අගවිනිසුරට හෝ නීතිඥ සංගමයට එල්ල කරන පුද්ගලික මඩ ප්‍රහාරවලින්වෙන හානිය නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධනය" නමින් නම් කර ඇති පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා වන්නේ 2026 දෙසැම්බර් මස 01 වැනිදා විශ්‍රාම යන අගවිනිසුරු බැවින් ව්‍යවස්ථා සංශෝධනය අග විනිසුරු ඉලක්ක කරගත් එකක් බවට වූ ප්‍රබල මතයක් සමාජය තුළ ඇති වී තිබෙන බවය. මේ ප්‍රහාර එල්ල වන්නේ ඒ නිසා බවත් සංගමය කියයි.
LSN Sri Lanka ·

මෑත කාලයේදී අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු අධිකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙකුත් චෝදනා එල්ල වූ බවත්. තහවුරු නොකළ චෝදනා මත පදනම්වූ පුද්ගලික මඩ ප්‍රහාර එල්ල කර අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ නොදැමිය යුතු බවත් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධනය" නමින් නම් කර ඇති පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා වන්නේ 2026 දෙසැම්බර් මස 01 වැනිදා විශ්‍රාම යන අගවිනිසුරු බැවින් ව්‍යවස්ථා සංශෝධනය අග විනිසුරු ඉලක්ක කරගත් එකක් බවට වූ ප්‍රබල මතයක් සමාජය තුළ ඇති වී තිබෙන බවය. මේ ප්‍රහාර එල්ල වන්නේ ඒ නිසා බවත් සංගමය කියයි.

කෙසේ වෙතත් අධිකරණය නීත්‍යානුකූල විමර්ශනයට සහ වගවීමට යටත් විය යුතු නමුත්, විනිසුරුවරයෙකුට එරෙහිව යම් චෝදනාවක් ඇත්නම් එය ව්‍යවස්ථාපිත හා පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටීන්ට අනුකූලව වෛෂයිකව විමර්ශනය කළ යුතු බව නිවේදනයේ දැක්වේ.

එම සංගමය පවසන්නේ නීතිඥ සංගමය ද පදනම් විරහිත ප්‍රහාරවලට ලක්වන බවත්,තහවුරු නොකළ චෝදනා මත පදනම් වූ පුද්ගලික ප්‍රහාර මගින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින ජනප්‍රිය විශ්වාසය බිඳ වැටෙන බවත්ය.

එමෙන්ම සංගමය අවධාරණය කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය කිසිදු පුද්ගලයෙකු නීත්‍යානුකූල විමර්ශනයෙන් හෝ වගවීමෙන් ආරක්ෂා කිරීමට යොදා නොගන්නා බවය.

එබැවින් අධිකරණයේ කාර්යභාරයට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට ගරු කරන ලෙසත්, යම් ගැටලුවක් මතු වන්නේ නම් එය ව්‍යවස්ථාපිත ක්‍රියාපටිපාටිය ඔස්සේ විසඳා ගන්නා ලෙසත් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනය පහත දැක්වේ.