඉන්දියාව සිය පළමු ඉනිමේ නිමාව ප්‍රකාශයට පත් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවේ ආසිත ප්‍රනාන්දු ලකුණු 106 කට කඩුලු 4 ක් දවාගනිමින් යහපත් දක්ෂතාවයක් දැක්වූ අතර, ප්‍රභාත් ජයසූරිය (2/132) සහ කේශර නුවන්ත (2/154) කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා පළමු ඉනිම: 290

ලකුණු 503ක දැවැන්ත අභියෝගයක් සමග පිළිතුරු පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිලට ආරම්භයේදීම බිඳී ගියේය. ලහිරු උදාර දැවී යන්නේ එක් ලකුණකටය. කමිල් මිෂාර ලකුණු 19කි. කෙසේ වෙතත්, මැදපෙළ පිතිකරු සොනාල් දිනුෂ මෙම තරගාවලියේ තමන් ලබාගත් දෙවැනි ශතකය (ලකුණු 103, පන්දු 162) වාර්තා කරමින් ඉනිම ගොඩනැගීමට නායකත්වය දුන්නේය. පසිඳු සූරියබණ්ඩාර ලකුණු 80ක් සහිතව ශතකය දකිමින් දැවී ගියේය. කමින්දු මෙන්ඩිස් ලකුණු 32 ක් ලැබුවේය ශ්‍රී ලංකා පළමු ඉනිම ඕවර 89.4 කදී ලකුණු 290 කට සීමා විය. දෙවැනි ඉනිම මේ තරමින්වත් නැවතුනේ සොනාල් සහ පසිඳු නිසා බව ලියා තැබිය යුතුය.

ඉන්දීය පිල වෙනුවෙන් ප්‍රසිද් ක්‍රිෂ්ණ ලකුණු 52 කට කඩුලු 3 ක්ද, මානව් සුතාර් ලකුණු 85 කට කඩුලු 3 ක්ද දවාගත්හ. ඉන්දියාවට ලකුණු 213 ක ඉදිරියක් ලැබුණු අතර ඔවුන් ශ්‍රී ලංකාවට නැවත පිතිකරණයේ යෙදීම සඳහා ඇරයුම් කිරීමට තීරණය කළේය.

ආශ්චර්යමය දෙවැනි ඉනිම සහ සොනාල් දිනුෂගේ අසිරිමත් ප්‍රතිරෝධය

පළමු ඉනිමේදී ලකුණු 213 ක දැවැන්ත පසුබෑමකට ලක්ව ඉන්දීය නායකයාගේ ඇරයුමෙන් නැවත පන්දුවට පහර දිමට පැමිණ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා කළ සටනක අප යෙදී සිටියේ. එවැනි පසුබිමක දීත් ආරම්භක පිතිකරු ලහිරු උදාර නැවතත් දැවී යන්නේ ලකුණු 03කට ය. ඒ මුලු ලකුණු සංඛ්‍යාව 05ක්ව තිබිය දී ය.

සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ කමිල් මිෂාර පන්දු 39ක් තුළ සිය එක්දින රිද්මයෙන් රැස් කර ලකුනු 32 ටෙස්ට් තරගයකට ගැලපුනේ නැති බවත් කිව යුතුය. ටෙස්ට් තරගයක පිතිකරුවෙක් සතුවිය යුතු ඉවසීම සහ සංයමය කමිල් මිෂාරගෙන් දුටුවේ නැත. ඔහු ලකුණු 32 දැවී යනවිට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 63කි.

කෙසේ වෙතත් තුන්වන කඩුල්ල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් පසිඳු සූරියබණ්ඩාර සමග එක් වී විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. එම සම්බන්ධතාවය ලකුණු 115කි. තුන්වන කඩුල්ල ලෙස කමිඳු දැවී යන්නේ ලකුණු 55ක් ලබාගෙන සිටියදි ය. ඒ වනවිට මුලු ලකුණු ප්‍රමාණය ලකුණු 178කි. ඉන් පසු පිටියට පැමිණි ක්‍රීඩාවටම නාකි වූ බව අප විශ්වාස කරන ධනංජය ද සිල්වා සහ අවුරුදු තුනකින් පසු හොඳම “ග්ලව් වර්ක්“ එක ඇති නිසා ධනංජය විසින් පුහුණුකරුවන් සමග කතා කර තෝරා ගත් බව කී නිරෝෂන් දික්වැල්ල තරගය වික්කේය.

කඩුලු රකින්නෙක් ටෙස්ට් කණ්ඩායමකට තෝරා ගන්නේ උගේ ග්ලව් වර්ක් එක නිසා විතරක් නොවේ. පිතිකරණයේ තිබිය යුතු බලාපොරොත්තු සහගත පරිචය නිසාය. නිරෝෂන් දික්වැල්ල පළමු ඉනිමේ ලකුණු නොලබා දැවී ගියේය. දෙවැනි ඉනිමේ දී ලකුණු 03කට දැවී ගියේය.

පසිඳු සූරියබණ්ඩාර ලකුණු 92කට දැවී ගිය අවස්ථාවේ දී පසිඳුගේ වගකීම තමන් වෙත පවරා ගත යුතු නායක ධනංජය ද සිල්වා ගොබ්බයෙක් ලෙස දැවී යනවිට ඔහු ලබාගෙන සිටියේ ලකුණු 23කි. ලකුණු 218ක් වනවිට කඩුළු 6ක් ලෙස ලකුණු පුවරුව දැක්වුනේය. අප බලාපොරොත්තු වූයේ පරාජයක බිහිසුනු කමකි. ඉනිම බේරී ලකුණු 05ක් පමණක් අප ඉදිරියෙන් සිටියේය.

සිව්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 6 කට ලකුණු 229 ක් ලබා ඉන්දියාවට වඩා ලකුණු 16 ක් පමණක් ඉදිරියෙන් සිටියේය. පස්වන දිනය තුළ ඉන්දියානු කණ්ඩායමට ලබා ගත යුත්තේ කඩුළු 04කි. ඉන් දෙකක් පහසු යැයි සිතෙන පසුපෙළ කඩුළුය.

පළමු තරගයේ ශතකයක් ලබා සිටි සොනාල් දිනූෂ ලකුණු 07ක් සහ කේශර නුවන්ත ලකුණු 03ක් සහිතව කඩුල්ලේ සිටියේය.

පස්වැනි සහ අවසන් දිනයේදී තරගයේ මුල් අර්ධය බලාපොරොත්තු නොවූ ආවරණයක් සපයමින් කේෂර නුවන්ත සහ සොනාල් දිනූෂ විශිෂ්ට පිතිකරණයක යෙදුනහ. සොනාල් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර සිටියේය. ඔහු ලකුණු 55කි. කේශර නුවන්ත අර්ධ ශතකය ආසන්නයේ ලකුණු 46ක් ලබා සිටියේය.

එහෙත් දිවා ආහාරයෙන් පසු තරගය යළිත් ඉන්දියාව පැත්තට දෝලනය වන්නේ කේශර නුවන්ත ලකුණු 46කට සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 02කට දැවී යෑමත් සමගය. කේෂර නුවන්ත ලකුණු 46කට දැවී යන විට සොනාල් සහ කේෂර අතර ඇති වී තිබුණු සම්බබ්ධය ලකුණු 102කි. අනතුරුව මේ තරගයේ ශතකලාභීන් තරම්ම වැදගත් ක්‍රීඩාවක ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු යෙදුනේය.

අසිත ප්‍රනාන්දු තරගාවලියේම නොදැවුන ක්‍රීඩකයා ලෙස සිටියේය. තරගය තේ පානයට නිමා වනවිට ලහිරු ලබා සිටියේ ලකුණු 02ක් පමණි. සොනාල් ලකුණු 98කි. එහෙත් ලහිරු කුමාර ලකුණු 2ක් ලබාගන්නේ පන්දු 56කට මුහණ දී සිය අන්තය රැකගෙන සොනාල්ව ආරක්ෂා කරගනිමිනි.

අවසානයේ ලහිරු දැවී යන්නේය . ඔහු ලබා ගත්තේ ලකුණු 12කි. නමුත් ඔහු පන්දු 90කට මුහුණ දෙමින් සිය අන්තය ආරක්ෂා කරගත්තා පමණක් නොව සොනාල්ට ශතකය කරා එන්නට අවශ්‍ය මාර්ගය සකස් කර දුන්නේය. අසිත ප්‍රනාන්දුත් එසේය. අසිත එක ලකුණක් හෝ ලබා ගත්තේ නැත. නමුත් ඔහු නොදැවි පන්දු 24ක් ක්‍රීඩා කර සොනාල් වෙනුවෙන් අන්තය රැකගත්තේය.

සොනාල් දිනූෂ

මේ නම් අසිරිමත් පිතිකරුවෙක් බව ලියා තැබිය යුතුය. තරගයේ ඉනිම දෙකේදීම ශතක ලද සොනාල් දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 133ක් රැස් කරගෙන සිටියේය. අතිශය වැදගත් වන්නේ මේ ඉනිම තුළම ඔහු තමන්ව දවා ගැනීම සඳහා එකම අවස්ථාවක්වත් ඉන්දීය ක්‍රීඩකයින් වෙත ලබා නොදීමය. තරග දෙකකින් යුතු තරගාවලියේ දී සොනාල් ශතක තුනක් ලැබුවේය. මෙවැනි දස්කමක් සිදුකළ ලංකාවේ තුන්වැනි ක්‍රීඩකයා සොනාල් ය. සොනාල් ඉනිම හතරේ දි ලකුණු 391ක් රැස් කළේය.

අවසානයේ තරගය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී ලකුණු 429 ක් ලබා ඉන්දියාවට වඩා ලකුණු 216 ක් ඉදිරියෙන් සිටියේය.

ඔහු තරම්ම අසිරියක් පසිඳු සූරියබණ්ඩාර පෙන්නුවේය. පසිඳු මුල් ඉනිමේ ලකුණු 80කි. දෙවැනි ඉනිමේ ලකුණු 92කි. පසිඳු සූරියබණ්ඩාර කණ්ඩායමට එන්නේ දිනේෂ් චන්දිමාල් හදිසියේ ආබාධයකට ලක්වීම නිසාය. සොනාල්ට අවස්ථාව ලැබෙන්නේ ඔහු බිඳ දැමීමට නොහැකි තරම් විශිෂ්ඨත්වයක් කාලයක් තිස්සේ පෙන්නූ නිසාය. කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංකගේ අඩුව තුලනය කිරීම සඳහා කැඳවූ සංයුතිය ද ඊට බලපෑවේය.

අප තේරුම් ගත යුත්තේ දිගින් දිගටම අසමත්වන ජ්‍යෙෂ්ඨයන්යැයි කියාගන්නා පිරිස් වෙනුවට විශ්වාසයෙන් කැඳවිය හැකි තරුණ පෙළක් නිර්මාණය වී ඇති බවය. පරාජයෙන් බේරීමේ ඓතිහාසික සටන මේ තරුණයින්ගේ අත් නොහරින අධිශ්ඨානයේ ප්‍රකාශනයක් වූ බව ලියා තැබිය යුතුය.